Featured

කාත්තන්කුඩි ගැටුම පසුපස ISISත්‍රස්තවාදීන්…ISIS ගැන අප කල අනාවරණයන් ඇත්ත වෙයි..

පසුගිය සිකුරාදා දිනයේ ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුම පසුපස ISIS හිතවාදීන් සිටින බව පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානය අනාවරණය කර සිටි.අදාළ ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ගැටුම් ඇතිකරගත් ඉස්‌ලාමීය පාර්ශ්ව දෙකෙන් එක්‌ පාර්ශ්වයක්‌ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය දෙන කණ්‌ඩායමක්‌ බව ශ්‍රී ලංකා පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානය තහවුරු කර සිටි.

මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාව සම්බන්ධයෙන් රජය හා ආරක්‍ෂක අංශ දැඩි පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමිය යුතු බවද පැවසූ හෙතෙම අන් රටවලින් මුදල් ගෙන ඉස්‌ලාම් ආගම වපුරන මුවාවෙන් ත්‍රස්‌තවාදය අන්තවාදය හා වෛරය වපුරමින් සිටින ඉස්‌ලාම් කණ්‌ඩායම් එකිනෙකා සමඟ ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර ගනිමින් සිටින තත්ත්වයට පත්ව ඇතැයිද කීය. කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වන පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාවට සම්බන්ධ එක්‌ පාර්ශ්වයක්‌ ප්‍රසිද්ධියේ අයිසීස්‌ සංවිධානයට සහාය දෙන බවද ඔවුන්ගේ දේශනා හා මතවාද නිසා කාත්තක්‌කුඩි පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයිද එම සංවිධානය පෙන්වා දෙනවා.

ලංකාවේ ISIS ත්‍රස්තවාදී සිටින බවත් ඔහුන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි සාක්ෂිද සහිතව අප අනාවරණයක් කල නමුත් අප වෙබ් අඩවිය තහනම් කර එම තොරතුරු ජනතාව අතරට යැම වැලැක්වීමට අමන උත්සහයක් ගැනිම විනා අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම් සංවිධාන තහනම් කිරිමට හෝ ඒවාට එරෙහිව බුද්ධි අංශ මෙහෙයවිමට යහපාලනය අසමත් වු බව අමතුවෙන් කිවයුතු නෑ….

අයි. එස්‌. අයි. එස්‌. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්‍රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණයන් ඊයේ පාර්ලිමේන්තුවේදි හොරාගේ අම්මාගේන් පෙන අසන්නා සේ පාර්ලි‌මේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අප Lankanewsweb.today වෙබ් අඩවියේ නම පවසමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් උත්සහ කලේ අප කල අනාවරණය අසත්‍යක් බව ජනතාව හමුවේ පෙන්විමටයි.

පහත අප විසින් ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් කල අනාවරණයන් සියල්ලම පහලෛන් ඔබට කියවිමට හැක

අයි. එස්‌. අයි. එස්‌. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේ.

කියවන්න – ISIS සමග ඇමතිවරුන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයන් රැසක්! බුද්ධී අංශ වාර්තාවේන් ඇත්ත හංගයි

අයි. එස්‌. අයි. එස්‌. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්‍රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණයන් ඊයේ පාර්ලිමේන්තුවේදි හොරාගේ අම්මාගේන් පෙන අසන්නා සේ පාර්ලි‌මේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අප Lankanewsweb.today වෙබ් අඩවියේ නම පවසමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර සිටියා.

කියවන්න –Lankanewsweb.today කල ISIS අනාවරණය පාර්ලිමේන්තුව කළඹයි(Video)

පසුගිය දින 90ක කාලය තුල එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකරකම් සීඝ්‍රයෙන් වර්ධණය වි ඇති බව හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් හරහා අවධාරණයට කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.මීට දින 10කට පෙර පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්විමේදි මේ සම්බන්ධයෙන් අවධාරණය කර ඇති අතර උතුරේ සහ නැගෙනහිර සිද්ධින් මාලාවක් සම්බන්ධයෙන් මෙම වාර්තාව හරහා අවධාරණය කර තිබේ.

කියවන්න-ISIS ත්‍රස්තයෙකු යාපනයේදි කොටි නායකයන් හමුවෙලා-දින 90ක් තුල කොටි ක්‍රියාකාරකම් ඉහලට

ISIS ත්‍රස්තවාදී සංවිධානයෙ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු මිට දින 3කට පෙර ලංකාවට පැමිණ ඇති බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර තිබේ.සිරියාවේ Al Nabak නැමති ප්‍රදේශයේ ප්‍රබල ක්‍රියාකාරි නායකයෙකුව සිට පසුව ලෙබනනය හරහා පාකිස්ථානයට පැනවිත් ඇති අල්-බුසර් අල්-දිවා නැමත්තා මේ අකාරයට ලංකාවට පැමිණ ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

කියවන්න –ISIS මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු ලංකාවට-ප්‍රභූ ඝාතනයක් අතලග

ISIS ත්‍රස්තවාදී සංවිධානයෙ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු පසුගියදා ලංකාවට පැමිණි බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු ජුනි 8 වැනිදා කළ අනාවරණය සම්බන්ධයෙන් වු පිටපතක් ආරක්ෂක මණ්ඩලයට යොමුකිරිමට කටයුතු කර එති බවත් දින 3ක් ඇතුලත් ඒ සම්බන්ධයෙන් වහාම තමන්ට නිශ්චිත තොරතුරක් අවශ්‍ය බවත් ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

කියවන්න –ඩකා ප්‍රහාරයෙන් ආරක්ෂක ඇමතිට වලිප්පුව හැදේ,ලංකාවට පැමිණි ISIS ත්‍රස්තවාදීයා ගැන වාර්තාවක් ඉල්ලයි

ISIS ත්‍රස්තයෙකු යාපනයේදි කොටි නායකයන් හමුවෙලා-දින 90ක් තුල කොටි ක්‍රියාකාරකම් ඉහලට යනුවෙන් 2016 මැයි 05 වැනිදා අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු කල අනාවරණය තවදුරටත් තහවුරු වි තිබේ. ඒ යාපනයේ සිට පැමිණි අයිසීස්‌ ක්‍රියාකාරිකයා මුම්බායි පොලිස්‌ දැලේ යනුවෙන් අද දිවයින පුවත් පතේ කීර්ති වර්ණකුලසූරිය කර තිබේන අනාවරණය අනුවයි

කියවන්න – යාපනයට ආ ISIS ගැන අපි එදා කී ඇත්ත මෙන්න-ISIS කාරයා මුම්බායි පොලිස්‌ දැලේ

ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ  LNW  ඔත්තු සේවා අනාවරණය කර තිබේ.

කියවන්න –Exclusive:ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි

රට තුල මුස්ලිම් අන්තවාදයක් පමණක් නොව ත්‍රස්තවාදයක් ද ඇති බවත් ISIS ත්‍රස්තවාදයට පවා එය සම්බන්ද බව බොදු බල සේනා සංවිධානය අනාවරණය කර ඇති අතර කොළඹ නගරය තුල මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බව නව රජයේ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට ප්‍රසිද්ධියේ පිළිගැනීමට සිදු වීම දෛවයේ සරදමක් බවත් “දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුම් ඇති කරන්න හදනවා” වහාම් පරික්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යවමින් බොදු බල සේනා සංවිධානය පවසයි.

කියවන්න –දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි, ජාතිවාදී ගැටුමකට සුදානම්-ISIS සම්බන්ධයකුත්!(Video)

 

 

Top