Featured

සිරිසේන….. සිරිසේන… ශ්‍රිලනිප 41 ගෝල්ෆේස් යනවා පුලුවන්නම් නවත්තපන්

තම කණ්ඩායමට කුමන තර්ජන එල්ල වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන 41 දෙනකුගෙන් යුත් කණ්ඩායම ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මැයි දින රැලියට සහභාගි වන බව ඒකාබද්ධයේ එහි කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයට මැයි දිනය සැමරීම සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදුන්නේ අභියෝගයක් ලෙස බවත් එම අභියෝගයට මුහුණ දී ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගෝල්ෆේස් පිටියට ගෙන එන බවට ඇති වූ බිය නිසා මෙසේ දැඩි තීරණ ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බවත් ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පවත්වන මැයි දින රැළියට සහභාගි නොවන ජනතා නියෝජිතයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රැස්වූ එහි මධ්‍යම කාරක සභාව තීරණය කර තිබිණි.මෙම මැයි රැළියට සහභාගි වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය තමාට දැනුම් දී නැති බවද ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති විරෝධයක් නොව වත්මන් රජය සම්බන්ධයෙන් පවතින විරෝධයක් බවත් මෙම ආණ්ඩුව ගෙදර යවන තෙක් ආරම්භ කළ සටන ඉදිරියට ගෙන යන බවත් ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවැසීය.

Top