LNN SPY

LIOC බාල් තෙල් නැව තවමත් ත්‍රී/මලේ …සියයට 20ක් තියන් බලපෑම් කරනවා …ඔක්කෝම දුන්නොත් අපිට කෙලවයි…!

ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩබෑමේ උත්සාහයක නිරත වන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය සිය නිවේදනයක් හරහ පෙන්වා දෙනවා.

එම නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ නවතා තිබීම නිසා මෙම සැකය මතුවන බවයි එම නිවේදනය හරහා පෙන්වා දෙන්නේ…

සියයට 20ක පමණ කොටසක් හිමි ලංකා ඉන්දියන් තෙල් සමාගම මෙලෙස බලපෑම් ඇති කරන්නේ නම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්පූර්ණයෙන්ම ඔවුන්ට ලබාදුනහොත් අනිටු පළවිපාක ඇති විය හැකි බවත්, මේ සියලූ කරුණු දක්වා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට තම සංගමය ලිපියක් යොමු කළ බවත් ඔහු සඳහන් කර තිබේ.

Top