LNN SPY

ඉන්දිය රෝ සංවිධාන සලීත කරමින්…ද්‍රවිධ සන්ධානය දෙකඩ වේ…..පාර්ලිමේන්තුවෙත් TNA මන්ත්‍රීවරුන් දෙකඩ වේ…

අවස්ථා ගණන්නාවකදි අසාර්ථක වු දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරිමේ මෙහෙයුම මෙවර සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව උතුරේ ආරංචි මාර්ග සදහන් කරනවා. එම අර්බුදය උග්‍ර කරමින් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ සූදානමක් පවතින බවද වාර්ත වේ.එම මෙහෙයුමෙන් පසුව් තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වාධීන විමටද සුදානමින් සිටි.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව පුළුල් සංවිධානයක් ගොඩනැංවීමේ මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබෙන අතර ඒ අනුව ඉදිරි පාළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව දේශපාලන සන්ධානය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් යන මහත්වරුන් ඇතුළු තවත් උතුරේ දේශපාලන පක්ෂ නායකයන් අතර මෙම නව දේශපාලන සන්ධානය ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ෆෙඩරල් පාලනයක් ලබාගැනීම, උතුර නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාගැනීම සදහා ආණ්ඩුවට බල කළ යුතු බවත් එසේ නොමැතිව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයෙන් ඉවත් විය යුතු බවත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය දැඩිව ප්‍රකාශ කරයි.

ඊළාම් රාජ්‍යක් අත්පත් කර ගැනිමේ ආසන්නයටම පැමිණ සිටින අවස්ථාවක ඒ සදහා නායකත්වය දෙමින් සිටින දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස නව පක්‍ෂයක් බිහිවිමේ අවධානමක් මතුව ඇති බවට ඉන්දිය බුද්ධි අංශ අනාවරණය හේතුවෙන් ඉන්දිය රජය උතුරු ප්‍රදේශයේ බරපතල ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත් විමක් සිදු කිරිමට තින්දුවක් ගෙන තිබේන බව අප පසුගියදා වාර්තා කළා.

http://198.211.112.164/archives/7416

Top