LNN SPY

වෙබ් මර්දණයට ජාත්‍යන්තර පොලිසිය -අරලියගහ මන්දිරයේ ඉදුල් කා පිං අගමැති ගොනාට අන්දවලා

බෙදුම්වාදීන් පරදා රට යලිත් එකිය රටක් ලෙස තබාගැනිමේ අරමුණින් අල්ලස් නොගෙන් සටන් වදින වෙබ් අඩවි පාලනය කිරිමට හෝ අදාල පුද්ගලයන් අත් අඩංගුවට ගැනිමට ලංකාවේ නීතිය ප්‍රමාණවත් නොමැති නම් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගන්නා ලෙස පසුගියදා අරලියගහ මන්දිරයේ ඉදුල් කන්නට ගිය වෙබ් මාධ්‍යවේදීන් යැයි කිය ගන්නා පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කර තිබෙන බව අගමැති කාර්යාල ප්‍රකාශකයෙකු අප විශේෂ වාර්තාකරු වෙකුට පවසා තිබේ.

පසුගිය රාජපක්ෂ සමයේ වෙබ් අඩවියක අන්තර්ජාල සර්වේ බිල ගෙවා ගැනිමට නොහැකි විම හේතුවෙන් වෙබ් අඩවියකට ඇතුල් විමට නොහැකි වූ විටද එය රාජපක්ෂලාගේ වෙබ් මර්දණය ලෙස කෑ ගසමින් මාධ්‍ය නිවේදන නිකුත් කරන මෙම සංවිධාන දැන් රාජිතලා…අයිසේ කියා මාධ්‍යට අමතන විටදි අවම තරමේ තමන්ගේ වෙබ් කැලී වල එය වාර්තාකරණයටවත් කිසිදු සැලකිල්ලක් දක්වා නෑ.

රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ කප්පම් ගන්නා වෙබ් අඩවි ආරක්ෂා කර ගැනිම සදහා වෙබ් අඩවි 4ක්5 එකතු කර ගනිමින් අටවා ගත් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් හා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පසුගිය (15) සවස අරලිය ගහමැදුරේදි පවත්වා තිබේ.මෙම සංවිධානය නියෝජනය කරන යහපාලනය ගොඩ නැගිමේ කුප්‍රකට චරිතයක්ව ක්‍රියාකරන රුවන් ප්‍රදිනන්දිස් සහභාගි වි නොමැති බවද වාර්තා වේ.

මේ අතර අගමැතිවරයාට හා එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථක භාවය පිළිබඳව දිගින් දිගටම හෙලිදරව් කරන වෙබ් අධවි සදාචාරාත්මක නැති බව පවසමින් පොලිස් මුලස්ථානයේ පැමිණිල්ලක් ගොනුකරන ලෙසට රනිල් වික්‍රමසිංහ වෙබ් මාධ්‍යවේදීන් යැයි කියාගත් කණ්ඩායමට පවසා ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස අදාළ මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිස පොලිස්පති එන්.කේ ඉලංගකොන් ඉට පසුදිනම (16) හමුවිමට කටයුතු යොදා දි තිබේ.

Top