LNN SPY

ෆ‍්‍රට් නෝට් කල්ලිය මැරයෝ වෙලා…..අගමැති ඇතුලූ හොර නඩය ආරක්‍ෂා කරන්නේ ජනපතී

අර්ජුන ඇලෝසියස්ගේ බැඳුම්කර මුදලින් යැපෙන ආණ්ඩුවේ හොර කල්ලිය සිය හොරකම් හෙළි දරවු වීම වැළැක්වීමට ඊයේ පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරුණු බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

කථානායකවරයා ආණ්ඩුව හා අගමැතිවරයා රැක ගැනීමේ නිර්ලැජ්ජිත උත්සාහයක නිරතව සිටින බව ඊයේ පාර්ලිමේන්තුවේදී නැවත තහවුරු වූ බව පෙන්වා දෙන රණතුංග මහතා කථානායකවරයා දිගින් දිගටම මෙලෙස පක්‍ෂග‍්‍රාහී ලෙස හැසිරෙන්නේ නම් පාර්ලිමේන්තුව තුල ඔහුගේ නියෝග නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අවධාරණය කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් උඩුගම්පලදී අද (11) කල විමසුමකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය.මහින්ද මහත්තයාට හොරා හොරා කිය කිය රටම රවටලා බලය ගත්ත ආණ්ඩුවේ මැති ඇමතිවරු ගජරාමෙට මහජන මුදල් හොරා කන බව දැන් රටටම ඔප්පු වෙලා ඉවරයි. මහ දවල් කරපු බැඳුම්කර මංකොල්ලෙට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාත්, යහපාලන ආණ්ඩුවේ ෆ‍්‍රට් නෝට් කල්ලියත් වගකියන්න ඕනෑ බව මේ වන විට තහවුරු වෙලා තියෙනවා. අගමැති ඇතුලූ හොර කඩය ආරක්‍ෂා කරන්න ජනාධිපතිවරයා ලැජ්ජා නැතිව කටයුතු කරමින් ඉන්න බව දැන් රටම දන්නවා.

බැඳුම්කර වාර්තාව ගැන විවාදයක් ඉල්ලපුවාම පාර්ලිමේන්තුව කැඳවලා අගමැතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කරලා ලිස්සලා යන්නයි ආණ්ඩුව හැදුවේ. ඒ වෙලාවේ කථානායකවරයා කළෙත් ආණ්ඩුවට පක්‍ෂපාතීවයි. ඒකට අපි විරෝධය පල කරනකොට බැඳුම්කර මුදල් වලින් යැපෙන එක්සත් ජාතික පක්‍ෂයේ ෆ‍්‍රට් නෝට් කල්ලිය මැරයෙක් වගේ අපිට ගහන්න පැන්නා. අපි කලේ මේ හොරු අපිට ගහන එක වළක්වා ගන්න ක‍්‍රියාමාර්ග ගත්ත එකයි.ආණ්ඩුව අද මේ රටම කෝලම් මඩුවක් බවට පත් කරලා ඉවරයි.

කථානායකවරයාගේ හැසිරීම ඒකපාර්ශවිකයි. තවදුරටත් කථානායකවරයා මේ විදියට කටයුතු කරනවා නම් පාර්ලිමේන්තුව තුල ඔහුගේ නියෝග පිළිපදිනවා දැයි අපිටත් නැවත සිතා බලන්න වෙනවා.

Top