LNN SPY

ජනපති -අගමැති තීරණාත්මක සාකච්ඡාවක … ආණ්ඩුව තියේනවාද? නැද්ද? තීන්දුව හෙට! කැබිනට් සංශෝධනයක් අතලග!

Published on: Oct 14, 2018 – සම්මුතිවාදී යහ පාලන ජාතික රජය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සමබන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) පැවැත්විමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අගමැතිවරයා ඉවත්කිරිමට ජනපති ප්‍රමුඛ ශ්‍රිලනිප කණ්ඩායම මහින්ද පිළ සමග සාකච්ඡා සිදුවන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සහ වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුද මෙන්ම ජාතික ආණ්ඩුවේ ඇමතිකම් බෙදීයාමේ විශමතාව පිළිබඳවද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

කෙසේවෙතත් මේ සාකච්ඡාවේදී පොදු එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය අසමත් වුණොත් දෙපාර්ශවයම අවසන් දේශපාලන තීන්දුවක් ගැනිමට කටයුතු කරනු ඇති බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එජාප මෙන්ම ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපකල විමසීම්වලදි දෙපාර්ශ්වයම සදහන් කර ඇත්තේ අමාත්‍යධුර සම්බන්ධයෙන් සහ ආර්ථික කටයුතු මෙහෙය විම සම්බන්ධයෙන් පමණක් හෙට දිනයෙ සාකච්ඡා වනු ඇති බවයි.

අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් වුවහොත් ඉදිරි දින් දෙකතුලදි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇත.එහිදි ජනාධිපතිවරයාට සමිප කිහිප දෙනෙකුගේ අමාත්‍යංශයන් වෙනස් වනු ඇති බවත් ඊට අමතරව රවී කරුණානායකට සහ 16 කල්ලිය පාවාදුන් දයාසිරි ජයසේකරට අමාත්‍යධුරයන් ලැබිමට ඉඩ් තිබේන බවද ඔහු අනාවරණය කර තිබේ.

Top