LNN SPY

විධායක උෂ්ණය හොදටම….. හිරූ හිමිකරු රේනෝට කුඩම්මාගේ සැලකිලි.. දුමින්දට නිදහස ඉල්ලා Campaign පටන් ගනි…

Published on: Nov 22, 2019- තම නිල නිවේදන නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (21) සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.මෙම නිවේදනයේ ඇති විශේෂත්වය නම් එම නිවේදනයට අත්සන් තබා ඇති ගෝඨාභය තමන් විධායක ජනපති බව ඇගවිමට ගෙන ඇති උත්සහයයි.

ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස් බුක් හා ට්විටර් ගිණුමේ මෙම නිවේදනය භාෂා තුනෙන්ම නිකුත් කර තිබුණේ අද පස්වරු වෙය.

මේ අතර පෙරේදා සිටම හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රේනෝ ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිමට ගත් උත්සහයන් සියල්ලම අසාර්ථක විම හේතුවෙන් රේනෝ මහත් කනස්සල්ලට පත්ව සිටින බව ඔහුගේ සමීපතමයේකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා තිබේ.ජනාධිපති මැතිවරණ සටන් පුරාම හීරූ මාධ්‍ය ජාලය රාජපක්ෂලා වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය නාලිකාවක් වුවද එම කාලය තුලදි දැක්වු යන්තම් සැලකිල්ලද මේ වනවිට රාජපක්ෂලාගෙන් නොලැබෙන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ සමයේ හිරූ ,දෙරණ නාලිකාව පවා අබිබවා යමින් සිය ප්‍රචාරක කටයුතු රාජපක්ෂලා වෙනුවෙන් ඉටුකල අතර ඊට ප්‍රධානතම හේතුව වි තිබුනේ දැනට මරණ දඩුවම ලබා සිටින රේනෝගේ සහෝදර දුමින්ද සිල්ව නිදහස් කර ගැනිම බව නොරහසකි.

මේ වනවිට දුමින්ද වෙනුවෙන් යුක්තිය ඉල්ලා මුදල් ගෙවා ලබාගත් පිරිසක් යොදවා විරෝධතා ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටින අතර පසුගිය කාලයේ කඩේ යැමට යොදවා ගත් හාමුදුරුවන් වහන්සේලා කිහිප දෙනෙකුටද ආරාධනාකර තිබේ.

Top