LNN SPY

දිලිත් රෑට රෑට රනිල්ගේ ගෙදර බඩගායි… “Politics ඉගෙන ගන්න නියම මිනිහා රනිල්” දිලිත් ගාල්ලෙන් ඡන්දෙට ..සහයට වජිර .. ඇමරිකානු,රුසියානු නියෝජිතයෝ විපක්ෂ නායක හමුනොවු හේතුව!

Published on: Jan 27, 2020- රැට රැට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසීමට යන මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විමෙන් අනතුරුව පැය 24ක් තුල රනිල් සමග දමාගත් ඩිල් පවත්වාගෙන යැමේ මුවාවෙන් රනිල්ගේ ගෙදර බඩගාන ඔහු දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවිරය. ලග එන මහා මැතිවරණයේදො ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට දිලිත් සුදානමින් සිටින අතර ඒ සදහා අවශ්‍ය උපදෙස් රනිල්ගෙන් ලබා ගැනිමට කටයුතු කරන බවයි රනිල්ගේ නිවසේදි දිලිත් හමුවු මිතුරෙකුට පවසා ඇත්තේ.

සතියකට වරක් පැවැත්වෙන දිලිත් රනිල් සාකච්ඡාවට ගාල්ලෙන් තරග කරන දිලිත් සහය ලබාදිම සදහා රනිල් රකින පිලේ සාගල රත්නායක සහ ගාල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක වජිර අබේවර්ධනද සහභාගි වන අතර සාකච්ඡා අතරතුර රනිල් -ගෝඨා සාකච්ඡා දිලිත්ගේ දුරකතනය හරහ සිදුවිමද විශේෂත්වයක්.

(මහින්ද කදවුරේ අප්‍රසන්න චරිතයක් බවට පත්ව සිටින අජිත් ප්‍රසන්න බන්ධනාගාර ගතකර සිටිමද මෙම මෙහෙයුමේ කොටසක්.ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවේ අපේක්ෂකය ලෙස ඉදිරිපත් විමට සිටි අයෙකි. )

සති ගණනක් පැවැති සාකච්ඡාවලදි ගෝඨාභය සහ රනිල් අතර සාකච්ඡා සම්බන්ධයෙන් දිලිත් සම්බන්ධීකරය කලද එම දුරකතන සංවාද වලදි රනිල් ගෝඨාභයට “ගෝඨා” ලෙස ඇමතිමත් ගෝඨාභය රනිල්ට “සර්” ලෙස ඇමතිමත් හේතුවෙන් අවුලට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් සිය මිතුරා සමග පවසා ඇත්තේ …  “ජනාධිපතිතුමාත් රනිල්ට සර් කියනවා …ඉතින් බං මට පාර්ලිමේන්තුවට යන්න Politics ඉගෙන ගන්න නියම මිනිහා රනිල් ” කියාය. ඒ නිසාම සතියකට වරක්,දෙවරක් ගිය දිලිත් දැන් දිනපතා මෙන් රනිල් හමුවිමට යැමට පටන් එන තිබේ.

මේ අතර ඇමරිකානු සහ රුසියානු ඉහල පෙළේ නියෝජිතයන් ලංකාවට පැමිණ ජනපති, අගමැති හමුවි සාකච්ඡා කල නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු නොවිම සම්බන්ධයෙන් රනිල් දිලිත් සමග පුරසාරම් දොඩවා ඇති අතර ගෝඨාභය චීනයෙන් ගලවා දැමිම සදහා මෙහෙයුම යටින් දියත් කලේ තමන් බවද පවසා තිබේ.

“රනිල්, සජිත්ව මහා මැතිවරණයේන් අන්ත පරාද කරනවා .. දෙවැනි පාරත් පැරදුනාම සජිත්ට පැවැත්මක් නෑ… “යනුවෙන් “රනිල් සර්” තමන් සමග පැවසු බවද දිලිත් පවසා තිබේ.

දිලිත් දිනපතා රනිල්ගේ ගේදර බඩගාන නිස එයින් රනිල්ට සහ ඔහුගේ සමීපතමයන්ට වාසී රැසක් අත්ව තිබේ.විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහට පක්ෂය අතුලෙන් මෙන්ම සිරිකොත ඇතුලෙන්ද තර්ජනය ඇති නිසා යැයි පවසමින් ආරක්ෂාව සදහා MSD ආරක්ෂක නිළධාරීන් 200ක් මෙන්ම පොලිස් නිළධාරින් 40ක් සිරිකොතේ මෙන්ම JSS හී ආරක්ෂාව සදහාද ලබාදි තිබේ.මේ වනවිට සිරිකොත එජාප මුලස්ථානයේ සේවය කරන නිළධාරීන්ට වඩා ආරක්ෂක නිළධාරීන් වැඩි බවයි එහි ගිය අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

මීට අමතරව ආරක්ෂක පරිවාර රථ 17ක් ද ගෝඨාභයගේ උපදෙස් මත ලබාදි ඇති අතර ඉන් 11 රනිල් වික්‍රමසිංහ සතුව ඇති අතර එම සංචිතයෙන් 3ක් සාගලටත්,අකිලට වාහන 1ක් සහ වජිරට 1ක්ද ලබාදිමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත් සතියට දිනක් දෙකක් පැමිණි දිලිත් දිනපතා රනිල් හමුවිමට පැමිණිම මේ වනවිට සාගලට නොරිස්සුම් දෙන කරුණක් බවට පත්ව ඇති අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ දෛනිකව සාගල – ගෝඨාභය අතර තිබු දුරකථන සංවාදය බිද වැටිම බවද වාර්තා වේ.

2019 ජුලි මස 19 වැනිදා කල අනාවරණය … පහතෛන් කියවන්න 

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


http://lankanewsnetwork.org/archives/20293

Top