LNN SPY

“දප්පු ……බබා…” මහාධිකරණයට අපහාස කරලා… විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිට බෑ… 111(2) (ආ) ව්‍යවස්ථාවට අනුව මහාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ විනය බලධරයා ජනාධිපතියි..

Published on: Jan 28, 2020- ජනාධිපතිවරයාගේ අධිකාරයක් හෝ අවසරයක් නොමැතිව විධායකය යටතේ සිටින කිසිම නිලධාරියෙකු හෝ තැනැත්තෙකුට විනිශ්චයකාරවරයන්ගේ විනය හෝ කාරණයක් සම්බන්ධව මැදිහත් වීමට හෝ ක්‍රියා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ111(2) (ආ) ව්‍යවස්ථාව මගින් වළක්වා ඇති බව දැන දැනම දප්පුලගේ ලීවේරා නීතිපතිවරයා කටයුතු කිරිම හේතුවෙන් ඔහු රටේ නීතියට අපහාස කර තිබේන බව මේ වනවිට තහවුරු වි තිබේ.

ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව පවසමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවකද් යෙදුන අතර නීතිපතිගේ කාර්යභාරය අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම පමණක්ව තිබියදි විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිගේ කාර්යභාරය නොවන බවයි නීතිඥවරුන් එහිදි පෙන්වා දුන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2) (ආ) ව්‍යවස්ථාව යටතේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරුන් ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකි අතර ජනාධිපතිවරයාගේ විනය පාලනයට ඔවුහු යටත්වේ.

එකී 111(2) (ආ) ව්‍යවස්ථාව පවතින්නේ විශේෂයෙන් මහාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ ස්වාධීනත්වය, පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව ආරක්ෂා කර දීමට වන අතරමහාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ විනය බලධරයා ජනාධිපති වේ.

ජනාධිපතිවරයාගේ අධිකාරයක් හෝ අවසරයක් නොමැතිව විධායකය යටතේ සිටින කිසිම නිලධාරියෙකු හෝ තැනැත්තෙකුට විනිශ්චයකාරවරයන්ගේ විනය හෝ කාරණයක් සම්බන්ධව මැදිහත් වීමට හෝ ක්‍රියා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) (ආ) ව්‍යවස්ථාව මගින් වළක්වා ඇත. නීතිපතිවරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙය නොදන්නවා විය නොහැකි වුවත්, නීතිපතිවරයා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරයකු අතඩංගුවට ගැනීමට පොලීසිය වෙත නියෝගයක් ලබා දි තිබේ.

මේ අකාරයට මහාධිකරණ විනිශ්චයකාරවරයන් සම්බන්ධව කටයුතු කිරීමට නීතිපතිවරයාට හැකියාව සහ බලය ලැබෙන්නේ ජනාධිපතිවරයා විසින් ඒ සදහා විශේෂ අධිකාරයක් හෝ විශේෂ නියෝගයක් නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇත්නම් පමණි. එසේ නියෝගයක් ලැබී ඇති අවස්ථාවක නීතිපතිවරයාට මහාධිකරණ විනිශ්චයකාරවරයන් සම්බන්ධව පොලීසිය මාර්ගයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලැබේ.

දප්පුල ලිවේරාගේ සහකාරිනී ජනාධිපති අතිරේක ලේකම් නිශාරා ජයරත්න නියම බඩ්ඩක් බවත් කලු සල්ලි නාලිකා සහ කුඩු නාලිකා වල වරප්‍රසාද වලට යටවි නීතිපතිවරයා සිය අල්ලේ නටවමින් සිටින බව අප පසුගියදා අනාවරණය කල අතර “දප්පු ……බබා…” නලවමින් රටේ නීතිය නැමිමට කටයුතු කල දප්පුල පමණක් නොව නිශාරාගේද තනතුරු සියල්ලම අහෝසී විය යුතු බව අප අවධාරණය කර සිටිමු.

මේ අතර ජනාධිපතිවරයාගේ  නිසි අධිකාරයක් හෝ අවසරයකින් තොරව නීතිපති දෙපාර්තමේන්තුවේ තනි අභිමතයටමහාධිකරණ විනිශ්චයකාරවරයකු සම්බන්ධව පොලීසිය වෙත යම් නියෝගයක් හෝ උපදෙසක් හෝ බලපෑමක්සිදුකර තිබේනම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වක් බවත්, මහාධිකරණයට අපහාස වි ඇති බවත්, මහාධිකරණයට අයුතු බලපෑම් කිරීමක් බවත් සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති වලට පටහනි ක්‍රියාකිරීමක්, වෘත්තීය විෂමාචාරයක් බවත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පසුගියදා ජනාධිපතිවරයාට, අගවිනිසුරුවරයාට, සහ වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇති අතර ඒ සම්බන්ධව සුදුසු පියවර ගන්නා ලෙසද ඉල්ලා ඇත.

එම ලිපිය පහත දැක්වේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…






Loading…


Top