LNN SPY

රාජ්‍ය ලාංඡනය බල්ලට යයි… Backside and Frontside වගේද මේවා… රාජපක්ෂලාගේ පුත්‍ර සමාගම පරණ සෙල්ලම පටන් ගනී…

Published on: Jan 29, 2020- රාජපක්ෂලාගේ පවුල පිටින් හොරකම් කිරිමේ පරණ සෙල්ලම් යලි ආරම්භ කර තිබේ.ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිද වන Tatyana Rajapaksh හදිසියේම Tronic Events (Pvt) Ltd නමින් සමාගමක් ආරම්භ කර තිබේන අතර හොරා කැම වුවත් නීතියට කිරිම සදහා සමාගමක් ආරම්භ කිරිම සම්බන්ධයෙන් අපට ගැටලුවක් නොමැති වුවත් පෞද්ගලික ව්‍යාපාරයකට රාජ්‍ය ලාංඡ්නය භාවිතා කිරිම හරහා රාජ්‍ය දේපල අවභාවිත කිරිම සහ රජය පෙන්වා කොල්ල කෑම අපට මෙන්ම රටේ ජනතාවටද ගැටලුවකි.

අදාළ සමගමේ National Director ලෙස Tatyana පෙනී සිටින අතර එම සමාගම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිරි කුළුණේ 13 වන මහලේ පිහිටා තිබේ. තමන්ගේ තනතුර ඇතුලත් visiting card හී රාජ්‍ය ලාංඡ්නය යොදා ගැනිමට කටයුතු කර තිබේ. ඒ අනුව විධායක,රාජ්‍ය නිළධාරි සහ රාජ්‍ය ලේකම්වරුන්ට ඇතුලු ඉතාම සිමීත ප්‍රමාණයකට පමණකට පමණක් භාවිතා කල හැකි රාජ්‍ය ලාංඡ්නය Tatyana සිය පෞද්ගලිකත්වය සදහා යොදා ගත්තේ අගමැති මහින්දගේ පුතාගේ බිරිද විම හේතුවෙන්ද?

මේ අනුව ඉතාම පැහැදිලිව මේ සුදානම රාජපක්ෂලාගේ කළු දශකයේ හොරකම් යලි සිදුකිරිමටය.රාජ්‍ය බලය අවභාවිත කරමින් රජයේ වියදමින් පවත්වනු ලබන Event Management,Event Production,Event Digital සියල්ලම තමන්ගේ ගිණුමට බැර කර ගැනිමටත් ඒ හරහ එක දෙක කර සල්ලි හොරා කැමට බවද ඉතාම පැහැදිලිය.

බයියන්ට අමතක සල්මාන්

මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවිම සදහා සල්මන් ඛාන් වෙත විශාල මුදල්ක ගෙවා ලංකාවට ගෙන්වා නාමල් රාජපක්ෂ ජොගී නැටු ඉතිහාසය බයියන්ට සමහරවිට අමතකව ඇත. සල්මන් ඛන් මෙරටට ගෙන්වා ගැනීම සහ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එවකට නාමල් කෝටි 25ක පමණ මුදලක් වියදම් කර තිබු අතර සංචාරය අතරමග නතරකර සල්මන් පිටව ගිය අතර ඔහුට ඒ දක්වා ගෙවා තිබුනේ රුපියල් කෝටි 7ක මුදලක් පමණි.

Tatyanaනාගේ ට්‍රොනික් ඉන්වෙන්ට්ස් (පුද්) සමාගම 2014 සිට ක්‍රියාත්මක එකක් බව එහි නිළ නාමයට සමාන troent.lk/ වෙබ් නාමය සහිත අඩවියේ සදහන් කර තිබුනද එම වෙබ් අඩවිය ලියාපදිංචි කර ඇත්තේ 2019 දෙසැම්බර් 20 වැනිද බව අනාවරණය වි තිබේ.

එය ශ්‍රී ලංකාවේ විශාලතම සජීවී සන්නිවේදන නියෝජිතායතනයක් ලෙස ස්ථාපිත කර ඇති බවත් පාරිභෝගිකයින්,  සේවකයින් සහ ව්‍යාපාරික ප්‍රේක්ෂකයින් සඳහා සජීවී හා ඩිජිටල් වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කළ දක්ෂ සිදුවීම් උපායමාර්ගකයින්, නිර්මාණකරුවන්, නිර්මාණ අධ්‍යක්ෂවරුන්, ව්‍යාපෘති කළමනාකරුවන් සහ ඩිජිටල් ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් සහ සහාය නළු නිළියන්ගෙන් යුත් පළපුරුදු සහ දක්ෂ සිදුවීම් කළමනාකරණ සහිත සමාගමක් ලෙසද එහි සදහන් කර තිබේ.

වෙබ් අඩවියේ එක් තැනක කෙලවරයේ Entertainments (Pvt) Ltd in collaboration with Ministry of Tourism Promotions යනුවෙන් සදහන් කර තිබේ.


Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top