LNN SPY

Sky මාධ්‍ය ජාලය යළි රාජපක්ෂවරු අතට… සුභාෂ්කරන් අල්ලිරාජාගේ ලංකා ගමනයේ තවත් රහසක් හෙලීවෙයි… Sky මාධ්‍ය ජාලය ස්වර්ණවාහිනීයෙන් ඉවත් වු JC රංගා යටතට!

Published on: Feb 17, 2020 – සිත FM හා Red FM ලෙස පවත්වාගෙන ගිය Sky Media Network PVT Ltd පසුගිය ජනවාරි 31 වැනිදා සිට Ben Holding නැමති ආයතනය යටතට පවරාගෙන තිබේ.

Ben Holding යනු ස්වර්ණවාහිනී මිළට ගත් ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතර මේ වන විට රාජපක්ෂ පුතුන් වන නාමල් සහ යොෂිත වක්‍රාකාරයෙන් එම සමාගම පාලනය කරමින් සිටී. සිය පාලන කාලය තුළ CSN නමින් පවත්වාගෙන ගිය මාධ්‍ය ජාලය 2015 බලයට පතවූ ආණ්ඩුව යටතේ රාජසන්තක වූ අතර 2017 දී Sky Media Network PVT Ltd නමින් යළි ආරම්භ විය. මේ සම්බන්දයෙන් දැඩි කෝපයකින් පසු වූ රාජපක්ෂවරු යළි 2019 නොවැම්බර් වල මෙරට බලය ලබා ගැනීමත් සමග Ben Holding ලවා සිය පැරණි දේපළ යළි අත්පත් කරගෙන තිබේ.

නොවැම්බර් සහ දෙසැම්බර් වැටුප් පවා ගෙවා ගැනීමට අසීරු අඩියක පසුවූ Sky Media Network PVT Ltd 2020 ජනවාරි 31 වැනිදා සිට අත්පත් කරගත් Ben Holding සමාගම 2020 ජනවාරි වැටුප පමණක් සේවකයන්ට ගෙවා තිබේ. නමුත් නොවැම්බර් සහ දෙසැම්බර් වැටුප් පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වෙයි.

ඒ අනුව පැරණි සේවකයන් මේ සතිය තුළ ජනාධිපතිවරයා මුණගැසී ගැටළුව පැවසීමට සූදානමින් සිටී. තව ද එළඹෙන බදාදා කම්කරු කාර්‍යාලයට පැමිණිළි කිරීමට ද එම පිරිස සූදානමින් සිටින බවද අප වාර්තාකරු සමග අනාවරනය කර තිබේ. දැනට Sky Media Network PVT Ltd හි සේවය කරන බහුතරය මීට පෙර ස්වර්ණවාහිනී අයතනයේ සිට පැමිණි පිරිසක් බැවින් ඔවුන් සිය රැකියා සුරක්ෂිතතාව ගැන කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම මේ වනවිට Ben Holding සමාගමට සම්බන්ධ බව කියන වෙනම ආරක්ෂක අංශයක් නුගේගොඩ පිහිටි Sky Media Network PVT Ltd ගොඩනැගිල්ලේ ආරක්ෂාවට යොදවා තිබේ.

ප්‍රසිද්ධියේ බලය ඇල්ලීමට නොගොස් රාජපක්ෂ පුතුන් තමන්ට අහිමි වූ දේපොළ යළි අත්පත් කර ගන්නේ එළෙසිණි. තව ද නව ආයතනයේ ප්‍රධානී ලෙස පත් කර ඇත්තේ රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ JC රංගා ය.JC රංගා මිට දින දෙකකට පෙර ස්වර්ණවාහිනීයෙ දැරු තනතුරු වලින් ඉවත් විමද කටයුතු කලේද මේ හේතුව නිසාය.

කාගේද මේ Ben Holdings

EAP Broadcasting සහ EAP Films and Theatres,ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) ඇතුලු විශාල සමාගම ජේ. සුධීර් ජෙයරාම් (Jay Sughir Jayaram) සියතට ගත් අතර ඒ සදහා ඔහු සිංගප්පූරුවේ STRAITS GRID PTE. LTD නැමති 201219512D ලියාපදිංචි අංක දරණ සමාගම් බ්‍රොකර් ලෙස පෙනී සිටිමින් Ben Holdings,Blue Summit Capital යන ආයතන දෙකහි කොටස් බවට පත්කිරිමට කටයුතු කල අතර මෙහි Ben Holdings යන සමාගම ලංකාවේ ලියාපදිංචි සමාගමකි. Ben Holdings සමාගමේ හිමිකරු ලෙස ඇලෙක්ෂිස් ඉන්ද්‍රජිත් ලොවේල් (Alexis indrajith lovell) කටයුතු කරන අතර ඔහුට සමාගමේන් සියයට 60ක කොටස් හිමිවන අතර අතර ඔහුද ජේ. සුධීර් ජෙයරාම්ට සියයට 40ක කොටස් හිමිවේ.

තවත් තොරතුරු දැනගන්න

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/22322

http://lankanewsnetwork.org/archives/21958

Top