Political

පියුමාල් හේරත්ට ආත්ම හතක බලයක් ගන්න ආශීර්වාද පුජාවක්! ජොන්ස්ටන් කපා පෙරමුණට එන්න චරිතගේන් මෙහෙයුමක්! මහජන පක්ෂයේ අසංකගේ ගෙදර මහා යාගයක්! මංජුලාට සාලින්ද වැහිලා….

Published on: Feb 17, 2020- ජයරත්න හේරත් මහතාගේ පුත් හිටපු මන්ත්‍රී පියුමාල් හේරත් මහතාට පසුගිය සතියේ මහනුවර දිගන ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමිනමක් විශාල ආශීර්වාද පුජාවක් පවත්වා ඇතැයි දැනගනන්ට ලැබී තිබේ. ඔහු මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන මුත් ඒ හිමිනම පැවසු ආකාරයට පියුමාල් හේරත් මහතාට ආත්ම හතක බලයක් ලබාගැනීමට ඒ ආශීර්වාද පුජාව කළ බව එක්තරා නීතීඥවරියක් සුහද හමුවකදී අනාවරණය කර තිබේ.

වයඹ පළාතේ මැතිවරණ උණුසුම ඉහලට ගොස් ඇති අතර ජනතාව අතර වැඩි කතා බහක් නොමැති වුවත් අගමැතිවරයා කුරුණෑගලින් තරග කරන්න ඒමත් සමග අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින සහ තරග වැදිමට නියතව සිටින කණ්ඩායම් අතර උණුසුම මේ අකාරයට ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සගයන් මේ දිනවල තමන්ගේ වැඩක් බලාගෙන දෙනදෙයක් කා ගෙන ඉන්නේ ඔවුන්ගේ මාධ්‍ය ඒකකය මගින් මේ දිනවල මහා පිරිතක් සංවිධානය කරමින් සිටි.

මහජන පක්ෂයේ නායකයා පාර්ලිමේන්තු යන්න  මහා යාගයක්

කුරුණෑගල නගරය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හිටපු පළාත් සභා මන්ත්‍රීතුමාය.

සේරුවාවිල ප්‍රදේශයෙන් පැමිණි දක්ෂ කට්ටඩියෙක් අසංක නවරත්නගේ ගෙදර නැවතී ඔහුව මෙවර පාර්ලිමේන්තු යැවීම සඳහා මහා යාගයක් පවත්වන බව ඔහු ළඟ ගැවසෙන තරුණ කටයුතු මෙහෙයවන නිලධාරියෙකු අනාවරණය කර තිබේ.

ජොන්ස්ටන් කපන චරිතගේ මෙහෙයුම !!

මේ අතර කෙසේ හෝ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල චරිත හේරත් මහතා ලයිස්තුවේ උඩටම එමට දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති අතර මහින්ද ජොන්ස්ටන්ගේ  වේදිකාවට නගිද්දී,තමන්ගේ වේදිකාවට නගින්නේ ගෝඨාභය බව චරිත මේ දිනවල තැන තැන කියවමින් සිටි.

මේ අතර හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා දිස්ත්‍රික්කය පුරා වන්දනාවේ යන්නා මෙන් උදේ සිට රෑ වෙනතුරුම ඇවිදිමින් ඡන්ද එකතු කරන අතර ගල්ගමුවේ තාරනත් බස්නායක මන්ත්‍රීවරයා තමන්ගේ පියා සමග තල මෙනේරි කුරක්කන් වැලි තලප හදාගෙන ගෙවල් ගානේ ගොස් ඡන්ද එකතුකරන බව දැනගන්නට ලැබී තිබේ.

ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේදී දේවාලයකට ගොස් කහ වතුරෙන් දිය නා මේ පිය පුතු දෙපල මීළඟ මහා මැතිවරණයේදී තමන්ට තර්ජනය වන මිනිසුන්ට අන්ත පරාජයක් ලබාදෙන්න යැයි විශාල දේව කන්නලව්වක් ද පවත්වා තිබේ.

මංජුලාට සාලින්දගේ ආත්මය වැහිලා…

මංජුලා දිසානයක මහත්මිය සීනිගම ගොස් ඇති අතර සාලින්ද දිසානායකගේ ආත්මය ඔවුන් අතර සැරිසරන බවත් ඒ ආත්මයේ බලයෙන් මංජුලා දිසානායක මහත්මිය ඉතා ඉහලින් ජයග්‍රහණය කරන බවත් තැන තැන කියවමින් සිටින බවද වාර්තා වේ.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top