LNN SPY

අපිට ආණ්ඩුවක් හදන්න බෑ -ඡන්ද වැඩි කරගන්න මෛත්‍රී වේදිකාවට ගෙන්න -හතර ගාතෙන් වැටුනු අලියා රනිල්ට කියයි

ඉදිරි මැතිවරණය තුළදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එජාප වේදිකාවට ගෙන්වා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ කුමන්ත්‍රණ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මහා මැතිවරණය දිනා ගැනිම සදහා කෙසේ හෝ මෛත්‍රී එජාප වේදිකාවේ සිටිය යුතු බවයි එජාප මැතිවරණ කමිටුව පක්ෂ නායකත්වයට දැනුම් දි ඇත්තේ.එජාප යහපාලන රජය ගොඩනඟමින් රනිල් අගමැති වුවද රටේ ඡන්ද පදනම වැඩි විම සදහා එම හේතු බරපතල ලෙස වැදගත්  නැති බවද එම කමිටුව පෙන්වා දි තිබේ.

ඒ අනුව එජාප නායකයාගේ ඔඩර් එකක් මත මන්ත්‍රිවරුන් හරහා එජාපයේ රැස්වීම් පවත්වන වේදිකාවල් වල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ රුව සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරන ලෙසටත් ඒ හරහා සිරිසේන ජනාධිපතිවරයා එජාපයේ සමාජිකයෙකු බව පෙන්විමත් පසුගියදා තමන්ගේ දේමාපියන් එක්සත් ජාතික පාක්ෂිකයින් බවට පොළොන්නරුවේදි සිරිසේන කල කතාවක කොටසක් දිගටම විකාශ කිරිමටද කටයුතු කරන ලෙස රනිල් උපදෙස් ලබාදි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top