All

Polycarbonate ID යට දූෂිත ගණුදෙනුවක්!

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව විසින් ජීව දත්ත සහිත polycarbonate ජාතික හැඳුනුම්පත් ශ්‍රී ලාංකීය ජනතාවට නිකුත් කිරීමේ ක්‍රමවේදය දූෂිත ගණුදෙනුවකින් අවසන් වන තත්ත්වයක් උදාවි තිබේන බව වාර්තා වේ.

ඒ අනුව හැඳුනුම්පත් මිලියනයක් සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කොට ඇති අතර, එහිදී සමාගම් හතරක් විසින්, මේ සඳහා මිල මිළ ගණන් ඉදිරිපත් කළ කර තිබිණි.

එහිදී අඩුම ලන්සුව ඉදිරිපත් කොට තිබුණේ Any Security Printing සමාගම විසින් වන අතර ඔවුන් එක් හැඳුනුම්පතක් සදහා රුපියල් 110.80 ඉදිරිපත් කොට තිබුණු අතර සඳහා වැඩිම ලංසුවක් ඉදිරිපත් කොට තිබුණේ Gemalto (ජිමල්ටො) නම් ප්‍රංශ සමාගමයි ඒ සඳහා ඔවුන් රුපියල් 168.30 ඉදිරිපත් කොට තිබුණි.

එලෙසම මැලේසියානු සමාගමක් වන අයිරිස් corporation විසින් රුපියල් 164.50 ද , ඉන්දියානු සමාගමක් වන manipal security printing විසින් රුපියල් 167.06 ඉදිරිපත් කොට තිබේ.

රජය විසින් අඩුම ලන්සුව ඉදිරිපත් කොට ඇති සමාගමට අදාළ ඇණවුම ලබා නොදී එක කාඩ් පතකින් රුපියල් 57.50 පාඩුවක් ලබමින් හැඳුනුම්පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ප්‍රංශ Gemalto සමාගමට ලබාදීමට තීරණය කොට තිබේ.

ඒ අනුව මිලියනයක් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී රුපියල් මිලියන 57.5 පාඩුවක් දරාගත යුතු වේ. ඉතා විනිවිද භාවයෙන් යුතුව ටෙන්ඩර් කැඳවා අවසානයේදී රටට අවාසිදායක අත්තනෝමතික තීරණ ගනු ලබන්නේ කාගේ බලපෑමෙන් ද යන්න මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි අනාවරණය වනු ඇත.

[doc id=29660]

Top