Political

රනිල් යනු වඳපීදි ගිය පිං පොරක් බව ජවිපෙට මතක් වේ – ජනතාව අවදියෙන් සිටිනු-ගෙදරට එන විට කොස්ස ගනු

රනිල් වික්‍රමසිංහ යනු වඳපීදි ගිය පිං ගොයියෙකු බව ජනතා විමුක්ති පෙරමුණට හදිසියේම මතක් වි තිබේ.රනිල් සමග අරලියගහ මන්දිරයේ මධුසමය ගතකල අනුර අරලියගහ මන්දිරයෙන් දොට්ට දැමිමත් සමග රනිල් යනු වඳපීදි ගිය අයෙකු බවත් රටේ ආර්ථිකය අනාථ කර ඇති බවත් ජවිපෙට මතක් වි තිබේ.

නමුත් ජවිපෙ මහා න්‍යාචාරවරුන් යැයි කියා ගත් ගොයියන්නට මතක් කර දිමට දෙයක් තිබේ.එ ඊළග මැතිවරණයෙදි ඡන්දය ඉල්ලාගෙන ගෙදරට එන විට කොසු පාරක් කන්නට වන් බව මතක තබාගෙන පුලුවන්නම් ෆුල් ෆේස් හෙල්මට් තහනම ඉවත් කර ගැනිමට කටයුතු කිරිම අතිශය වැදගත් බවයි.

දැන් රටේ ආර්ථිකය වඳ පීදිලා… වැදගත් ආයතන දේශපාලනීකරණය වෙලා..

ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති 

වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් ජනතාව ඡන්දයක් දීලා පත්කරගත්තේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව බලාපොරොත්තුවෙන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටි ජනතාව ආර්ථික කාරණා ගැන කතාබහ කිරීම ටිකකට පැත්තකින් තිබ්බා. නමුත් ආණ්ඩුව රටේ ආර්ථිකය අමතක කළයුතු නැහැ. වර්තමාන ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය අනාථ කරලා තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, යහ පාලනය ගැන, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ගැන කතා කරමින් වෙන වෙන මාතෘකාවලින් මල් පිපිලා වගේ පෙනුනට මේ රටේ ආර්ථිකය වඳපීදිලා ගිහිල්ලා. 

රටේ යහපත් ආර්ථික ගමනක් සඳහා මේ ආණ්්ඩුවෙන් යෝජනා, අණපනත් කිසිම දෙයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ නැහැ. ආණ්ඩුව ගෙනාපු අතුරු අයවැයේ තිබෙන සමහර යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කළයුතුව තිබෙනවා. නමුත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් නැහැ. උදාහරණයක් විදියට පසුගිය අතුරු අයවැයෙන් සමෘද්ධි ලාභීන්ගේ දීමනාව රු.1000 සිට 3000 දක්වා වැඩිකරන්න යෝජනාවක් ගෙනාවා. මහපොල ශිෂ්‍යාධාර රු.5000ක් දක්වා වැඩිකරනවා කිව්වා. නමුත් එම යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කරලා කි‍්‍රයාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒවා අතුරු අයවැයේ යෝජනා පමණක් බවට පත්වෙලා. පාර්ලිමේන්තුව රැස්වෙන්නේ එක එක්කෙනාගේ ඇෙඟ් හයිය, දේශපාලන බලය පෙන්වන්න. කිසිදු ඵලදායි දෙයක් සිදුවෙන්නේ නැහැ. රටේ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ වැඩකටයුතු නතර වෙලා. එම ක්‍ෂේත‍්‍රයේ සේවය කරපු 70,000කගේ පමණ රැුකියා අහිමි වෙලා. එම ව්‍යාපෘති සඳහා රජයේ ආතනවලින් ගෙවිය යුතු මුදල් ගෙවා ගැනීමේ දුෂ්කරතාවයන් මතුවෙලා. සතොස වැනි ආයතන භාණ්ඩ මිලදී ගැනීම් නතරකොට තිබෙනවා. ජනතාවට අවශ්‍ය බඩු දැන් සතොසේ නැහැ. ආර්ථිකය සම්පූර්ණයෙන්ම අරාජික වෙලා. 

රටේ ආර්ථිකය යහපත් වෙන්න නම් මහබැංකුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතන සකී‍්‍රයව තිබිය යුතුයි. නමුත් මෙම ආයතනවල කි‍්‍රයාකාරිත්වය දැන් රටේ ආර්ථිකය කඩා වැටීම පිළිබිඹු කරන ආයතන බවට පත්වෙලා. ආණ්ඩුවට ආදායම් ගෙන දෙන එම ආයතන කඩා වැටිලා. අරාජික වෙලා. ඒ විතරක් නෙවෙයි, දේශපාලනීකරණය වෙලා. දැන් ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ගැන කතා කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභා හදලා රජයේ සේවය ස්වාධීන කරන්න කතාකරනවා. එහෙම කියන ආණ්ඩුව රජයේ ආයතනවල ඉහල නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්න දේශපාලන බලපෑම් කරමින් ඉන්නවා. පහුගිය ආණ්ඩුව කාලේ විණිමය කොමිසමේ මෙවැනි ඉල්ලා අස්වීම් සිදුවුණා. තිලක් කරුණාරත්න සභාපතිධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉන් පසුව පත්වූ ඉන්ද්‍රාණි සුගතදාසත් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඔවුන් අස්වෙනකොට කිව්වා, ‘පෞද්ගලික හේතු මත’ ඉල්ලා අස්වෙනවා කියලා. නමුත් එම පෞද්ගලික හේතු පිටිපස්සේ දේශපාලන කාරණා පෙළ ගැහිලා තිබුණා. පෞද්ගලික හේතු මත කියලා ඉල්ලා අස්වුණු සෑම නිලධාරියෙක්ම පස්සේ දේශපාලන කාරණා පිළිබඳව හෙළිදරව් කළා. 

රටේ ආර්ථිකය බිඳවැටෙමින් තිබෙන මොහොතක රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් පෞද්ගලික හේතු මත කියමින් ඉල්ලා අස්වුණා. මෙම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම තනතුරට පත්වීමේදීත් ඔහුට විවිධ විවේචන එල්ල වෙලා තිබුණා. ඔහුගේ පත්වීම දේශපාලනික හේතු මත සිදුවූවක් බවට චෝදනා තිබුණා. පහුගිය රජයේ පත්වීම් සිදුවුණෙත් ඉල්ලා අස්වීම් සිදුවුණෙත් දේශපාලනික කාරණා මතයි. එම නිසා පහුගිය ආණ්ඩුවෙන් මෙම නිලධාරියා පත්කිරීමේදී දේශපාලන ඇඟිිලි ගැසීම් තිබුණ බව පැහැදිලියි. ඔහුගේ ඉල්ලා අස්වීමට දේශපාලනික කාරණා තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. නමුත් අපි කියන්නේ මෙවැනි රටේ වැදගත් ආයතනවල පත්කිරීම්, මාරු කිරීම්, ඉවත් කිරීම් දේශපාලනීකරණය කිරීමෙන් එය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. මොකද මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී බලපාන්නේ දේශපාලනික කාරණා පමණක් නෙවෙයි. මේ රටේ ස්වාධීනව ව්‍යාපාර කරන ව්‍යාපාරික ප‍්‍රජාවක් ඉන්නවා. ඔවුන්ටම ස්වාධීනවූ වෙළදාම්, ආනයන අපනයන ව්‍යාපාර කටයුතු තිබෙනවා. අද ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට දේශපාලන බලපෑම් බාධා කරමින් තිබෙනවා. ව්‍යාපාරික ප‍්‍රජාව තීන්දු තීරණ නොගෙන වෙන්නේ මොකද කියලා බලාගෙන ඉන්නවා. රටේ දේශපාලන අස්ථාවරභාව ව්‍යාපාරික ප‍්‍රජාවට වදයක් වෙලා. 

පහුගිය ආණ්ඩුව කාලේ විනිමය කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව විශාල අයථා ගනුදෙනු ප‍්‍රමාණයක් හෙළිදරව් වුණා. රේගුව මුළුමනින්ම දේශපාලනීකරණය වුණා. එතනෝල් කන්ටේනර් ගණන් රේගුව හරහා එළියට ගියා. කුඩු කන්ටේනර් ගණන් රේගුවෙන් එළියට ආවා. එම ගනුදෙනු පිටුපස දේශපානඥයින්, ඔවුන්ට උදව් කරපු රේගු නිලධාරීන් සිටියා. දේශපාලනඥයින් තමන්ට අවශ්‍ය නිලධාරීන් රේගුවට පත්කරගත්තා. එතනෝල්, කුඩු, කැසිනෝ ආර්ථිකයක් රටේ නිර්මාණය වෙන්න රේගුවේ කටයුතු උදව්වෙමින් තිබුණා. රටේ අගමැතිවරයා පවා කුඩු ගනුදෙනුවලට සම්බන්ධ බවට කරුණු හෙළිදරව් වුණා. දේශපානීකරණය නිසා රේගුව හරහා රටට ලැබීමට නියමිතව තිබූ විශාල මුදල් ප‍්‍රමාණයක් රටට අහිමි වුණා. මේවා සම්බන්ධයෙන් තිබුණ දේශපාලන විවේචන යහපාලනයට ගමනක් ආරම්භ කිරීම සඳහා හේතු කාරණා වුණා. 

ඒ වගේම අද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීම පිටුපසත් දේශපාලන මැදිහත්වීම් සහ විවිධ ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු එළියට එමින් තිබෙනවා. කරුංකා පුවක් ගනුදෙනුවක් පිළිබඳව දැන් සාකච්ඡාවක් මතුවෙලා. ඒ වගේම ග්ලයිකෝ පොස්පේට් කන්ටේනර් 15ක් රේගුවෙන් නිදහස් කිරීම පිළිබඳවත් පැරණි වාහන ලංකාවට ගෙන ඒමේදී නිකුත් කරන බලපත‍්‍ර ලබාදීම පිළිබඳවත් දැන් විවිධ කතාබහ මතුවෙලා තිබෙනවා. පහුගිය ආණ්ඩුවේ ඇමතිවරුත් තමන්ගේ විෂය පථය පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු කළා. අද එක්සත් ජාතික පක්‍ෂ පාලනය තුළත් ව්‍යාපාර කරන ඇමතිවරු ඉන්නවා. එක්සත් ජාතික පක්‍ෂයට උදව් කරන්නේත් ව්‍යාපාරිකයෝ. ඔවුන් කරන ව්‍යාපාර සාධාරණද නැද්ද කියන එක වෙනම ප‍්‍රශ්නයක්. නමුත් දේශපාලකයින් ඒ ව්‍යාපාරිකයින්ට උදව් කරනවා. පහුගිය ආණ්ඩුවේ තිබුණු දේශපාලන බලපෑම් අද වෙනත් ආකාරයකින් සිදුවෙමින් තිබෙනවා. 

සප්තා ගිවිසුම අනුව ලංකාවෙන් ඉන්දියාවට කරුංකා පුවක් අපනයනයේදී බදු සහනයක් ලැබෙනවා. එම සහනය පාවිච්චි කරලා දැන් ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වලා ලංකාවේ කරුංකා පුවක් විදියට ඉන්දියාවට පටවන ජාවාරමක් කෙරෙනවා. මොකද ඉන්දුනීසියාවෙන් ඉන්දියාවට කරුංකා පුවක් යැවීමේදී විශාල බද්දක් ගෙවිය යුතුයි. ඉන්දුනීසියාවෙන් ලංකාවට කරුංකා පුවක් ගෙන්වීමේදී ලබාගත යුතු තාවකාලික අපනයන බලපත‍්‍රය මේ අයථා ගනුදෙනුවේදී ලබාගන්නේ නැහැ. ඒවගේම කරුංකා පුවක් ගෙන්වීමේදී ලබාගත යුතු පරිසර බලපත‍්‍රයද ලබාගන්නේ නැහැ. ඒ වගේම ලංකාවට ගෙන්වා ප‍්‍රති අපනයනය කිරීමේදී  ඕනෑම භාණ්ඩයකට මිලක් එකතු කළ යුතුයි. නමුත් මෙම කරුංකා පුවක් ජාවාරමේදී කිසිදු මිලක් එකතු නොකර කන්ටේනරය විතරක් මාරු කර ඉන්දියාවට යවනවා. මේ කි‍්‍රයාවලිය පහුගිය කාලයේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට සම්බන්ධ වයඹ ටේ‍්‍රඩර්ස් ආයතනය මගින් සිදුකරගෙන ගියා. දේශපාලන පත්වීම් ලැබුණු ඉහළ රේගු නිලධාරීන් මෙයට උදව් කළා. මෙම කරුංකා පුවත් ගනුදෙනුවේදී සුළු මුදලක ආදායමක් රේගුවට ලැබුණා. නමුත් එයින් සිදුවන පරිසර හානිය ගැන නොහිතා මෙම ගනුදෙනුව කරගෙන ගියා. පහුගිය කාලයේ අපේ රටේ කෘමි උවදුරක් පිළිබඳව සාකච්ඡුාවක් මතුවුණා. එයට ලංකාවට ආනයනය කරන ශාඛ හා සත්වමය භාණ්ඩ බලපාන බවට කතාබහක්ද මතුවුණා. එම නිසා රටකට භාණ්ඩ ආනයනය කිරීමේදී මුදල ගැන පමණක් නොව පරිසර හානිය සම්බන්ධයෙන්ද සැලකිල්ලට ගත යුතුයි. එම නිසා පසුව මැයි මාසයේ සිට මෙම කරුංකා පුවක් ජාවාරම නතර කරන්න රේගුව තීරණක් ගත්තා. එසේ තිබියදී කරුංකා පුවක් කන්ටේනර් 58ක් නිදහස් කරන්න කියලා දේශපාලන බලපෑම් ආවා. මෙම බලපෑම් නිසා රේගුවේ නිලධාරීන් කළකිරුණා. එම නිලධාරීන්ට තමන්ගේ රාජකාරි කටයුතුවලට බාධා සිදුවුණා. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමටත් මෙම ගනුදෙනුව බලපාලා තිබෙනවා. 

ලංකාවට පැරණි වාහන ගෙන්වීමේදී වසර 3කට වඩා පැරණි වාහන ගෙන්වනවා නම් ආනයන අපනයන පාලකගෙන් විශේෂ අවසරයක් ලබාගත යුතුයි. නමුත් මේ වන විට එම නීති නොසලකා පැරණි වාහන ගෙන්වමින් තිබෙනවා. පහුගිය කාලයේ වගේම මේ ආණ්ඩුව නීතිය ගණන් ගන්නේ නැහැ. ආනයන අපනයන පාලකගේ සීමාවක් නැති අවසරය ඇතිව පැරණි වාහන ගෙන්වනවා. ආණ්ඩුවේ ඇමතිවරු එයට මැදිහත් වෙනවා. ඡුන්දයේදී උදව් ගන්න දැන් තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට උදව් කරනවා. පහුගිය කාලයේ වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ මහා ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. එම නිසාම වාහන කොටස් ගෙන්වා එකළස් කිරීමේ ව්‍යාපාරයේ සිටින ඇතැම් ව්‍යාපාරිකයින් ඊට එරෙහිව නීතිමය පියවර ගත්තා. එවැනි ගනුදෙනු අදත් සිදුවෙමින් තිබෙනවා. පැරණි වාහන ගෙන්වන බලපත‍්‍රයක් ලක්‍ෂ 09කට පමණ අලෙවි කරන්නත් පුළුවන්. මෙය බරපතල තත්වයක්. මේ නිසාම ඉදිරියේදී ආනයන-අපනයන පාලක පෞද්ගලික හේතු මත යැයි කියමින් කියමින් ගෙදර යන්න පුළුවන්. 

ආණ්ඩුවක් ප‍්‍රතිපත්තිමය තීරණ ගත යුත්තේ ව්‍යාපාර කරන දේශපාලඥයින් ගැන හිතලා නොවේ. දේශපානඥයින්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න ආණ්ඩුවක් ප‍්‍රතිපත්ති සකස් කළයුතු නැහැ. පහුගිය ආණ්ඩුව කාලයේදී කොටස් වෙළඳපොල සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීන්දු-තීරණ ගැණුනේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වුවමනාවට අනුවයිි. ඒ නිසා තමයි නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ. දැන් සිදුවන්නේත එයමයි.

මෙවැනි අයථා ගනුදෙනු සිදුවන්නේ දේශපාලන ඇඟලිගැසීම් නිසයි. ජනතාව ඡුන්දය දීලා බලයට පත්කරන ආණ්ඩුවෙන් ව්‍යවස්ථා සංශෝධන සම්මත කරලා කොමිසන් සභා පත්කරනවා. ඒවාට නිලධාරීන් පත්කරනවා. නමුත් ඊට පිටින් දේශපාලන බලපෑම් සිදුවෙනවා නම් කොමිසන් සභාවලින් ඇති වැඬේ මොකක්ද? මේ තත්වය වළක්වන්න මැදිහත් වෙන්න  ඕනෑ. ආණ්ඩුව සිදුකරන දේශපාලන පත්වීම්, මාරු කිරීම්, ඉවත් කිරීම් වහා නතරකළ යුතුයි. රටක ආර්ථිකයේ හදවත බඳු රේගු දේපාර්තමේන්තුව පිරිහුනේ දේශපාලන පත්වීම් නිසයි. එම නිසා රජයේ ආයතනවලට පත්කිරීම්, ඉවත් කිරීම් සඳහා දේශපාලන ඇඟලි ගැසීම් එපා. ඒ නිසා එම ආයතන කඩා වැටෙනවා. රේගුව වැනි ආයතනවල නිලධාරීන් තම රාජකාරි කටයුතු සිදුකරන්නේ ජීවිත පවා අභියෝගයට ලක්කරමින්. අඹේපිටිය වැනි නිලධාරීන්ට ඇසිඞ් ප‍්‍රහාර එල්ල වුණා. ඇතැම් රේගු නිලධාරීන්ට ජීවිත අහිමි වුණා. එවැනි කැපකිරීමකින් වැඩ කරන ආයතනවලට දේශපාලන ඇඟලි ගැසීම් සිදුකිරීම ඉතාම කණගාටුදායක තත්වයක්. මේ ආණ්ඩුවේ මහබැංකු ගනුදෙනුවේදී දකින්නට ලැබුණේ එවැනි තත්වයක්. එම නිසා සුදුසුකම් මත රාජකාරී අවශ්‍යතාවය මත හැකියාව මත ඉහළට එන නිලධාරීන් රාජ්‍ය ආයතනවලට පත්කළ යුතුයි. එසේ නැතිනම් රටේ ආර්ථිකය අරාජික වෙනවා. එම නිසා ආයතන ස්වාධීන ආයතන බවට පත්කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ සඳහා සියලූම දේශපාලන බලපෑම් නතර කළ යුතුයි. 

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

පහුගිය ආණ්ඩුවේ රෝග ලක්‍ෂණ, විෂබීජ මේ ආණ්ඩුවටත් තියෙනවා. ඒ ලෙඩරෝග නතර වෙලා නැහැ. පහුගිය ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවේ වැඩකටයුතුවලත් කිසිදු විනිවිදභාවයක් බලාපොරොත්තු වියයුතු නැහැ. තාවකාලික ඔළුගෙඩි මාරුවකින් යහපාලනයක් හදන්න හෝ රටක් වෙනස් කරන්න බැහැ. මේ ජරාජීර්ණ වෙලා තිබෙන සිස්ටම් එකේ දිගටම සිදුවෙන්නේ එකම ජාතියේ කි‍්‍රයාවලියක්. පහුගිය ආණ්ඩුවේ තිබුණු මූණූ වෙනුවට අලූත් මූණු ටිකක් මාරුවෙලා තිබෙනවා. වෙන කිසිදු වෙනසක් සිදුවෙලා නැහැ. 
ජාතික විධායක සභාව දින 100න් පසු අවසන් වෙනවා. දින 100න් පසු ජාතික විධායක සභාවේ කටයුතු බලාපොරාත්තු විය යුතු නැහැ. ජාතික විධායක සභාවෙන් ගත් තීන්දු තීරණවල යම් දිගුවක් තියෙන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ පනත, මන්තී‍්‍රවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය, 19වන ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභා පත්කිරීම වැනි දේ ජාතික විධායක සභාවෙන් යෝජනා කරලා සාකච්ඡුාවකට බඳුන්කර අවසන්. ඒවා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට සහ කැබිනට් මණ්ඩලයටයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජාතික විධායක සභාවත තුළ සාකච්ඡුාවක් නැහැ. ගැටලූව තිබෙන්නේ එසේ යෝජනා කළ වැදගත් අණපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නේ නැති එකයි. එම නිසා ආණ්ඩුවේ වැඩකටයුතු ජාතික විධායක සභාවට පවරාගන්න බැහැ. එහි වගකීීම තිබෙන්නේ ආණ්ඩුවටයි. 

මුල සිටම අපි නව මැතිවරණ ක‍්‍රමයක් සම්බන්ධයෙන් සාකච්ඡුා කළා. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් තිබෙනවා. ඒ නිසා අපි ප‍්‍රායෝගිකව කළ හැකි යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡුා කිරීමයි. නමුත් දැන් ආණ්ඩුව කරන්නේ එපා වාහෙට හොදි බෙදනවා වගේ මේ යෝජනා එහාට, මෙහාට දාන එකයි. අපි හිතන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා මේ ඡන්ද ක‍්‍රමය ගැන සාකච්ඡුා කරලා තිබෙනවා. දැන් කළ යුත්තේ එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිත්කොට සම්මත කරගැනීමයි. ඒක සිදු නොකරන එක ආණ්ඩුවේ ප‍්‍රශ්නයක්. ආණ්ඩුව අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ එකඟතාවයකට එන්න  ඕනෑ. මොකද, අප ඉදිරිපත්කර තිබෙන්නෙත් ප‍්‍රායෝගිකව කරන්න පුළුවන් යෝජනා. ගමේ ජනතාවට තමන් කැමති කෙනා ජනතා නියෝජිතයා ලෙස පත්කර ගැනීමේ අයිතිය තිබිය යුතුයි. ඒවගේම රටේ ජනතාවට රටේ පාලනයට අවශ්‍ය කෙනා තෝරා පත්කර ගැනීමේ අයිතිය තිබිය යුතුයි. නමුත් එක ඡුන්ද පති‍්‍රකාවකින් ඒක කරන්න බැහැ. ඒ නිසාම අපි සාධාරණ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාවලට මහජන නියෝජිතයින්ගේ කැමැත්ත ලබාගන්න එක ආණ්ඩුවේ වැඩක්. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top