V&A අරක්කු සමාගමේ සභාපති වජිර ගුනසේකරගෙන් නියෝජ්‍ය මුදල් ඇමති නිශාන්ත ජයවීර සහ සුරා බදු කොමසාරිස් ප්‍රේමරත්න යන අය අල්ලස් ලබා ගැනීම සම්බන්ධව ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සමිතිය අනාවරණයක් කර තිබේ.
නියෝජ්‍ය මුදල් ඇමති නිශාන්ත ජයවීර සහ සුරාබදු කොමසාරිස් ප්‍රේමරත්න යන අය V&A සමාගමේ හිමිකරු වජිර ගුනසේකර සමග සුහද සම්බන්ධතා පවතා සුළු හා මධ්‍යම පරිමාණ වියාපාරිකයන්ගේ ව්‍යාපාර නවතා දැමීමට අගෝස්තු මස විශාල ව්‍යාපෘතියක් හේතු කොටගෙන V&A සමාගමේ හිමිකරු වජිර ගුනසේකරගේ උවමනාවට සැකසෙන පරිදි නියෝජ්‍ය මුදල් ඇමති නිශාන්ත ජයවීර සහ සුරා බදු කොමසාරිස් ප්‍රේමරත්න යන අය සුදානම් වන බවට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගැනීමට හැකි වී ඇති බවයි එම සමතිය අනාවරණය කර ඇත්තේ.
සුරාබදු කොමසාරිස් මිලදී ලබාගත් නව වෙසල් මෝටර් රථය V&A අරක්කු සමාගමේ හිමිකරු වජිර ගුනසේකරගෙන් ලබාගත් සන්තෝසම් බවට සුරා බදු ආයතනයේ නිලධාරීන් අතරද මෙම කතාව පැතිර යයි . V&A අරක්කු සමාගම බඩ ඉරිඟු වලින් කල යුතු නිෂ්පාදන සීනි වලින් කරන අතර එහි ලබන අධික ලාබයෙන් සුරාබදු කොමසාරිස් ප්‍රේමරත්නට සහ නියෝජ්‍ය මුදල් ඇමති නිශාන්ත ජයවීරට සන්තෝසම් ලබාදෙන බවටත් V&A අරක්කු සමාගමේ හිමිකරු වජිර ගුනසේකර සුරාබදු දෙපාර්තමේන්තුවම නිල නොලත් සුරා බදු කොමසාරිස් බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි .
නියෝජ්‍ය මුදල් ඇමති නිශාන්ත ජයවීරගේ මවගේ අවමංගල උත්සවයට පවා පුර්ණ අනුග්‍රහය දක්වා ඇත්තේ v&A සමාගමේ හිමිකරු බව වාර්තාවේ.තවද මුදල් ඇමති නිශාන්ත ජයවීරගේ .සුරාබදු කොමසාරිස් ප්‍රේමරත්නගේ සහ V&A සමාගමේ හිමිකරු වජිර ගුනසේකරගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කර මොවුන් තිදෙනාගේ වත්කම් විගණනය කර මෙම වංචා හා දුෂණ අල්ලස් ලබා ගැනීම් අයතා මුදල් ඉපයීම් අයතා වත්කම් සියල්ල රාජසන්තක කර රජයට පවරාගෙන මොවුන්ව අත්අඩංගුවට ගෙන විමර්ශනය කර දඬුවම් ලබාදෙන මෙන්ද ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සමිතිය කාරුණිකව ඉල්ලා තිබේ. අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.
මේ අතර මේ සම්බන්ධයෙන් Dark Room සමාජ ජාලා පිටුවේද අනාවරණයක් කර තිබේ.

