ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර කිහිපය තුළ රුදුරු ආර්ථික පසුබිමක් අතරතුරද විශිෂ්ට ආදායම් වර්ධනයක් ලබාගත් රාජ්‍ය ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත. 2022 ජනවාරි 3 දින ක්‍රියාත්මක කළ ආරක්ෂිත බදු මුද්දර පද්ධතිය—මත්පැන් බෝතල්වල QR කේත සහිත ස්ටිකරය—මෙම සාර්ථකත්වයේ මූලික හේතුව ලෙස සලකයි.
මෙම නව පද්ධතිය හරහා 2022–2025 කාලය තුළ සුරාබදු ආදායම 60%කින් ඉහළ ගොස්, බදු වංචා හා අක්රමික බෝතල් වෙළඳපොළට ඇතුල්වීම සැලකිය යුතු ලෙස අඩු කළ බව නිල වාර්තා පෙන්වයි.
2025 මැයි 31 වන විට, දෙපාර්තමේන්තුව තම වාර්ෂික ඉලක්කයේ 104%ක් ලබාගෙන තිබූ අතර, 2026 පළමු කාර්තුවේද 114.8%ක වර්ධනයක් සටහන් වී ඇත. මෙය රාජ්‍ය ආදායම් කළමනාකරණයේ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.
මෙම සාර්ථකත්වය පසුබිමක, 2027 සඳහා නියමිත නව බදු මුද්දර ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි සැක සහිත චෝදනා මතුවී තිබේ.
දෙපාර්තමේන්තුව තුළ කුඩා නිළධාරීන් කණ්ඩායමක්, දිර්ඝ කාලයක් තිස්සේ තමන්ට ලැබී ඇති අනියම් වරප්‍රසාද පවත්වා ගැනීම සඳහා, එම වරප්‍රසාද ලබාදෙන සමාගම්වල නැටවෙන රූකඩ ලෙස ක්‍රියා කරමින් ටෙන්ඩර ක්‍රියාවලියට බලපෑම් කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවන බවට චෝදනා එල්ල වී ඇත.
මෙවන් ක්‍රියාමාර්ග රාජ්‍ය ආදායමට බරපතල හානියක් ඇති කිරීමත්, බදු පද්ධතියේ විශ්වාසය හා පාරදෘශ්යතාවට දැඩි අවදානමක් ඇති කිරීමත් සම්බන්ධයෙන් විශාල කනස්සල්ලක් පවතී.
ටෙන්ඩරය වටා මතුවන චෝදනා
ප්‍රධාන නිලධාරීන් තුනක් –
අනාවරණය වි ඇති තොරතුරු අනුව, සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න, මූල්‍ය නිලධාරිනී ආර්. බුලත්සිංහල, සහ ජනාධිපති කාර්යාලයෙන් පත් කළ ආදායම් අධිකාරියේ අධ්යක්ෂ නිහාල් ප්‍රේමලාල් යන තිදෙනා Lion Brewery ප්‍රධානින් සමග රහස්‍ය සාකච්ඡා පවත්වා තිබේ. ඒ අදාළ ටෙන්ඩරය Lion Brewery සමාගම විසින් නිර්මාණය කරන ලද සමාගමකට ලබාදිමටය.
කුමන්ත්‍රණ මෙහෙයවන තුන් කට්ටුව!
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා (ECG) – වත්මන් කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රේමරත්න මහතා කටයුතු කරයි. ඔහු එක්සයිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා වන අතර, බදු මුද්දර ටෙන්ඩරය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇති පුද්ගලයා වේ.
මූල්‍ය නිලධාරිනී (CFO) – ආර්. බුලත්සිංහල මහත්මිය එක්සයිස් දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කරයි. ඇය ටෙන්ඩර් ක්‍රියාවලියේ මූල්‍ය පැතිකඩ හසුරුවන ප්‍රධාන නිලධාරිනියකි.
නිහාල් ප්‍රේමලාල මහතා – ජනාධිපති කාර්යාලය විසින් පත් කරන ලද ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. එක්සයිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රධාන බලපෑම්කාරී පුද්ගලයා ලෙස සැලකෙන ඔහු, කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බොහෝ නිලධාරීන් මෙහෙයවන්නේ තමා යැයි කියනු ලැබේ.
නිහාල් ප්‍රේමලාල් යනු කැනඩාවේ ටොරොන්ටෝ නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජාතික ජන බලවේගයේ (NPP) හිටපු කැනඩා කමිටු සංවිධායකවරයාය.
ඒ අනුව “නිහාල් ප්‍රේමලාල් මහතා දැනට Excise Department (සුරාබදු දෙපාර්තමේන්තුවේ) ප්‍රධාන බලපෑම්කාරී පුද්ගලයා බවත්, ඔහු කොමසාරිස් ජනරාල්වරයා හසුරුවන බවත්.” තහවුරු වි තිබේ.
මෙම සාකච්ඡා මූලික අරමුණ ලෙස, සුදුසුකම් නොමැති සමාගමක් නව ටෙන්ඩරයට ගෙන්වා ගැනීම බවට චෝදනා පවතින අතර, එය බදු කාන්දුවීම් සිදු කිරීමට ඉඩ සලසන බවත් සඳහන් වේ.
මේ පසුපස ප්රමුඛ බියර් සමාගමක්!
ශ්‍රී ලංකාවේ ප්රමුඛ බියර් සමාගමක් වන Lion Brewery මෙම රහස්‍ය සාකච්ඡාවලට සම්බන්ධ බවටත්, නව ටෙන්ඩරය ඔවුන්ට වාසිදායක ලෙස හැරවීමට උත්සාහයක් පවතින බවටත් මේ වනවිට අනාවරණය වි ඇති අතර ඊට අදාළ ඔහුන් විසින් නිර්මාණය කරන ලද සමාගමක් සදහා මෙම බදු මුද්දර (ස්ටිකර්) මුද්‍රණය කිරිමේ ටෙන්ඩරය ලබාදීම සදහා කුමන්ත්‍රණය කරමින් සිටි.මේ හරහා වෙළඳපොළේ තරඟකාරීත්වය බරපතල ලෙස විනාශ විය හැකි බව නොරහසකි.
වත්මන් බදු මුද්දර පද්ධතිය – සාර්ථකත්වය සහ තාක්ෂණික තත්ත්වයක් වන අතර ඒ හරහා බදු කාන්දුවීම් සැලකිය යුතු ලෙස අඩු කර ගැනිමට රජය සමත් විය.නමුත් නව ටෙන්ඩරය තුළ, ඩිජිටල් පද්ධතිය පමණක් ක්‍රියාත්මක කිරීමට උත්සාහයක් පවතින බවට තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ.
මෙම කුමන්ත්රණයේ අවසන් පියවර වන්නේ ඉහළ ධාරිතාවය ඇති සමාගම් දෙකකට පමණක් වෙළඳපොළ පාලනය කළ හැකි විමත්, ඒ හරහා කුඩා නිෂ්පාදකයින් ව්‍යාපාරයෙන් ඉවත් කිරිමත් ය.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මේ කුමන්ත්රණයේ පාර්ශවක්ද?
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා, QR ස්ටිකර් පද්ධතිය පිළිබඳව පසුගිය කාලයේ විවිධ මත පළකරමින් සිටියා. ඔහුද 2027 ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ අයෙකි.
ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ පවසමින් සඳහන් කළේ, QR ස්ටිකර් ඩිජිටල් ආකාරයට මුද්‍රණය කළ හැකි නමුත් රජය විසින් දැනටමත් මුද්‍රීත ස්ටිකරයට යන වියදමට සමාන මුදලක් කාලයක සිට ගෙවමින් සිටින බවයි.
ඔහුගේ ප්‍රකාශය අනුව:
“ආරක්ෂිත ස්ටිකර් දහසක් ඩිජිටල් මුද්‍රණය සඳහා රජය විසින් ඉන්දියානු සමාගම වෙත ගෙවන මුදල ඩොලර් 8ක්. නමුත් සැබැවින්ම ඒ වෙනුවෙන් වැය වන්නේ ඩොලර් ශත 12ක් වැනි ඉතා සුළු මුදලකි.”
ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, 2027 ටෙන්ඩරය අලුත් කිරීමේදී රජය වඩා වගකීම් සහගතව, වෙළඳපොළේ සැබෑ වියදම් හා තාක්ෂණික හැකියාවන් සලකා තීරණ ගත යුතු බවයි.
QR ස්ටිකර් වියදම් — හර්ෂගේ ප්‍රකාශය ප්‍රායෝගිකද?
හර්ෂ ද සිල්වා පෙන්වා දුන් “දහසකට ඩොලර් ශත 12කින් QR ස්ටිකර් මුද්‍රණය කළ හැකි” යන අදහස තාක්ෂණිකව සම්පූර්ණයෙන්ම අභියෝගාත්මකයි.සුරාබදු QR ස්ටිකර් සඳහා අවශ්‍ය multi-layer security features — hologram, microtext, tamper-evident film, UV ink, serial encryption — ගෙදරදී හෝ සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයකින් නිර්මාණය කළ නොහැක.
අනිත් අතට හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයට පාදක වූ ව්‍යාජ QR කේත සහිත බෝතල් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයාගත් බව නිල වාර්තා පෙන්වයි.
නමුත් පරීක්ෂණවලට සම්බන්ධ මූලාශ්‍ර පෙන්වා දක්වන්නේ:
මෙම ව්‍යාජ QR බෝතල් විශාල පරිමාණයකින් වෙළඳපොළට නිකුත් වී නොමැති බව.
සොයාගත් බෝතල් ප්‍රමාණය අතිශය සුළු බව.
ඒ අනුව මේ පුවත් සියල්ලම 2027 ටෙන්ඩරය වෙනස් කිරීමට නියමිත කණ්ඩායම් විසින් සකස් කළ “නියමිත සිදුවීම්” ලෙස සැලකිය හැකිය.මෙය QR පද්ධතිය අඩුපාඩු සහිත බව පෙන්වීමට, නව සමාගමකට ටෙන්ඩරය ලබාදීමට, සහ දීර්ඝ කාලීන වරප්‍රසාද පවත්වා ගැනීමට උත්සාහ කරන කුමන්ත්‍රණයක් ලෙස සැක කෙරේ.
ඒ අනුව බැලුවිට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මේ කුමන්ත්රණයේ පාර්ශවකරුවේකු බව තහවුරු වේ.
මේ හරහා රාජ්‍ය ආදායමට ඇතිවන අවදානම්
1. බදු කාන්දුවීම් නැවත ඉහළ යා හැක
සුදුසුකම් නොමැති සමාගමකට බදු මුද්දර නිෂ්පාදනය භාර දීමෙන්, ව්‍යාජ මුද්දර හා බදු වංචා නැවත වර්ධනය විය හැක.
2. දේශපාලන බලපෑම්
ජනාධිපති කාර්යාලයෙන් පත් කළ නිලධාරියෙකුට මෙම ක්‍රියාවලිය මත බලපෑමක් ඇති බවට චෝදනා පවතින අතර, එය ටෙන්ඩරයේ විනිවිදභාවය අඩාල කරයි.
3. කුඩා නිෂ්පාදකයින්ගේ පරිසරය විනාශ වීම
ඩිජිටල් පද්ධතිය පමණක් ක්‍රියාත්මක කළහොත්, කුඩා නිෂ්පාදකයින්ට තාක්ෂණිකව හා ආර්ථිකව පද්ධතිය හැසිරවිය නොහැකි විම.
නිළධාරීන් සාක්කු පුරාවගෙන රටේ අනාගතය අදුරේ හෙලිම!
2022–2026 කාලය තුළ බදු මුද්දර පද්ධතිය ශ්‍රී ලංකා රජයට බිලියන ගණනක ආදායම ඉතිරි කර දුන් සාර්ථක ක්‍රමයක් බවට පත්ව තිබියදි හදිසියේ එය වෙනස් කිරිමට කුමන්ත්‍රණය කරන්නේ මන්ද? එනම්,ඒ හරහා රාජ්‍ය ආදායමට, වෙළඳපොළේ තරඟකාරීත්වයට, සහ බදු පද්ධතියේ විශ්වාසයට දැඩි හානියක් සිදු කිරිමට බව ඉතා පැහැදිලිය.
එසේ නම් රජය කල යුත්ත්තේ කුමක්ද?
ස්වාධීන පරීක්ෂණයක්
විනිවිදභාවය සහිත ටෙන්ඩර් ක්‍රියාවලිය
බදු මුද්දර ආරක්ෂිත මට්ටම තවදුරටත් ඉහළ නැංවීම
කුඩා නිෂ්පාදකයින්ගේ ආරක්ෂාව සහ තරඟකාරී වෙළඳපොළ පවත්වා ගැනීම




