Breaking
25 Feb 2025, Tue

දේශපාලන අනාථයන් වු චම්පක හා වෙල් විදානෙ දැන් නියම තැන

ජනවාරි 8 වැනි දා සිදු වූයේ විප්ලවයක් යැයි රනිල් බෙරිහන් දෙයි. රාජ්‍ය නොවන පඬියෝ ද එයම කියති. මේ පඬියන්ගෙන් ඇතැමෙක් මාක්ස්වාදීහු වෙති. මාක්ස්වාදයෙහි ද සමාජ විප්ලව ගැන කියැවෙයි. රනිල් කියන්නේ මොන විප්ලවයක් ගැන දැයි පඬියෝ අපට කියා දෙත් ද? ඒ කුමක් වුවත් ජනවාරි 8 වැනි දා සිදු වී ඇත්තේ ප්‍රතිවිප්ලවයකි. අගොස්තු 17 වැනි දා ජනතාව මේ ප්‍රතිවිප්ලවය පරදවනු ඇත. ජනවාරි 8 වැනි දා සිදුවූයේ ප්‍රතිවිප්ලවයක් යැයි අප කියන්නේ එදින මෙරට සමාජ ප්‍රගතිය තාවකාලික ව වුවත් ආපසු හැරවුනු නිසා ය.
මේ ප්‍රතිවිප්ලවයට ආධාර කළ ආවැඩූවන් අතර චම්පක හා වෙල් විදානේ දෙදෙනෙක් පමණක් වෙති. චම්පකගේ අතීතය දැන සිටි අප ඔහු එ ජා ප සමග එකතු වන බව දැන සිටියෙමු. ඔහුට දැන් රනිල්ගේ පිහිට ය. චන්ද්‍රිකා නෝනා ද එංගලන්තයේ සිට පැමිණීමෙන් පසු රනිල් සමග එකතු වනු ඇත. කුරුඳු පොලු මංගල කලක සිට රනිල් සමග ය.

චම්පක, මංගල හා චන්ද්‍රිකා 1994 මැතිවරණයේ දී සිටියේත් එකට ය. ඔවුන් සමග එදා වික්ටර් අයිවන් වැන්නෝ ද සිටියහ. අද ද ඔවුහු එකට සිටිති. එදා ඔවුන් එකට සිටියේ එ ජා ප පැරදවීමට යැයි කීවෝ ය. අද ඔවුන් එකට සිටින්නේ එ ජා ප දිනවීමට ය. එදා සහ අද අතර වෙනසක් ඇතැයි සමහරුනට සිතෙනු ඇත. එහෙත් ඔවුන් එදා ද සිටියේ සිංහලයනට විරුද්ධව ය. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධ වූහ. සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයකට එකඟ වූහ. අද ද ඔවුහු රනිල්ගේ එක්සත් රාජ්‍ය අනුමත කරති. එක්සත් යනු එක්සේසත්වත් ඒකීයවත් නො වේ.

මේ ප්‍රතිවිප්ලවකරුවනට අවශ්‍ය වූයේ මෙරට සිංහලයන්ට හිමි තැන අහිමි කිරීම ය. එහෙත් ඒ සාර්ථක නො වී ය. ව්‍යාජ සිංහල බෞද්ධකමක් තොල්වල පමණක් රඳවා ගනිමින් ප්‍රතිවිප්ලවකරුවෝ ජනතාව නොමග යැවූහ. ඔවුන්ට තවදුරටත් ජනතාව රැවටිය නො හැකි ය. චම්පක තම හිතවතුන් කිහිප දෙනා සමග තමන්ට නියමිත තැනට ගොස් ඇත. එයින් ජනතාවට වන අයහපතක් නැත.

වෙල් විදානේ ද තමන්ට හිමි තැන තෝරා ගෙන ඇත. ඔහු හමුදාව මෙහෙයවා අනගි සේවයක් ඉටු කෙළේ ය. එහෙත් හමුදා මෙහෙයුම් අවසානයේ දී ඔහු ඊනියා සුදු කොඩි කතාවක් මගින් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පිරිසක් පවා දුන්නේ ය. ඔහු ඒ පාවා දීම මත සිරභාරයට ගත යුතු යැයි 2010 ජනාධිපතිවරණ සමයේ දී ම අපි කුරුණෑගල දී ප්‍රකාශ කෙළෙමු. අද ඔහු මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා කොළඹින් ඉවත් වී එ ජා ප (ඊනියා යහපාලන පෙරමුණ) යටතේ කුරුණැගලට ඉදිරිපත් වීමට නියමිත ය. ඔහු අකිල විරාජ් දරුවාට එමගින් අපහාස කරන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට අපහසු ය. ඒ කුමක් වුවත් වෙල් විදානේ ද ඔහුට නියමිත තැනට පැමිණ ඇත.

මේ සියල්ල යමපාලන ප්‍රතිවිප්ලවයේ ප්‍රතිඵල ය. ඔවුන්ට තවදුරටත් ජනතාව රැවටිය නො හැකි ය. ජනතාව චම්පක ද වෙල් විදානේ ද ඇතුළු ප්‍රතිවිප්ලවකරුවන්ට අගොස්තු 17 වැනි දා අමතක නොවන පාඩමක් උගන්වා ඔවුන් දේශපාලන අනාථයන් බවට පත්කරනු ඇත.

නලින් ද සිල්වා

2015 ජූලි 11

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.