LNN SPY

‘No Fire Zone’ ලංකාවේ විකාශයට මෛත්‍රීට පිටපත භාර දෙයි

ජාත්‍යන්තර වහලෙකු වන මෛත්‍රීපාල සිරිසේන පසුගිය ලන්ඩන් සංචාරයේදි එකඟ වු ආකාරයටම ශ්‍රී ලංකාවේ හමුදා යුධ අපරාධ කරුවන් කරමින් නිෂ්පාදනය කළ No Fire Zone යන වාර්තා චිත්‍රපටය ලංකාවේ ප්‍රධාන නාලිකාවල විකාශය කරන ලෙස ඉල්ලා ලන්ඩනයේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැල්ලම් මැක්රේ විසින් භාරදි තිබේ.2009 වසරේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරයේදී, සිදුවූ බව ප්‍රකාශ කරන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන යනාදිය පෙන්නුම් කරන සාක්‍ෂි මෙම වාර්තා චිත්‍රපටයට ඇතුලත් වන අතර මෙම වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත ලන්ඩනයේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් භාරගෙන ඇත. 

පසුගිය ලන්ඩන් සංචාරයෙදි චිත්‍රපටය ලංකාවේ විකාශය කිරිමට ඉඩ ඉල්ලා කැල්ලම් මැක්රේ ඉල්ලිමක් කල බව අප මාර්තු 11 වැනිදා වාර්තා කළා.

උපුටා ගැන්ම LNW 

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ‘No Fire Zone’ වාර්තා චිත්‍රපටයට සිංහල හඩ කවා ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අවසරය ලබාදෙන මෙන් කැල්ලම් මැක්රේ (Callum Macrae) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කළ ඉල්ලීමට කැමැත්ත පලකර තිබෙන බව ලන්ඩන් සිටින අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.(සිරිසේන රට පාවාදෙයි-NO FIRE ZONE’ ජාතික නාලිකාවෙන් පෙන්විමට සුදානමක්!

උපුටා ගැන්ම අවසන් 

මෑතකදී, ලන්ඩනයට ‍ගොස් සිටි ශ්‍රී ලංකා ජනා‍ධිපතිවරයා තමා No Fire Zone වාර්තා චිත්‍රපටය නැරඹීමට අදහස් කර ඇති බව ප්‍රකාශ කර ඇත. මේ අතර, මෙම චිත්‍රපටයේ සිංහල පිටපතට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකාවේ ඇති සිංහල සිවිල් සංවිධාන නිවේදනයක් නිකුත් කර ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top