LNN SPY

ආණ්ඩුව ඇන ගන්නවා -රනිල්-මලික්-චන්ද්‍රිකා සටනක

මුදල් ඇමතිවරයා ලෙස රවි කරුනාණායක හා යහපාලන ආණ්ඩුවේ සුක්කානම අතට ගෙන වැඩේ කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩෙ අනාගෙන කන බවට හිටපු ජනාධිපතිනිය මුණටම චොදනා කර තිබෙන බව අප LNW විශේෂ වාර්තාකරු වාර්තා කරයි.ඊයේ අප්‍රසිද්ධියේ මුණ ගැසුණු රනිල්-චන්ද්‍රිකා-මලික් හමුවේදි චන්ද්‍රිකා රනිල්ගේ මුහුණටම බෑන වැදි ඇති අතර චන්ද්‍රිකා පවසා ඇත්තේ “අපි අපේ වැඩ ටික හරියට කළ එත් ඔයලා වැඩේ කනවා…මෙහෙම ගියොත් මොනවා වෙවිද දන්නේ නෑ….”ඒ සමගම රනිල්-මලික්-චන්ද්‍රිකා අතර උණුසුම් වචන හුවමරුවක් ද සිදුව තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.

අප්‍රසිද්ධියේ මෙම හමුව සිදුවුවද චන්ද්‍රිකා දේශණාව දිරවු නැති එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම තම සමිපතම මිතුරෙකු සමග චන්ද්‍රිකාට පලුයන්නට බැණ වැදි තිබේ.

රුපියල් බිලියන හාරසියක (කෝටි 40000) භාණ්ඩාගාර බිල්පත්  ලබා ගැනීමට  රජය ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (7)පරාජය විමත් සමග යහපාලන ආණ්ඩුව සෑදිමට ප්‍රධාන වශයෙන් දායකත්වය දැක්වු රනිල්-චන්ද්‍රිකා අතර අර්බුදයක් නිර්මාණය වි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top