Featured

රනිල්ගේ හුජ්ජ කොල්ලාට අභියෝගයක්

අද ආණ්ඩුවේ හෙන්චයියන් ලවා රවිරුවන්ට පහර ගසනවා.  සමන් රත්නප්‍රිය කියන පුද්ගලයා කියනවා කුළියට මිනී මරපු හමුදා භටයන්ට රණවිරු ‍ලේබලයෙන් ආරක්ෂාව දෙන්න බෑ. සමන් රත්නප්‍රිය මැතිතුමනි මේ අත්අඩංගුවේ ඉන්න අය කුළියට මිණී මැරූ බවට හෝ ප්‍රදීප් එක්නැලිගොඩ ෂාතනය කළ බවට හෝ සාක්ෂි ඔබට තිබේනම් කරුණාකර ඉදිරිපත් කරන්න යැයි නීතිඥ උදය ගම්මන්පිල මහතා  අභියෝග කර සිටි.

අපි පසුගිය කාළේ කතා කලා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලායැයි චෝදනා කරමින් අත්අඩංගුවට අරන් ඉන්න රණවිරුවන්ගේ ඉරනම දැඩි මානසික හා කායික වධ හිංසා පමුණුවනවා ඔවුන් නොකල වරදක් නොදත් දේ දන්න බව ප්‍රකාශ කරමින් බොරු ප්‍රකාශ වලට අත්සන් කරන්න කියලා බලපෑම් කරනවා. මාස පහක් තිස්සේ නිලධාරින් පස්දෙනෙක් මේ බලපෑම් වලට යටත් වුණේ නෑ. එක නිලධාරියෙකු පමණක් ඒ බලපෑම් ඉවසා ගන්න බැරුව දෙන ප්‍රකාශය අත්සන් කරලා ගෙදර ගිහින් තියෙනවා කියලා අපි දැනුම්වත් කලා. දැන් යුධ හමුදාපති විසින් මේ හමුදා නිලධාරින්ගේ වැටුප් ලබා දීම නවත්වලා තියෙනවා. යුධ හමුදාවේ විනය අනුව අභ්‍යන්තර පරිපාලනය අනුව ඔවුන් වරදක් කල නැතිනම් යුධහමුදාපති විසින් නීතිපති වෙතට මොවුන් කිසිම වරදක් කල නොමැති බව වාර්තා කල තිබෙනව නම් යුධ හමුදාව තුල වරදක් නොකල කෙනෙකුගේ වැටුප් යුධහමුදාපති නතර කරේ කුමන පදනමෙන්ද කියා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොවුන් එයින් බලාපොරොත්තුවෙන්නේ මානසික පිඩනයෙන් වැඩේ කර ගන්න බැරි වුණාම ආර්ථික පිඩනයක් ඇති කරන් හදන්නේ. ගෙදර කන්න නැතිවෙනකොට, ගෙදර දරුවන්ට පාසල්  යන්න පොත් නැතිවෙනකොට, බිරිදට සිද්ධවෙනවා කියන්න අනේ ඔය මලදානේ අස්සන් කරලා ගෙදර එන්න අපිට හරි අමාරුයි ජිවත් වෙන්න. ඒ පිඩනය රණවිරුවන්ට එල්ල කරන්න තමයි මේ වැටුප් නතර  කිරීමේ අරමුණ. හොද පුහුණුවක් ලද දැඩි සිත් ඇති වීර සෙබලුන් නිසා මානසික පිඩාවට මුහුණ දුන් නිසා දැන් ආර්ථිකපිඩාවක් එල්ල කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.

අපි ආණ්ඩුවෙන් අහන්නේ නොකල, නොදත් වරදක් පිළිගන්නැයි රණවිරුවන්ට බලපෑම් කරමින් බේරා ගැනීමට කටයුතු කරන පුද්ගලයා කවුද? සැබැ අපරාධකරුවා සොයන්න රණවිරුවොත් එකට කැමතියි මුළු රටමත් කැමතියි. මේ නොකල දෙයක් රණවිරුවන්මත පටවලා. කොණ්ඩයාව වරදකරු කළේත් එහෙමයි. කොන්ඩයා ගෙනල්ලා රැ 12ට විතර හොස් බටයකින් නොනවත්වා හොදටම ගහලා කොන්ඩයාගේ ඔළුවේ පාස්ටරයක් තිබුණේ ඒ ගහපුවගේ ප්‍රතිපලයක් නිසා. එක ඉවසා ගන්න බැරුව කොන්ඩයා උදේ 3.30ට පමණ කියනවා අනේ බුදු සර් මම තමයි සේයව මැරුවේ මම ඔනේම තැනක අත්සන් කරන්නම් කියලා. ඒ අනුව පොලිසිය කතාව ලියලා කොන්ඩයා අත්සන් කරලා රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙනවා. වද හිංසා නිසා වරද පිලිගත්තාද තාක්ෂණ දියුණු නිසා අපි ඩි.එන්.ඒ (ජාන) පරික්ෂණයක් සිදු කල හැකි නිසා මේ ජාන මිනීමරුවා සමග ගැපපෙන්නේ නෑ එක නිසා උසාවිය ඔහුව නිදහස් කරනවා. මිට වසර 10කට කලින් ජාන පරීක්ෂණ භාවිතා කළේ නෑ. එහෙම වුණානම් කොණ්ඩයා හිරේ යනවා සේයා දෙව්මිනිගේ ඝාතනය කොන්ඩයාගේ ගිණුමට යනවා නියම මිනීමරුවා බේරේනවා. කේන්ඩයා බේරුණේ ජාන පරික්ෂණය නිසා.හැබැයි රණවිරුවා බේරගන්න ජාන පරීක්ෂනයක් නෑ. මොකද සේයාගේ මල සිරුර වගේ ප්‍රගීත් එක්නැළිගොඩගේ මළ සිරුර හමුවී නෑ. ප්‍රගීත් මරිළද නැද්ද කියලවත් හරියට දන්නෑ. මේ  රණ විරුවන් බේරාගන්න ජාන විද්‍යාවටත් එන්න බැරි පසු බිමක සමස්ථ ජාතියම ජාන විද්‍යාව බවට පත්වෙලා රණවිරුවන් රකින පවුරක් බවට පත්විය යුතු කාළය පැමිණ තියෙනවා.

අද ආණ්ඩුවේ හෙන්චයියන් ලවා රවිරුවන්ට පහර ගසනවා.  සමන් රත්නප්‍රිය කියන පුද්ගලයා කියනවා කුළියට මිනී මරපු හමුදා භටයන්ට රණවිරු ‍ලේබලයෙන් ආරක්ෂාව දෙන්න බෑ. සමන් රත්නප්‍රිය මැතිතුමනි මේ අත්අඩංගුවේ ඉන්න අය කුළියට මිණී මැරූ බවට හෝ ප්‍රදීප් එක්නැලිගොඩ ෂාතනය කළ බවට හෝ සාක්ෂි ඔබට තිබේනම් කරුණාකර ඉදිරිපත් කරන්න. රණවිරුවෙක් නොවෙයි යාචකයෙක්ට වත් නොකල වරදකයට බලහත්කාරයෙන් ප්‍රකාශවලට අත්සන් අරගෙන කොන්ඩයාගේ ඉරනම රණවිරුවන්ට ලබාදෙන්න බෑ.  කොටගෙදර පොලීසියේ සංස්කෘතිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ සංස්කෘතිය නතර කරල වැරදි කරුව්නට දඩුවම් දෙන්න. අපරාද පරීක්ෂන දෙපාර්තමේනුතුව මේ නව වසරෙවත් බොරු ගොතන දෙපාර්තමේනුතුවක් නොකර සැබෑ අපරාධකරුවන් සොයන දෙපාර්තමේනුතුවක් බවට පත්වේවා කියල අපි ප්‍රාර්ථනාකරනවා.

ඒ වගේම මම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබාදෙන විනිශ්චය මණ්ඩල විසින්  හොදම ප්‍රභන්දයයට ලබාදෙන සම්මානය ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගැනීම සම්බන්ධයෙන් අපරධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සකස්කල ප්‍රබන්ධයට ලබාදෙන මෙන් මම යෝජනා කරනවා.

Top