Featured

පැරදුණු අර්ජුනට මලපනී -වරායේ මාධ්‍ය අංශය වසාදමා අංශ ප්‍රධානියා පන්නලා

ක්‍රිකට් නිළවරණයේ උප සභාපති ධුරයට තරග කල වරාය අමාත්‍ය අර්ජුන රණතුංග තමන් පරාජය කිරිමට තිලංගට සහයදුන් බව පවසමින් වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු නලින් අ‍පෝන්සු මහතාට පරුෂ වචනයෙන් බැණවැදි අමාත්‍යංශයෙන් එලවාදමා තිබේ.වරාය අමාත්‍යංශයේ අප විශේෂ වාර්තාකරු සදහන් කළේ අමාත්‍යංශයේ අ‍පෝන්සු මහතාට මහතාට අයත් කාර්‍යාලයද වහාම වසා දැමිමට අර්ජුන අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි.

පසුගියදා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති තනතුර සදහා අර්ජුනගේ සහෝදරයා පරදවා මෛත්‍රීපාල සිරිසේන විසින් නී.කථානායක ,තිලංග සුමතිපාල සභාපති තනතුරට පත්කල අතර උප සභාපති ධුරයට තරග කල අර්ජුනද පරාජයට පත් කිරිමට ඉතා සියුම් කුමන්ත්‍රණයක් දියත් කර තිබුනා.

අදාළ අනාවරණය කියවන්න –මෛත්‍රී බුකි කාරයා සභාපති කරයි -චන්ද්‍රිකාගේ ආතල් කොල්ලාගේ කණටම ගහයි

අර්ජුන මුහුණ දුන් පරාජය සමග ඔහු අමග සමිපව කටයුතු කල කිහිප දෙනෙකු සමග ගැටුම් ඇති කරගෙන ඇති අතර තමන් පරාජය කිරිමට ජනාධිපතිවරයා මෙන්ම තවත් හෙංචයියන් කිහිප දෙනෙකු තමන්ගේ පරාජය පසුපස සිටින බවද අර්ජුන පවසා ඇති අතර වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු නලින් අ‍පෝන්සු මහතා නිළවරණයට දින දෙකකට පෙර තිලංග සුමතිපාල මහතා මුණගැසී ඇති අතර ඒම හමුව අර්ජුනට දැන ගන්නට ලැබි තිබේ.

පසුව් මේ සම්බන්ධයෙන් අර්ජුන නලින් අ‍පෝන්සුගෙන් විමසා ඇති අතර් එහිදි ඇතිවු කතා බහ දුරදිග යැමෙන් පසුව අර්ජුන රණතුංග අපෝන්සුට පරුෂ වචනයෙන් බැනවැදි “තොපි ඔක්කොම පහරයෝ…මහා එකාගේ ඉදලා ඔබලා ඔක්ක්ම පාහරයො.. ඔබ ගැන් මම බලා ගන්නම්….ඔබව මම යවනවා FCID එකට …බලපන් මම කරන දේ….”

පසුගිය කාලසිමාව තුල තමන්ට මෙන්ම හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බෙදන්නේ වෙනම හැන්දකින් බවත් තමන් ඒ සම්බන්ධයෙන් දැඩි කලකිරීමකට ලක්ව සිටින බවත් අර්ජුන රණතුංග පසුගියදා නිළවරණය පරාජය විමෙන් පසුව තමන්ගේ සමිපතම මිතුරෙකු සමග පවසා තිබුනා.

Top