Anonymous Reporter

අවසන් වූ සිරිසේන චන්ද්‍රිකා මධුසමය

ඉන්දියානු කලාපයේ චීන ආධිප්‍යය තහවුරු කිරීමට අනුබල දීම මහින්දට එරෙහිව වූ බරපතලම චෝදනාව විය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තො‍ටුපල චීන මුහුදු සේද මාර්ගයේ එන ප්‍රධාන මෙහෙයුම් තො‍ටුපොලය. අප්‍රිකානු කලාපයේ යුරේනියම් හාරා නැව් පිටින් චීනයට පැටවීමේ යෝජිත ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වූයේ හම්බන්තොටය. කොලඹ ඉදිකරන නෙලුම් කුලුන චීන මිලිටරි සිතියයමේ මර්මස්ථානයකි. එය චීන චරපුරුෂ ජාලයේ මූලස්ථානයකි. වරාය නගරයය යනු ඉන්දියානු එලිපත්තේ පිහිටි චීනයට අයත් දූපතකි. මෙවන් වටපිටාවක් තුල ඇමෙරිකාව සිටියේ නිහඩ ප්‍රේක්ෂකයකු ලෙස නොව, චීනයට එරෙහිව ඉන්දියාව සමගය.

pongal_jaff_0012015 මැතිවරණයේදී මහින්ද පරාජය කිරීම ඉන්දියාවේ සහ බටහිරයන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට පැමින තිබුනි. මහින්දට මොන චෝදනා එල්ල කලත් ඔහුගේ ප්‍රතිරූපය ඉදිරියේ රනිල් සිටියේ ගව් ගනනක් පි‍ටුපසිනි. මහින්දට එරෙහිව පොදු අපේක්ෂකයෙකු ගෙන ඒම හැර වෙනත් කිසිදු විකල්පයක් නොවිනි. පොදු අපේක්ෂකයෙකු ‍රැගෙන ඒමේ වගකීම පැවරුනේ චන්ද්‍රිකා වෙතය . South Asia Policy and Research Institute (SAPRI) චන්ද්‍රිකාගේ සහ රෝ සංවිධානය යටතේ ක්‍රයාත්මක ආයතනයකි. මෙහි මූලික අරමුණ වූයේ රාජපක්ෂ රෙජීමය බලෙන් පහ කිරීම සහ ලංකාවේ දේශපාලන නාස් ලනුව ඉන්දියානුවන් වෙත රදවා ගැනීමය.

පොදු අපේක්ෂකයෙකු ගෙන ඒමේ ව්‍යාපාරය චන්ද්‍රිකා යටතේ ක්‍රයාත්මක බව දේශපාලන නායකයන්ට රහසක් නොවිනි. පොදු අපේක්ෂකයා ‍තෝරන අතර වාරයේ චන්ද්‍රිකාගේ අවධානය දේශපාලනඥයන් කිහිප දෙනෙකු කෙරේ යොමු විය. කරු ජයසූරිය, මෛත්‍රීපාල, සෝභිත ,නිමල් සිරිපාල ඒ අතර විය. පොදු අපේක්ෂකයා ලෙස තමන් පත් කරන ලෙසට චම්පික රණවක චන්දිකාගෙන් ඉල්ලිමක් කර තිබිනි. පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන රෙකමදාරු කිරීමට කරුනු කිහිපයක් බලපෑවේය.ඒ අතර ප්‍රධාන වූයේ චන්ද්‍රිකාට ආම්බාම් කල හැකි පුද්ගලයෙකු වීමය.

පුරා වසර හයක් තිස්සේ ඉන්දියාව සහ බටහිර රටවල් චන්ද්‍රිකාගේ SAPRI වෙත මුදල් පොමප කලේය. සිය ධූර කාලයෙන් පසු චන්ද්‍රිකාට ජනපදනමක් නොවූ බව කිසිවෙකුට රහසක් නොවේ. නමුත් ඇය මහින්ද කෙරේ පසු වූයේ බද්ධ වෛරයකිනි. මහින්ද එලවීමේ සටනේ නායකත්වය චන්ද්‍රිකා වෙත පැවරීමට ඉන්දියාව සහ ඇමෙරිකාව කල්පනා කල එකම් සුදුසුකම වූයේ මෙකී වෛරයයි. සැලැස්මේ මුල් අදියෙර වූ මහින්ද එලවීම ක්‍රයාත්මක වී අවසානය. දැන් ඉතිරී වී ඇත්තේ දෙවන කොටසයි.

ඉන්දියාවට අල්ලේ නැටවිය හැකි ආන්ඩු ක්‍රමයක් ලංකාවේ පිහි‍ටුවීම සැලැස්මේ දෙවන අදියෙරයි. ඒ සදහා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කලයුතුය. 13ට එහා යන බලය බෙදීමක් ක්‍රියාත්මක කල යුතුය. කලාප වලට ලබා දෙන බලය පරම අධිකාරියක් වීමට නම් වීධායක ධූරයේ බලතල අහෝසි කල යුතුය. රනිල් බලනුයේ නව ව්‍යවස්ථාවක් අගමැති ධූරයේ බලය වැඩිකිරීමටය. තම භූමිකාව සීමා කිරීමට සිරිසේන කැමති නැත , සිය මුරබල්ලන් වන එස්.බී, ඩීලාන් මීට එරෙහිව දැනටමත් උසි ගන්වා ඇත.

1994 වසරේ චන්ද්‍රිකා බලයට පැමිනියේ විධායක ක්‍රමය අහෝසි කිරීමටය. එය කඩවුනු පොරොන්දුවක් විය. විදේශ මුදල් වලින් යැපෙන SAPRI සභාපතිත්වයේ දුරන්ධූර චන්ද්‍රිකා 2014 වර්ශයේදී විධායක ක්‍රමය අහෝසි කරන බවට බරහිර රටවලට යලි පොරොන්දු විය. ඒ සිරිසේන හරහාය. නමුත් බලයට පත්වූ සිරිසේන බලය අත් හැරීමට සූදානම් නැත. දිව දෙකේ සිරිසේනගේ තරම චන්ද්‍රිකාට වැටහෙනුයේ දැන්ය. චන්ද්‍රිකා සිරිසේන දීගය ඉදුරාම අවසන් වී ඇත. දැන් දැන්ම බීදී යන හැලි වලන් හඩ රට්‍ටුන්ට ඇසෙනු වැලැක්විය නොහැක.

සිරිසේනගේ ක්‍රිකට් සභාපති තිලංගට උඩින් චන්ද්‍රිකා විසින් සිදත් වෙත්තමුනි පත් කලේ මෑතකදීය. යහපාලන නඩයේ පෙර ගමන් කරුවෙකු වූ සරත් විජේසූරිය විසින් සිරිසේනගේ රෙදි ගැලවෙන පොතක් ලියා පලකලේය. පොත හදුන්වාදීමේ උලෙලට ප්‍රධාන අමුත්තා ලෙස පැමිනියේ චන්ද්‍රිකාය. යහපාලන ව්‍යාපෘතියේ ක්‍රයාකාරීන් සියල්ල ඊට සහභාගි විය. ගොවි අඹුඩයට මුවා වූ සිරිසේන ජනතාව පමනක් නොව තමන්ද ‍රැවටූ බව යහපලන නඩය මෙම වේදිකාව තුල ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පිලිගත්තෝය.

විශේෂ ලියුම් කරු කීර්ති රත්නායක

Top