Featured

එජාපයේ මහා ලේකම් තනතුරට සටනක්

පළාත් පාලන මැතිවරණයට පෙර එජාපයේ සිදුවන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පක්ෂය තුල බල අරගලය උග්‍ර අතට හැරි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පසුව පක්ෂයේ නායකත්වය ලබාදිමට නියමිතව සිටින අධ්‍යාපණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එජාප මහ ලේකම් තනතුරට පත් කිරීමට පක්ෂ නායකත්වය තින්දුවක් ගැනිමත් සමග මෙම අර්බුදකාරි තත්ත්වය හටගෙන ඇති අතර මහා ලේකම් තනතුර සදහා වත්මන් මහා ලේකම් ලේකම් කබීර් හෂීම් සහ පක්ෂයේ පැරනිම සමාජිකයන් කිහිප දෙනෙකුද මේ වනවිටත් බල අරගලයක යෙදි සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

රුවන්,අකිල පක්ෂ නායකත්ව අර්බුදය ගැන් දැන ගන්න කියවන්න –රුවන් කපා අකිල එජාප නායකයා කිරිමේ කුමන්ත්‍රණය මෙන්න-වික්‍රමසිංහ – විජේවර්ධන බරපතළ ගැටුම නිසා වාර්තා එළිදකීද?

මේ අතර මෙම ප‍්‍රතිසංස්කරණය හරහා සජිත් ප්‍රේමදාස දරණ නියෝජ්‍ය නායක තනතුර අහෝසි වි යන අතර සජිත්ට කිසිදු තනතුරක් නොලැබෙන තත්ත්වයක් මේ වන විට පෙනෙන්නට ඇති අතර නායකත්ව මණ්ඩලය අහෝසි කිරීමටද තින්දුවක් ගෙන තිබේ.

මේ අතර සජිත් පිළ නියෝජනය කරමින් පසුගිය කාලසිමාවේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ගල්ගැසු පක්ෂ සමාජිකයන් මේ වනවිට පක්ෂයෙන් කොන් වි ඇති අතර සජිත් ප්‍රේමදාස සිය තනතුරු රැක ගැනිම වෙනුවෙන් ඔහුන් වෙනුවෙන් පෙනීසිටිම සම්පුර්ණයෙන් අතහැර දමා තිබේ.

Top