Anonymous Reporter

වකුගඩු ජාවාරම කක්කුස්සි කටාගේ කුමන්ත්‍රණයක්

ජනාධිපතිවරණ සමයේ බෙදුම්වාදී ඉන්දිය රජයට ලබාදුන් පොරොන්දුවට අනුව ඉන්දු-ලංකා ආර්ථික ගිවිසුම අත්සන් කරමින් රට මස්තබාල්දු කිරිමට දතකන රනිල්-මෛත්‍රී පිම්පියන් ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ වකුගඩු ජාවාරමක්‌ සිදුවන බවට වැරදි මතයක් නිර්මාණය කරමින් ඉන්දියාවෙන් එමට නියමිත පක්කලී ඉන්දිය වෛද්‍යවරුන්ට ලංකාවේ ඉඩ සාදා දිමට ලංකාවේ වෛද්‍ය සේවය වැට්ටිමට පරගැති කක්කුස්සි කටා හේවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙමින් තිබේ.

ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ වකුගඩු ජාවාරමක්‌ සිදුවන බවට ඉන්දීය ප්‍රාන්ත පොලිසියක්‌ විසින් ගෙන යන ප්‍රචාරය මෙරට වෛද්‍යවරුන් අපකීර්තියට පත් කිරීමට ගෙන යන කුමන්ත්‍රණයක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් ද හේරත් මහතාද ඊයේ අනාවරණය කළා.

ඉන්දීය ප්‍රාන්ත පොලිසියක්‌ විසින් මෙරට පෞද්ගලික රෝහල් හතරක වකුගඩු සැත්කම් සිදු කිරීමේ ජාවාරමක්‌ පවතින බවත් එයට වෛද්‍යවරුන් හයදෙනකු සම්බන්ධ බවට ඉන්දීය මාධ්‍යයට වාර්තා කිරීමට පෙර ශ්‍රී ලංකා රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමට පියවර ගැනීමට තිබූ බව ද ඒ මහතා කියා සිටියා.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සීපා ගිවිසුමක්‌ අත්සන් කිරීමට යන බවත් ඉන් ශ්‍රී ලංකා රැකියා වෙළෙඳපොළට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවත් අප රටට හෙළි කළා. ඉන් පසු අපේ සංගමයට නොයෙක්‌ බලපෑම් එල්ල වුණා.

ඉන්දියාව කියන්නේ පාරේ යන මිනිස්‌සු පැහැරගෙන ගොස්‌ අවයව ගලවන රටක්‌ බවට වාර්තා වී තිබෙනවා. අපේ රට එහෙම නැහැ. මේ රටේ වෛද්‍ය ක්‍ෂේත්‍රය ගැන ලෝකය පුරා හොඳ කීර්තිනාමයක්‌ රැකගෙන තිබෙනවා. එය නැති කිරීමට ඉන්දීය රජය සහ ප්‍රාන්ත පොලිසිය කුමන්ත්‍රණකාරී ලෙස අපේ රටේ වෛද්‍යවරුන් අපහසුතාවට පත් කරන්න මෙම වකුගඩු ජාවාරම ප්‍රචාරය කරනවා දැයි අපි අතර ප්‍රබල සැකයක්‌ තිබෙනවා. මෙතෙක්‌ ශ්‍රී ලංකා රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමට පියවර නොගැනීම නිසා එම සැකය තවත් වැඩි වී තිබෙනවා.

මෙරට වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන වකුගඩු ජාවාරමක්‌ සිදු වී ඇතිද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ මෙරට පොලිසිය යම් පරීක්‍ෂණයක්‌ කරනවා නම් ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙනවා. ඉන් යම් අයෙක්‌ වැරදිකරු වේ නම් ඒ අය ආරක්‍ෂා කරන්න හෝ බලපෑම් කරන්න අපි මැදිහත් වන්නේ නැහැ.

අවයව බද්ධයේදී ලොව පිළිගත් ක්‍රමවේදය වන්නේ අවයවය ප්‍රදානයන් ආචාර ධර්ම විමර්ශනය කරන කමිටුවක අනුමැතිය යටතේ සිදු කිරීමයි. එම කමිටුව අධිකරණ වෛද්‍ය, කායික, වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ගෙන් සහ වෛද්‍යවරුන් නොවන නීති විශාරදයන්ගෙන් ද ඊටත් අමතරව ඇතැම් අවස්‌ථාවලදී සමාජයේ වෙනත් ගෞරවනීය පුරවැසියන්ගෙන් ද සමන්විත වෙනවා.

මේ ආකාරයට වකුගඩු පරිත්‍යාග කරන පුද්ගලයා ද වකුගඩු ලබා ගන්නා රෝගියා ද දීර්ඝ වශයෙන් සම්මුති සාකච්ඡාවකට එළඹ එම පුද්ගලයන් සම්බන්ධ සියලු ලිපි ලේඛන දීර්ඝ වශයෙන් පරීක්‍ෂාකර පසුව වාචික පරීක්‍ෂණයකට ද යටත් කරනු ලබනවා.

Top