Featured

ජෙප්පෝ නින්දෙන් ඇහැරෙයි,යහපාලන දුෂණ මෙන්න

වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු සඳහා දේශපාලන පත්වීම ලද අයට විශාල වශයෙන් වැටුප් සහ දීමනා වරප්‍රසාද වැඩිකරගනිමින් ජනතාව මත බදු බර පටවමින් කටයුතු කරන වත්ම්න මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ වතවත් වංචා දූෂණ සහ නීතිවිරෝධී මූළ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් කරුණු රැසක් ජවිපෙ අද (24) අනාවරණය කර සිටියේය.

වර්තමාන හවුල් ආණ්ඩුව නාස්තිකාර වියදම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යමින් ජනතාව මත අලුත් වටයකින් බදුබර පැටවීමට උත්සාහ කරමින් සිටීම, මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ අලුත්ම වංචා-දූෂණ හෙළි කිරීම සහ ජවිපෙ මෙවර අති උත්කර්ෂවත් අන්දමින් සමරන්නට සූධානම්වන මැයි දින පෙලපාලිය හා රැලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කර සිටියේ ය.

එහිදී ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේතර් මහතා අදහස් දක්වමින්.

“වර්තමාන හවුල් ආණ්ඩුව නාස්තිකාර වියදම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යමින් ජනතාව මත අලුත් වටයකින් බදුබර පැටවීමට උත්සාහ කරමින් තිබෙනවා. මේ ගැන ජනතාව දැනුවත් කිරීමත් මැයි දිනයේ අපේ පෙළපාලිය සහ රැලිය පිළිබඳව කරුණු දැක්වීමටත් මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ අලුත්ම වංචා-දූෂණ හෙළි කිරීමටත් මේ මාධ්‍ය හමුව පවත්වනවා.

අලුත් අවුරුද්ද එළඹෙනවාත් එක්කම වැට් බදු අනුපාතය වැඩිකළා. පහුගිය අයවැයේදී අනුපාත කිහිපයකට අයකරන්න ආණ්ඩුව යෝජනා කර තිබුණත් ගරු අගමැතිවරයා පාර්ලිමේන්තුවට යෝජනා කර සියලුම භාණ්ඩ හා සේවා මත 15% වැට් බද්දක් පැනවීමට යන බව කීවා. ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් මේවන තුරු පාර්ලිමේන්තුවේ සම්මත කර නැහැ. නමුත් පසුගිය අප්‍රේල් 11 වැනිදා මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිතව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දන්වා තිබෙන්නේ 11%ක්ව තිබූ වැට් බදු අනුපාතය 15% දක්වා වැඩිකළ යුතු බවය. ඒ වගේම මේ දක්වා වැට් බද්ද ක්‍රියාත්මක නොවූ භාණ්ඩ හා සේවා කිහිපයකට අලුතින් පනවා තිබෙනවා. ඒ වගේම ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කර තිබූ සමහර භාණ්ඩ හා සේවාවන් මත ක්ෂේත‍්‍ර තිහිපයකටම මේ බද්දත් අලුතින් පැනවෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරසිංහ මහතා විසින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයාට යැවූ ලිපියේ පැහැදිළිව සඳහන් වන්නේ කාර්තුවකදී යම් ව්‍යාපාරයක ආදායම රුපියල් මිලියන 3 ඉක්මවනවා නම් වැට් බදුවලට යටත් කරනවා. මෙතෙක් වැට් බදු අය නොකරපු සේවා අතර විදුලි සංදේශ සේවාව සහ විදුලි සංදේශ උපකරණ සියල්ල, විදුලි බලයට ජාතිය ගොඩනැගීමේ බද්ද එකතු කරලා තිබෙනවා. දුරකතන ගාස්තු සඳහා 2% ක ජාතිය ගොඩනැගීමේ බද්ද අයත් වෙනවා. සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනික සේවා සඳහා අලුතින් බදු පැනවෙනවා. උදාහරණයක් හැටියට දුරකතන බිලක් ගත්තොත් මෙතෙක් සෙස් බද්ද 2%ක්, සහ විදුලි සංදේශ බද්ද 25%ක් අයකළා. මුළු බදු ප‍්‍රමාණය 27%ක්. අලුත් බදු පැනවීමත් එක්ක මේ බදුවලට ජාතිය ගොඩනැගීමේ බද්ද 2%ක්, සහ වැට් බද්ද 15%ක් එකතු වෙනවා. මේ අනුව මුලු බදු ප‍්‍රමාණය 44%ක් වෙනවා. රුපියල් 100ක රී-ලෝඩ් එකක් දැම්මොත් රුපියල් 44ක බදු ප‍්‍රමාණයක් ආණ්ඩුව අයකර ගන්නවා. මීට අමතරව ජාත්‍යන්තර දුරකතන ඇමතුම් සඳහා අලුතින් 2%ක් එකතු වෙනවා. කථා කරන ප‍්‍රමාණයට අනුව රුපියල් 100කදී ඇත්තටම අය කරන්නේ රුපියල් 56යි. ඉතිරි රුපියල් 44ම ජනතාව මත පටවා තිබෙන බදු බරක්.

මේ ආදී වශයෙන් පැහැදිළිවම ජනතාව මත අලුතින් බදු බර පටවා තිබෙනවා. අයවැය ඉදිරිපත් කරමින් ආණ්ඩුව කීවේ මෙතෙක් ක්‍රියාත්මක වූ සෘජු බදු 20%ක ප‍්‍රමාණය 40% දක්වා වැඩි කරනබවත් 80%ක් වූ වක‍්‍ර බදු ප‍්‍රමාණය 60% දක්වා අඩු කරන බවත්ය. නමුත් අද සිදුවී තිබෙන්නේ ඉහළම ආදායම් ලබන අයගෙන් අයකර ගන්නා සෘජු බදු ප‍්‍රමාණය 10%ක් දක්වා අඩුවී අලුත් ක්ෂේත‍්‍රවලට වැට් ඇතුළු බදු හඳුන්වා දීමෙන් වක‍්‍ර බදු ප‍්‍රමාණය 90% දක්වා වැඩිවීමයි. ආණ්ඩුව ප‍්‍රකාශ කළ දේට සම්පූර්ණයෙන් පරස්පර දෙයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ගොවියා, කම්කරුවා, ස්වයං රැකියා කරන්නා ඇතුළු සියලු වැඩකරන ජනතාව මත දැවැන්ත බද්දක් පනවා තවත් පීඩාවට පත්කර තිබෙනවා. මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරා පසුදින වන විටම බදු බර ඉහළ දමා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියන්නේ පෞද්ගලික රෝහල් මත, පෞද්ගලික අධ්‍යාපන ආයතන මත අයකරන බද්දත් මේ ක්ෂේත‍්‍ර දෙකේ සංවර්ධනයට වැය කරන බවයි. නමුත් මේක ජනතාව මුළා කිරීමක්. මෙය කිසිසේත්ම මේ රටේ වැඩකරන ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ වැඩිකළ බද්ද වහාම වෙනස් කරන්න කියලයි. කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් දෙකෝට් දශ ලක්‍ෂයක මාසික කුලියට ගෙඩනැගිල්ලක් අලුතින් ගන්නා අතර ටෙලිකොම් සභාපතිවරයාගේ මාසික නිවාස කුළිය වශයෙන් රුපියල් හත් ලක්‍ෂ පනස් දහසක් වෙන්කර තිබෙනවා. මේ වශයෙන් නාස්තිකාර වියදම් කරමින් ජනතාව මත මේ බර පැටවීම අපි හෙළා දකිනවා. මේ බරපතල අසාධාරණය දරා ගන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ.

මෙතෙක් තොග සහ සිල්ලර වෙළඳාම මත වැට් බද්ද අයකළේ නැහැ. නමුත් කාර්තුවකට රුපියල් මිලියන 3ක වෙළඳාමක් තිබෙන සිල්ලර ව්‍යාපාර මත වැට් බද්ද පැනවෙනවා. වෙනත් විදියකට කියනවා නම් සිල්ලර කඩයක දවසක ආදායම රුපියල් 33,333/-ට වැඩිනම් ඒ හැම සිල්ලර කඩයක්ම වැට් බද්දට යටත් වෙනවා. වැට් බද්ද කියන්නේ එකතු කළ අගය මත බද්ද කියන එකයි. බදු එකතු කිරීමේ මූලධර්මයටත් පටහැනිවයි මේ බද්ද අය කරන්නේ. මිලදී ගැනීමේදී සහ විකිණීමේදී භාණ්ඩයකට අලුතින් අගයක් එකතු වෙන්නේ නැහැ. තිබෙන භාණ්ඩයක් විකුණනවා පමණයි. එකතු කළ අගය කියන්නේ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී ඒ අලුත් නිෂ්පාදනයට බදු එකතු කිරීමයි. ඒ නිසා සිල්ලර සහ තොග වෙළඳාම මත වැට් බදු අයකිරීම බදු අයකිරීමේ මූලධර්මවලටත් පටහැනියි. මේක ඉතාම බරපතල තත්වයක්.”

Top