All

මහින්ද,විමල් වට්ටන්න “රෝ” දිවයිනට

Published on: Jan 23, 2015-මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගෙන දේශප්‍රේමි බලවේග මර්දණය කර රාජපක්ෂලා වැට්ටිම සදහා ඉන්දිය රජයේ නියෝගය මත “රෝ” සංවිධානයේ ප්‍රබලයන් කිහිපදෙනකු දිවයිනට පැමිණ තිබේන බව ලංකා නිවුස් නෙට්වර්ක් ඔත්තු සේවාවන්ට අනාවරණය වි තිබේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා   හා දෙමළ ඩයස්පොරාව TNA සංවිධානය ඇතිකරගෙන තිබේන  උතුරු නැගෙනහිර බලය බෙදාහැරිමේ ක්‍රියාවලීය සහ මුස්ලිම්  දේශපාලන පක්ෂ සමග ඇති කරගෙන තිබේන එකඟතාවයන් හේතුවෙන් ඉදිරියෙදි රජයට හා ජනපතිට එරෙහිව මහජන විරෝධතාවයක් ගොඩ නැගෙන බවත් එයට නායකත්වය දිමට හිටපු ජනපති සහ විමල් විරවංශ ප්‍රමුඛ ප්‍රභලයන් සුදානමින් සිටින බවට “රෝ” සංවිධානය අනතුරු අගවා තිබේ.

විශේෂයෙන්ම කල්තියාම විමල් විරවංශව අඩපණ කිරිම අත්‍යවශය කාරනයක් බව “රෝ” සංවිධානයට පසුගියදා ඉන්දිය සංචාරයෙදි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර අවධානය   තිබේ.සංචාරය අතරතුර නිළ නොවන මට්ටමේ “රෝ” සංවිධානයේ ප්‍රභලයන් කිහිපදෙනෙකු  සමග සාකච්ඡා පවත්වා තිබේ.

තිරණාත්මක අවස්ථාවකදි විමල් විරවංශ වැනි දේශපාලකයන්ට සමාජ මතය ගොඩනැගිමට ඇති ඉඩකඩ ඇහිරිම ඉතා ඉක්මනින් සිදුකල යුතුබවත් ඒ සදහා විමල් අඩපණ කිරිමේ මෙහෙයුම් දියත් කළයුතු බවත් ඒ සදහා වහාව වැඩපිළිවෙළක් සකස් කල යුතුබවත් රනිල් සිය සමිපතම සගයන්ට පවසා තිබේ.

Top