LNN SPY

මේ අපේ ජනාධිපති නෙවේ….

Publish on: Jan 24, 2015 විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මෑණියන් වන විශ‍්‍රාමලත් විදුහල්පතිනි හෙන්නායක මුදියන්සේලාගේ ලීලාවති පොඩිමැණිකේ මහත්මියගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී විමට ගිය ජනපති මෛත්‍රී අම්බානකට චාටර් වි ඇති බව වාර්තා වේ.නමුත් අදාල සිද්ධිය වෙබ් අධවි ඔස්සේ ප්‍රචාරය විම වහාම වලක්වන ලෙස ජනපති මෛත්‍රී ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න පරණවිතානට නියෝග කර තිබේ.

කතාව මෙසේය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මෑණියන්ගේ අවමගුලට ජනපති මෛත්‍රී  බදුල්ල ආර්. එච්. ගුණවර්ධන මාවතේ පිහිටි නිවසට ගියද කිසිවෙකුගෙන් ඔහුට හොද් ප්‍රතිචාරයක් ලැබිම තියා අසුන්ගෙන සිටි කිසිවෙකුත් අසුනෙන් නැගිටිමටවත්  උත්සහ දරා නැත.පසුව එම ස්ථානයේ සිටි පැරණි ප්‍රාදේශිය මන්ත්‍රිවරයෙකු දිව විත් “එන්න ..ජනාධිපතිතුමා ” යනුවෙන් පවසමින් නිවස තුලට කැඳවාගෙන ගොස් තිබේ.

පසුව දේහයට අවසන් බුහුමන් දැක්විමට පැමිණි අයෙකුගේ දරුවෙකුට අර ප්‍රාදේශිය මන්ත්‍රිවරයා ජනපති මෛත්‍රී පෙන්වා පවසා ඇත්තේ “පුතේ…… මේ අපේ ජනාධිපතිතුමා” යනුවෙනි….. අර කුඩා දරුවා ගත් කටටම කියා ඇත්තේ…”මේ අපේ ජනාධිපතිතුමා නෙවේ…අපේ ජනාධිපතිතුමාව් අපි දන්නවා” යනුවෙනි.

ඉන්පසු සිදුවු දෙයෙන් කියාගන්නට බැරි තරමට අසරණ වු මෛත්‍රී හැරෙන තැපැලෙන් ගොස් තිබේ.

Top