Breaking
22 Feb 2025, Sat

IS සංවිධාන කරුවන් නැවත අප රටට පිවිසිලා ද? දැඩි පරීක්ෂාවක් යොදවා රටේ ආරක්ෂාව තහවුරු කරනු!

2019 දී ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ IS සංවිධානය යළිත් මෙරටට ඇතුළු වී ඇත්දැයි කඩිනම් පරීක්ෂණයක් පවත්වා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව All Ceylon Jamiyyathul Ulama (ACJU) විසින් පසුගිය 24 වැනිදා ලිපියක් යොමු කර තිබේ.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ පැවති අපනයන සහ ආනයන රෙගුලාසි පිළිබඳ විවාදයේදී විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් IS සංවිධානයෙන් පුහුණුව ලැබූ 25 දෙනෙකු මෙරට සිටින්නේ දැයි ප්‍රශ්න යොමු කළහ. ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් අතර වාද විවාද ඇති විය.

මෙහිදී සිදු වූ ප්‍රකාශයන් තුළින් මතුවූ සැකය පදනම් කරගනිමින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් මෙම ලිපි යොමු කිරීමට හේතු විය.

එකී පාර්ලිමේන්තු සැසියේදී සිදු වූ කතාවේ සත්‍ය අසත්‍යතාව සහ පසුගිය කාලයේ මෙන් අදාළ තොරතුරු ලැබී තිබියදීත් කඩිනම් පියවර නොගැනීමෙන් සිදු වූ අනර්ථය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ. එමෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා තිබීම විශේෂත්වයකි.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ බෝම්බකරුවන් අප රට තුළට පිවිස ඇති බවට පා.ම. චමින්ද විජේසිරි මහතා කරන ලද ප්‍රකාශයට අවධානය යොමු කරන මෙන් ඉල්ලීම.

2023.08.23 දින පාර්ලිමේන්තු විවාදය අතරතුර පා.ම. චමින්ද විජේසිරි මහතා විසින් අයි.එස්.අයි.එස්. සංවිධානයේ බෝම්බකරුවන් අප රට තුළට පිවිස ඇති බවටත් ඒ පිළිබඳව පා.ම. වජිර අබේවර්ධන මහතා දැනුවත් බවටත් ප්‍රකාශයක් සිදුකර ඇත. පසුගිය කාලයේ පාස්කු ඉරුදින සිදුවීම තුළින් අප රටට විශාල හානියක් සිදුවූ බව අපි දනිමු. එකී සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳව පෙරාතුවම අප ලද තොරතුරු ආරක්ෂක අංශයට මෙන්ම අදාළ බලධාරීන්ට දැන්වූවත් කිසිඳු තීරණයක් හෝ සොයා බැලීමක් සිදු නොවූ බැවින් කිතුණු භක්තිකයන් පමණක් නොව රටේ සමස්ත ජනතාවම විශාල බලපෑමකට ලක් විය. තවද ආර්ථිකයේද විශාල පසුබෑමක් ඇති විය.

මේ අනුව රටේ යහපත හා අභිවෘද්ධිය සැලකිල්ලට ගෙන මින් මතුවට මෙවැන්නක් සිදු නොවිය යුතු බැවින් පා.ම. චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශය පිළිබදව සොයා බලා ඊට අදාළ නිසි පියවර ගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කරන මෙන් අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි,

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.