පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස කතාව අනාවරණය කරන බව කියන ‘චැනල් 4’ වාර්තා චිත්‍රපටිය විසින්, එම අකටයුතු ක්‍රියාව පිටුපස සිටියේ කවුරුන්ද සහ එය සිදුකළේ ඇයිද යන්න පිළිබඳව රට තුළ යළි සංවාදයක් ආරම්භ කර තිබේ. එහි පිළිතුර සරල බව ඔප්පු නොවේ. එය කෝපයට, තර්ජනයට හා මතභේදයට තුඩු දී ඇත. ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ඔවුන්ගේ ගොදුරු බවට පත්වූවන් හඳුනාගෙන ඇත. ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවෝ අටදෙනෙක් මියගියහ. අහිංසක මිනිසුන් 269 ක් ද මියගියේය. බෝම්බ ප්‍රහාර එල්ල කළ සියලුදෙනා මුස්ලිම් ජාතිකයෝ වූහ. ඔවුන්ගෙන් සමහරෙක් උසස් අධ්‍යාපනයක් ලැබූ අය වූ අතර, සමෘද්ධිමත් පවුල්වලින් පැමිණි අය වූහ. ඔවුන් ඉතා වැදගත් යැයි විශ්වාස කරන අරමුණක් සඳහා මිස තම ජීවිතය පූජා කිරීමට කැමැති නොවනු ඇත. විපතට පත්වූවන්ගේ අනන්‍යතාව ද දැනගන්නට ඇත. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සිංහල සහ දෙමළ යන දෙඅංශයෙන්ම කතෝලික වූ අතර, 45 ක් විදේශිකයන් විය. වින්දිතයන් අතර ස්කොට්ලන්තයේ විශාලතම ඉඩම් හිමියාගේ දරුවන් තිදෙනා ඇතුළු ළමුන් විශාල පිරිසක් ද විය.

කෙසේ හෝ මෙය අන්තර්ජාතික පරීක්‍ෂණයක් සහ අන්තර්ජාතික යුක්තිය ලැබිය යුතු අන්තර්ජාතික අපරාධයක් විය. චැනල් 4 වාර්තා චිත්‍රපටයේ නිර්මාතෘවරුන් එම කතා පුවත සකස් කරන්නේ, එවකට බලයේ සිටි ආණ්ඩුව හෑල්ලූවට ලක්කරමින්, රට පාලනය කළ අය යළිත් වේදිකාවට ගෙනඒමට දියත් කළ කුමන්ත්‍රණයක් පෙන්නුම් කරන උත්සහයක් ලෙසිනි. රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රමවේදයන්ගේ දුර්වලකම හුවාදක්වන පාස්කු බෝම්බ ප‍්‍රහාරය, ඉන් මාස හතකට පසුව පැවැති ජනාධිපතිවරණයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජයග‍්‍රහණය කිරීමට මග පෑදීය. චැනල් 4 වාර්තා චිත්‍රපටියට විදේශ රටවල සරණාගතභාවය පතා සිටින තොරතුරු හෙළිකරන්නන්ගෙන් තොරතුරු ලබගෙන් ඇත. එම තොරතුරුවලින් කියා සිටින්නේ, රටේ බුද්ධි අංශයේ පිරිස් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ කුමන්ත්‍රණය කළේ, ගෝඨාභය රාජපක්ෂට මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට බවයි.

මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අය සහ තවත් අය පෙන්වා දී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මැතිවරණ ජයග්‍රහණය කිරීමට දිවි පිදූ බවට ප්‍රකාශ කිරීම තර්කානුකූල නොවන බවයි. ඔහුගේ සොහොයුරු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ, රට විශාල මුස්ලිම් විරෝධී කෝලාහලවලට මුහුණදුන් නිසා, ඔහු ජනාධිපතිවරණය ජයගෙන සර්වබලධාරි වනවාට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව කැමැත්තෙන් නොසිටි බව තර්කය විය. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රජාවන් සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතර එදිරිවාදිකම් පිළිබඳ ඉතිහාසයක් නොතිබූ බැවින්, සිය කැමැත්ත මත ඔවුන් ඉලක්ක කර ගැනීමට තෝරාගැනීමේ හැකියාව ද, එවැනි තර්ක ක්‍රියාවලියක් මගින් බැහැර කෙරේ. ඔවුන්ට කිසියම් ප්‍රජාවක් ඉලක්ක කර ගැනීමට අවශ්‍ය වූයේ නම්, ඒ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව ඔවුන්ට එරෙහිව බොහෝ අවස්ථාවල කැරලි ගැසූ බෞද්ධයන් විය හැකිව තිබිණි. එබැවින් එම ප්‍රහාරයන් පිටුපස බාහිර “ප්‍රධාන මනසක්” පැවැතිය යුතුය.

අසාර්ථක විමර්ශන

බෝම්බ ප්‍රහාරයේ සම්පූර්ණ විස්මිත අංගය වූයේ, බෝම්බ ප්‍රහාරයෙන් පසු අවම වශයෙන් මාස දෙකක කාලයක් රට තුළ, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල භීතියේ හැඟීමක් පැවතීමයි. ඉතාම නිවැරදි මරාගෙන මැරෙන ප්‍රහාර හයක් සිදුකළ සූක්ෂම සැලසුම විසින් ප්‍රදර්ශනය කර ඇත්තේ, රජයට එරෙහිව වසර තිහක් පුරා යුද්ධයක් දියත් කළ එල්ටීටීඊයට පවා එවැනි එකවර සහ සම්බන්ධීකරණය කරන ලද ප්‍රහාර දියත් කිරීමට නොපැවති යටිතල පහසුකම් මීට තිබූ බවය. මෙම හැඟීම නිසාම, බෝම්බ ප්‍රහාරයෙන් පසුව, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ප්‍රජාවට පමණක් නොව, අනෙක් සියල්ලන්ටමද, මීළඟ ගොදුර තමන් විය හැකි බවට නිර්මාණය වුණු අර්බුදකාරී හැඟීම දිගු කලක් පැවැතිණි. එවැනි සාර්ථක පහසුකම් සැලසීමේ ව්‍යුහයක හිමිකරු විය හැකි බවට විශ්වාස කෙරුණේ, එවකට යුරෝපයේ සහ මැද පෙරදිග ඉලක්ක වෙත බෝම්බ හෙළමින් සිටි ISIS සංවිධානයයි. එහෙත් කලබලකාරීත්වය පහව ගොස් ආණ්ඩුව වෙනස් වූ පසු, ISIS කිසිදු උනන්දුවක් නොදැක්වූ අතර, ඔවුන් කිසිදු ආකාරයකින් රට තුළ නැවත පෙනීසිටියේ නැත.

එම සංහාරය සිදුවූ දින සිට ගෙවී ගිය වසර හතරක කාලය තුළ රජය විසින් පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇත. බෝම්බ ප්‍රහාරයෙන් ඉක්බිතිව, 2019 මැයි 22 වැනි දින කථානායකවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලද අතර, එහි වාර්තාව 2019 ඔක්තෝබර් 23 දින නිකුත් කරන ලදී. එහෙත් සෑම විටම සිදුවන ආකාරයට, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රාශියක් සමග එකඟතාවන්ට පැමිණීමේ දුෂ්කරතා සහ නොහැකියාව පැවැතිණි. අනතුරුව, 2019 සැප්තැම්බර් 22 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන ලදී. එය දැඩි විමර්ශනයන්ගෙන් පසුව විශාල සොයාගැනීම් සිදුකර, 2021 පෙබරවාරි 01 වැනි දින සිය වාර්තාව නිකුත් කළ නමුත්, ආණ්ඩුව විසින් එය සාමාන්‍ය ජනතාවට සහ සම්පූර්ණ වාර්තාව ඉල්ලා සිටි පල්ලියට පවා නිකුත් නොකළේය. මේ අතර, පසුව සිදු වූ පොලිස් පරීක්‍ෂණ නරක අතට හැරුණේ, සමහර ඉහළ පොලිස් විමර්ශකයන්ට, ඔවුන්ට අදාළ නොමැති කාරණා සම්බන්ධයෙන් නීතිය උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වීමත්, ඔවුන්ගෙන් එක් අයෙක් තමන්ට එල්ලවූ තාඩන පීඩන පිළිබඳව චෝදනා කරමින් රටින් පැන යෑමත් සමඟය. මෙම විමර්ශකයාගේ හඬ ‘චැනල් 4 වාර්තා’ චිත්‍රපටයෙන් ඇසෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ශ්‍රී ලංකාවේ සත්‍යය සහ වගවීම සෙවීම පාස්කු ප්‍රහාරයෙන් ඔබ්බට විහිදේ. 1971 සිට ශ්‍රී ලංකාව සත්‍යය සහ වගවීම සැඟවී ඇති මහා ප්‍රචණ්ඩත්වයේ කාල පරිච්ඡේදවලට මුහුණ දී ඇත. 1988 සිට 1989 දක්වා කාලය තුළ රට තුළ කැරැල්ලක් ඇති වූ අතර, එහිදී දසදහස් ගණනක් වූ පුද්ගලයන් සංඛ්‍යාවක් මියගියේය. එවැනිම පිරිසක් අතුරුදහන් විය. එම කැරලිවලින් දිවි ගලවාගත් අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ තවමත් මියගිය හෝ අතුරුදන් වූ පිරිස් මතකයේ දරා සිටින අතර, සත්‍යය සහ යුක්තිය කෙදිනක හෝ මතුවනු ඇතැයි අපේක්ෂා කරති. එහෙත් එය පසුගිය දශක හතර තුළ එය සිදුනොවීය. 2009 දී අවසන් වූ සිවිල් යුද්ධය විසින්, මියගිය සහ අතුරුදහන්වූවන් යන දෙඅංශයෙන්ම ඊටත් වඩා වින්දිතයන් සංඛ්‍යාවක් ඉතිරි කළ අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර සහ සත්‍යය හා යුක්තිය අපේක්ෂාවෙන් සිටින විශාල ප්‍රජාවක් තුළ මතකයන් සහ බලාපොරොත්තු දිගටම දැවෙමින් පවතී.

විශ්වාසය නැවත ගොඩනැගීම

2009 වසරේ යුද්ධය අවසන් වූ දා සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන්වලදී ප්‍රශ්න කරන ලද රටවල් අතළොස්සක් අතර ශ්‍රී ලංකාව ද එකකි. 2015 සහ 2018 අතර කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ යෝජනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ අතර, එහිදී රටට හිතකර තත්වයන් නිර්මාණය විය. එහෙත් නැවත වරක් ශ්‍රී ලංකාව පෙර තත්වයටම පැමිණ ඇති බව පෙනේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම සැසිවාරයේදී, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත්තේ, වගවීම නොමැතිකම රට මුහුණදෙන ගැටලුවල හරය බවයි. යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් කඩවීම් හා අපරාධවලට අමතරව, පාස්කු ප්‍රහාරය සහ හදිසි ආර්ථික කඩාවැටීමට හේතුවද විමර්ශනය කර, සත්‍යය සහ වගවීම පිළිබඳ පරීක්‍ෂණවලට ලක්කළ යුතු ජනතාවට එරෙහි අපරාධ ලෙස, විමර්ශනය සඳහා පවතින කරුණු ලැයිස්තුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැන් එක්කර ඇත.

අද ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ ප්‍රධාන ගැටලුව වන්නේ රට යළි ගොඩනැංවිය යුතු බවට වන විශ්වාසයක් නොමැතිකමයි. ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බවත්, ආණ්ඩුවට ජනතාව කෙරෙහි විශ්වාසයක් නැති බවත් පෙනෙන්නට තිබේ. විශ්වාසයක් ඇති වීමට නම් විනිවිදභාවය සහ සත්‍යය පැවැතිය යුතුය. සත්‍යය සොයාගැනීම සඳහා රජය විසින් දිගින් දිගටම කරන ලද පරීක්ෂණ අසාර්ථක වීම නිසා, රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම හේතුවෙන්, පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් රජය විසින් කරන ලද කිසිදු පරීක්‍ෂණයක් ප්‍රයෝජනවත් ව්‍යායාමයක් ලෙස ජනතාව විසින් බරපතළව සළකන්නේ නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත්කර ඇති අතර, පාස්කු ප්‍රහාර පිටුපස මහ මොළකරුවකු සිටින බවට හිටපු නීතිපතිවරයා විසින් කරන ලද චෝදනාව විමර්ශනය කිරීම සඳහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදහස් කරන බවද ප්‍රකාශ කළේය. මෙම පරීක්ෂණ දෙක අවසන් වූ පසු එතැන් සිට ඉදිරියට යා යුතු ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

අහෝ, ජනාධිපති වික්‍රමසිංහගේ මෑතකාලීන යෝජනාද, මීට පෙර අසාර්ථකවූ සහ ක්‍රියාත්මක නොවූ යෝජනාවලට සමාන බව පෙනේ. ප්‍රධාන වශයෙන් කතෝලික පල්ලියේ සහ වින්දිතයන්ගේ පවුල්වල අඛණ්ඩ ඉල්ලීම්වල ඇතුළත්ව ඇත්තේ, ප්‍රහාරය පිටුපස සිටි අය හඳුනාගැනීම වෙනුවෙන් හා සත්‍යය සහ යුක්තිය ලබාගැනීම සඳහා අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වා, වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනගොස් ඔවුන්ට දඬුවම් පැමිණවීමයි. චැනල් 4 හෙළිදරව්වෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අන්තර්ජාතික සහයෝගය ඇතිව පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා තිබේ. සත්‍යය අනාවරණය කරගත හැකි ප්‍රබල බලවේග හමුවේ, පාස්කු බෝම්බ ප්‍රහාරය සැබවින්ම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද, නැතහොත් ජනතාව දිනාගැනීමේ දූෂිත ක්‍රියාවක් ද යන්න දැනගැනීමට හැකි වන පරිදි, සැක දුරුකර ගැනීමට විශ්වසනීය පරීක්ෂණයක් අවශ්‍ය බව ඔහු සෘජුව ප්‍රකාශ කරයි. ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරයෙන් නෙරපාහරින ලද ජනාධිපතිවරයා වෙනුවට, පත්කළ නව ජනාධිපතිවරයාද පැරණි  මාර්ගයේම ගමන් කිරීමේ උත්ප්‍රාසයද විපක්ෂ නායකවරයා පෙන්වාදී ඇත.

කතෝලික පල්ලිය වැනි වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ මෙන්ම අන්තර්ජාතික සහයෝගය සහ ක්‍රියාකාරී මැදිහත්වීම සහිත ස්වාධීනත්වය, විනිවිදභාවය සහ සියල්ල ඇතුළත් පුළුල් පසු විපරම් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ ඉල්ලීම, සිවිල් යුද්ධයේදී මියගිය හෝ අතුරුදහන් වූ දසදහස් ගණනකගේ ඉරණම පිළිබඳ සත්‍යය වෙනුවෙන් දෙමළ ජනතාව සිදුකරන ඉල්ලීමට සමාන වේ. මෙහිදී යමකුට එළඹිය හැකි එකම තාර්කික නිගමනය වන්නේ, ප්‍රශ්නවලට සම්බන්ධ අය සත්‍යය හෙළි කිරීමට අකමැති වන බවය. පාස්කු ප්‍රහාරයෙන් පමණක් නොව යුද්ධය සහ ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් වින්දිතයන්ට වගවීම හා යුක්තිය සහතික කිරීම සඳහා රජයේ සැබෑ අභිප්‍රාය පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවට, වින්දිතයින්ට සහ අන්තර්ජාතික ප්‍රජාවට ඒත්තු ගැන්වීමට අන්තර්ජාතික සහභාගීත්වය ඇති විමර්ශන උපකාරී වේ. අතිරේක ප්‍රතිලාභයක් ලෙස උපරිම අන්තර්ජාතික සහාය අවශ්‍ය වන අවස්ථාවක, රටට අහිතකර අන්තර්ජාතික හෙළාදැකීම් සහ සම්බාධක එමගින් අවම කරගත හැකිය.

ජෙහාන් පෙරේරා

Arulanandam arun, අරුලානන්දම් අරුන් අංජිකුලම් හෙවත් අරුන් සිද්ධාර්ත් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින රාජපක්ෂලාගේ දමිළ භාෂාව කතාකල හැකි ජාතිවාදී අරුන් හදිසීයේම රාජපක්ෂ නිකායේ නාලිකාවලට පැම්ණ වලං කඩෙට පැන්න ගොනා සේ හැසිරිමට හේතුව ජනතාව දැනගත යුතුයැයි අප විශ්වාසය කරමු. අරුන් රාජපක්ෂලාගේ ජාතිවාදී පරපුරට හදුන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සපයාදුන් ගෝඨාභය හුරතලේකු ලෙස ඇතිකර ගත් සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හරහාය.

ගෝඨාභය රාජපක්ෂලා සිය අන්තවාදී ගැටුම් ඇතිකිරිමේ සිතියමේ ඉත්තේකු බවට අරුන් භාවිතා කල අතර ඒ සදහා රජයේ විවිධ ව්‍යාපෘති හරහා මෙන්ම කූප්‍රකට රාජපක්ෂ ව්‍යාපාරික කල්ලිය හරහා අරුන්ගේ ගිණුම් වලට මුදල් දැමු අතර මුලදි ඒ සදහා අරුණ්ගේ පෞද්ගලික ගිණුම වන ලංකා බැංකුවේ චුන්නාකම් ශාඛාවේ අංක 82743354 ගිණුම භාවිතා කල අතර පසුව අරුණ් සුබසාධන සාංවිධානයක් අටවා ගන්නා ලදි.

Janffna Civil Society Center නමින් අටවාගත් එම සංවිධානය එක බැංකුවේ එකම ශාඛාවේ 89750927 දරණ අංකය යටතේ ගිණුමක් පවත්වාගෙන යන අතර පසුගිය කාලසීමාවේ එම ගිණුමට මුදල් දැමු පිරිස අතර කුප්‍රකට ආයුධ ගණුදෙනු කල් නිශ්සංක සේනාධිපතිගේ සිට සීනී බදු වංචාවේ කුප්‍රකට ව්‍යාපාරික සාජාත් මවුසාත් දක්වා සිටින බව නොරහසකි.ස්වාධීන අධිකරණ පද්ධතියක් හරහා යම් දිනක මෙම ගිණුම් පරික්ෂා කලහොත් පහසුවෙන් එම ගනුදෙනු අනාවරණය කරගත හැකිවනු ඇත.

අරුන් සිද්ධාර්ත්ගේ ගමන් මග!

අරුන් සිද්ධාර්ත් තමන්ව හඳුන්වා ගත්තේ යාපනයේ උපන්, යාපනයේ ඉපිද, යාපනයේ අධ්‍යාපනය ලබා තවමත් යාපනයේ ජීවත් වන අයෙකු ලෙසයි. ඔහු ඕනෑම ව්‍යාකරණමය වශයෙන් වැරදි ඉංග්‍රීසි සඳහා සමාව අයදින අතර ඉංග්‍රීසියෙන් ඉගෙන නොගැනීම එයට ආරෝපණය කරයි.

යාපනයේ චුන්නාකම්, ඉපදි ඇති අරුන් ඉගෙන ගත්තේ ඔලුවිල් ප්‍රදේශයේ පාසලක වන අතර පසුව සාමාන්‍ය පෙළ කිරිම සදහා කොළඹ හින්දු විද්‍යාලයට පැමිණ තිබේ.පසුව නැගෙනහිර පළාතේ කරුණා-පිල්ලේයාන් කල්ලිය සමග එක්ව සිටි අරුණ් එයින් ගලවා ගැනිම් සදහා ඔහුගේ මව විසින් 1994 දී ඉන්දියාවට යවා තිබේ. පසුව ඉන්දීය මදුරෙයි ශාන්ත මරියා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය හැදැරු අතර පසුව වෛද්‍ය උපාධිය හැදැරිම සදහා රුසියාවට යැව්වාද එහි අධ්‍යාපණය සම්පූර්ණයෙන් නොකර වසර තුනක් යන්නට මත්තෙන් ලංකාවට පැන එමට අරුන් කටයුතු කර තිබේ.

පිල්ලේයාන් රැකගන්න දතකන අරුන්!

පිල්ලේයාන්ගේ සමිපතමයා ලෙස රාජපක්ෂලාගේ අන්තවාදී මෙහෙයුම ක්‍රියාත්මක කරන අරුණ් මේ දිනවල රාජපක්ෂ නිකායේ මාධ්‍යවල වලං බිඳින්නට පටන්ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය Channel 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සහ පිල්ලේයාන්ගේ සම්බන්ධය එලියට එමත් සමගය. පිල්ලේයාන්ගේ ආයුධ සමග ‘ආවා’ (Avaa) කල්ලි සාදාගනිමින් තමන්ගේ ඇරියස් කවර් කරමින් සිටි අරුණ් මාධ්‍ය හරහා උතුරේ දමිළ නායකයන්ට පහර දෙන්නට පටන් ගත් අතර ඉන්දීය රෝ සංවිධානය දෙමළ තරුණයන්ට අවි පුහුණුව ලබා දී එල්.ටී.ටී.ඊ. ඒ බලපෑම තවමත් තිබෙන බවත් සම්බන්ධන්, සුමන්තිරන්, පොන්නම්බලම් ශිවාජිලිංගම්, ආනන්දි ශෂිදරන්, විග්නේෂ්වරන් මේ සියලු දෙනාටම බලපෑම් කරන්නේ ඔහුන් බවත් නිරන්තරයෙන් පවසන අරුන් රාජපක්ෂලාගේ ජාතිවාදී කදවුර පෝෂණය කරන්නට නොකරන දෙයක් නැත.

අරුන්ගේ පියාද කොමියුනිස්ට් පක්ෂයේ දැඩි සාමාජිකයෙක් වන අතර් ඔහු චීනයේ ආයුධ සහ දේශපාලන පුහුණුව ලබා පසුව උතුරේ විවිධ කල්ලි සමග කටයුතු කර ඇති අතර අවසානයේ උතුරේ දේශපාලනඥයන් සමඟද සමීප සබඳතාවයන් පවත්වා තිබේ.

අරුන්ව ජාතිවාදයෙන් බෞතීස්ම කරනු ලැබුවේ 2019 වසරේ පාස්කු ප්‍රහාරයට ඔන්න මෙන්න කියාය.ඒ දිලිත්ගේ නයිනටවන නාලිකාව හරහාය.චතුරගේ බොරු ඇස් කරකවමින් බයියන් ජාතිවාදයේ මුදනටම තල්ලු කිරිමට සමත්වු අතර ඊට චීත්ත ගවුම් අදින් ඉරාජ්ගෙන් මෙන්ම කුඩු රේනෝගේ සුවච කිකරු චමුදිතගෙන්ද නොමද් සහයක් ලැබිනි. එම සාකච්ඡාවලින් මාස දෙකක් ගතවිමට පෙර පාස්කු ප්‍රහාරය එල්ල විය.

දෙමළ තරුණයන්ට අවි පුහුණුව ලබා දී එල්.ටී.ටී.ඊ. ඒ බලපෑම තවමත් තියෙන බව පවසන අරුන් ශ්‍රි ලංක පොදුජන පෙරමුණේ න්‍යායාචාරවරයා වන බැසිල් රාජපක්ෂගේද සමිපතමයෙකු වන අතර උතුරු වසන්තය හරහා කරුණාට,පිල්ලේයාන්ට ලැබුනාසේම අරුන්ට ද කුට්ටිය ලැබුන බව නොරහසකි. ඊට අමතරව අරුන්ව 2015දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මැතිවරණයට ඉදිරිපත් කරමින් පාවිච්චි කිරිමට බැසිල් කටයුතු කළා.

ශ්‍රී ලංකාවට වින කරන ජාත්‍යන්තර බලවේග අතුරින් ඉන්දියාව පිලිබද  මෙන්ම උතුරේ කුළ ගැටුම පිළිබඳව අතිශයෝක්තියකින් සංවාදයක් නිර්මාණය කොට හොර රහසේ උතුරේ චීනයට සින්නක්කර විකිණීමට යන දූපත් ත්‍රිත්වය පිලිබද කතිකාව වසන් කිරීම මෙන්ම ප්‍රධාන වශයෙන් රාජපක්ෂ කදවුරට දැවැන්තම ප්‍රහාරයක් එල්ල කරමින් සිටින ජවිපෙ ප්‍රමුඛ් සන්ධානය මඩ ගෑසිම රාජපක්ෂ කදවුර අරුන් ලවා කරවා ගැනිමට උත්සහ ගනිමින් සිටි.

පොඩි සහරාන්,අරුන් සහ වික්ටර්!

පිල්ලේයාන්ගේ ආයුධ සමග ‘ආවා’ (Avaa) කල්ලි සාදාගනිමින් තමන්ගේ ඇරියස් කවර් කරමින් සිටි අරුණ් පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රධාන සැකකරුවෙකු වන පොඩි සහරාන් හෙවත් ෆස්රුල් රහුමාන් මොහොමඩ් සහරාන් සමගද අරුන් සිද්ධාර්ත් සම්බන්ධයක් පවත්වා තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

අරුන් සහ පොඩි සහරාන් සමග සaජු සබඳතාවයක් නොතිබුනු නමුත් යාපනයේ ආව කල්ලියෙ නායකයා තමන් බව කියා ගනිමින් හිතුමතේ සැදුන කල්ලී සියතට් ගැනිමට අරුන් කටයුතු කලබව නොරහසකි.එම කාලවකවානුවේදි සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යනුවෙන් පෙනී සිටි අයෙකු හරහාය. වික්ටර් හුදකලාව නිර්මාණය වු ආවා කල්ලීයේ ඉදිරිපෙළ සාමාජිකයෙකි.නිශා වික්ටර් 1995 වසරේ උපන්නෙක් වන අතර අන්තර්ජාලය හරහා විවිධ Scam කිරිමට අතීදක්ෂයෙකු ලෙස ප්‍රසිද්ධය.

අනුරගේ ප්‍රහාරය!

එම තොරතුර තවත් තහවුරු විමට ආසන්නතම හේතුවක් වි ඇත්තේ අරුන් සිද්ධාර්ථ හදිසීයේම තමන්ගේ ඉල්ලීම මත හිරු දේශපාලන වැඩසටහනකට පැමිණිමය. එහිදි ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර දහ අතේ පහරදිමට අරුණ් කටයුතු කල අතර ඒ සදහා ඔහු සුදානම්ව පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගන්නැයි මැලේසියාවේ ISIS සංවිධානයට කතා කරන්න කියලා පොඩි සහරාන් නමැත්තකුට උපදෙස් දුන්නේ කවුදැයි සොයාගතහොත් ප්‍රශ්න රැසකට විසඳුම් ලැබේනු ඇති බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 10 වැනිදා විශ්‍රාමික හමුදා නිලධාරින්ගේ සාමූහිකයේ බදුල්ල දිසා සමුළුවේදි කල ප්‍රකාශය අරුන් රත් කිරිමට සමත්ව තිබේ.

2019 දී ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ IS සංවිධානය යළිත් මෙරටට ඇතුළු වී ඇත්දැයි කඩිනම් පරීක්ෂණයක් පවත්වා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව All Ceylon Jamiyyathul Ulama (ACJU) විසින් පසුගිය 24 වැනිදා ලිපියක් යොමු කර තිබේ.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ පැවති අපනයන සහ ආනයන රෙගුලාසි පිළිබඳ විවාදයේදී විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් IS සංවිධානයෙන් පුහුණුව ලැබූ 25 දෙනෙකු මෙරට සිටින්නේ දැයි ප්‍රශ්න යොමු කළහ. ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් අතර වාද විවාද ඇති විය.

මෙහිදී සිදු වූ ප්‍රකාශයන් තුළින් මතුවූ සැකය පදනම් කරගනිමින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් මෙම ලිපි යොමු කිරීමට හේතු විය.

එකී පාර්ලිමේන්තු සැසියේදී සිදු වූ කතාවේ සත්‍ය අසත්‍යතාව සහ පසුගිය කාලයේ මෙන් අදාළ තොරතුරු ලැබී තිබියදීත් කඩිනම් පියවර නොගැනීමෙන් සිදු වූ අනර්ථය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ. එමෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා තිබීම විශේෂත්වයකි.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ බෝම්බකරුවන් අප රට තුළට පිවිස ඇති බවට පා.ම. චමින්ද විජේසිරි මහතා කරන ලද ප්‍රකාශයට අවධානය යොමු කරන මෙන් ඉල්ලීම.

2023.08.23 දින පාර්ලිමේන්තු විවාදය අතරතුර පා.ම. චමින්ද විජේසිරි මහතා විසින් අයි.එස්.අයි.එස්. සංවිධානයේ බෝම්බකරුවන් අප රට තුළට පිවිස ඇති බවටත් ඒ පිළිබඳව පා.ම. වජිර අබේවර්ධන මහතා දැනුවත් බවටත් ප්‍රකාශයක් සිදුකර ඇත. පසුගිය කාලයේ පාස්කු ඉරුදින සිදුවීම තුළින් අප රටට විශාල හානියක් සිදුවූ බව අපි දනිමු. එකී සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳව පෙරාතුවම අප ලද තොරතුරු ආරක්ෂක අංශයට මෙන්ම අදාළ බලධාරීන්ට දැන්වූවත් කිසිඳු තීරණයක් හෝ සොයා බැලීමක් සිදු නොවූ බැවින් කිතුණු භක්තිකයන් පමණක් නොව රටේ සමස්ත ජනතාවම විශාල බලපෑමකට ලක් විය. තවද ආර්ථිකයේද විශාල පසුබෑමක් ඇති විය.

මේ අනුව රටේ යහපත හා අභිවෘද්ධිය සැලකිල්ලට ගෙන මින් මතුවට මෙවැන්නක් සිදු නොවිය යුතු බැවින් පා.ම. චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශය පිළිබදව සොයා බලා ඊට අදාළ නිසි පියවර ගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කරන මෙන් අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි,

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Published on: Jul 23, 2015 –ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ  LNW  ඔත්තු සේවා අනාවරණය කර තිබේ.

මේ වනවිටත් ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයන් පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ කණ්ඩායමද මේ වනවිට ලැබි තිබේන තොරතුරු ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබේ.

ප්‍රථම ලාංකීය ISIS සාමාජිකයා පසුගිය සතියේ ගුවන් ප්‍රහාරයක් මගින් සිරියාවේදී මරණයට පත්විමත් ඔහුට පාකිස්ථානයේ උපාධියක් ලබා ගැනිම සදහා නීතිඥ ෆයිසර් මුස්තාපා අවස්ථාව ලබාදි තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

පසුගියදා මිය ගිය Abu Shuraih Sailani නැමැති  ISIS ශ්‍රි ලාංකික සාමාජිකයා නීති විද්‍යාලයේ අධ්‍යාපණය හදාරමින් සිට ඇති අතර නමුත් ඔහු එම පාධමාලාව සම්පුර්ණ කිරිමට ඔහු සමත්ව නෑ.මේ අතරතුල කාලයේ ෆයිසර් මුස්තාපා සමග සමීප සබඳතාවයන් මෙම පුද්ගලයා පවත්වා ඇති අතර ඒ හරහා ඔහු පාකිස්ථානයටත් පසුව එතැනින් සිරියාවටත් පැන ගොස් තිබේ.

මිට අමතරව තවත් මුස්ලිම තරුණයන් 5 දෙනෙකු පමණ ෆයිසර් මුස්තාපාගේ අනුග්‍රහය යටතේ රටින් පිටුවහල් කර තිබේන බවත් අනාවරණය වි තිබේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර කාලසිමාවේ ෆයිසර් මුස්තාපාගේ ක්‍රියාපාටිපාටිය සම්බන්ධයෙන් මුස්ලිම් නායකයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආරක්ෂක ලේකව්ම්වරයාට සැකපහල කර තිබේන අතර පසුව ඒ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකරමින් සිටියදි ෆයිසර් මුස්තාපා යහපාලනය ගොඩ නැගිම සදහා එක්සත් ජාතික පක්ෂ සමග එකතු වුනා.නමුත් එක්සත් ජාතික පක්ෂයේන් මහා මැතිවරණයට තරග වැදිමට අවස්ථාව අහිමිවිම සහ අර්ජුන රණතුංග සමග ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් පසුව ෆයිසර් මුස්තාපා මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක පත්කර ගනු ලැබුවා.

ෆයිසර් මුස්තාපා ගැන වෙනත් කතා –ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධ යහපාලන ආණ්ඩුවේ අංක එකේ දුෂිතයා

 මෛත්‍රී මගේ මන්ත්‍රිකමට කෙලෙව්වා-ෆයිසර් මත්පෙති ගසා කකුලත් කඩාගෙන

Top