Anonymous Reporter

පාස්කු ප්‍රහාරයට පාර කැපු සිරිසේනගේ ඩොලර් මිලියන 40 යේ නින්දිත දේශපාලන ගේම!

2015 යහපාලන රජය බිද දැමීමට එවක විපක්ෂයේ විපක්ෂ නායක වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ දින පතා පන්සල් ගානේ ගොස් අමුලික බොරු කියමින් ජනතාව ගොනාට ඇන්ද විය. එදා මහ බැංකු අධිපති වු අර්ජුන ඇලෝසියස් මෙරටට පැය 24 තුල කුදලාගෙන යන බවට වහසි බස් දෙඩු සියළු දෙනා අද ගලේ පැහැරූ බළලුන් වී ඇත. එදා මුදල් ඇමතිව සිටි රවි කරුණානායක ඇමතිවරයාටද මේ පාර්ශ වයන් ඉතා බරපතල ආකාරයෙන් චෝදනා එල්ල කරන ලදී. රවි කරුණානායක අධිකරණයට පවා ඉදිරිපත් කරන ලද්දේ ඒ නිසාය. ඒත් අද පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂක මංඩලය පවා ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

එදා මහින්දලා බැඳුම්කර අටමගලයක් ගැන ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවා නින්දිත දේශපාලන ගේමක නිරත වූහ. රටේ අනාගත පරම්පරාවේද හෙට දවස විනාශ කරමින් සිදුකල නින්දිත ක්‍රියාව අද රාජපක්ෂලාටම එරෙහි පාරාවලල්ලක් වී තිබේ.එදවස රවි කරුණානායක ඇමතිවරයාට තම ඇමතිකම දමා ගෙදර යාමට පවා සිදු වුයේ මෙහි ප්‍රථිඵලයක් මතය. ඒත් සත්‍ය වශයෙන් බැඳුම්කරය පිලිබද කතන්දර එය නොවේ .සමාජයට අනාවරණය නොවූ ඒ සත්‍යය මේ වන විට අප සතුව ඇත. බැඳුම්කරය සිරස ප්‍රධාන නාලිකාවේ සඡ්ඝායනා කරන පිරිතක් ලෙස ප්‍රචාරය කරන ලද්දේ බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් පිරිසකි. ඒ චෞරයන්ගේ නම් ගම් සහ උන්ගේ කෙරුවාව අප අනාවරණය කරන්නේ තවදුරටත් රට තුල මෙවැනි තක්කඩි ගේම් සිදු නොවිය යුතු නිසාය. බැඳුම්කර වංචාවේ සත්‍යය යටපත් කරමින් රනිල් හා,රවී කුජීත කරවන්නට ගැසූ තක්කඩි ගේමෙන් කෙල වුනේ රටේ මුල්‍යය විනයටය.

කෙසේ වෙතත් බැඳුම්කර වංචාවට රනිල් හා රවි යන දෙදෙනා සම්බන්ධ කිරීම තුළ සැඟවුන සිදුවීමක් තිබේ.

2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසට අභිෂේක ලැබුවේ රාජිත සේනාරත්නගේ හා චන්ද්‍රිකාගේ එකඟත්වය මතය.එදා රනිල් වික්‍රමසිංහට මෛත්‍රී පිළිබඳව රෙකමදාරු කළ චන්ද්‍රිකා ගේ හා රාජිත ගේ පස්සා පැත්තට පයින් ගැසීමට ජනපතිි පදවියට පත්වූ මෛත්‍රීට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයකි. ඒ ඔහු එපමණකටම කෙලෙහි ගුණ නොදන්න වාහේ කෙනෙකු නිසාය. මෛත්‍රිට 2015 ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙසට මෙරට පැවැති ජනාධිපතිවරණයට මෛත්‍රී ඉදිරිපත් වීමත් එක්තරා බලවත් විදේශ රටකින් ඩොලර් මිලියන 40 කට ආසන්න ගනනක් මැතිවරණ සංවිධාන කටයුතු සඳහා ලැබී තිබේ. මෙම ඩොලර් මිලියන හතලිහකට ආසන්න මුදල මෛත්‍රී සිරිසේන විසින් දහම් සිරිසේන විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා ගේ සමාගමෙි ගිනුමකට බැර කිරීමට සැලසුම් කර තිබේ.ඒ සමාගම එල්කාඩෝ සමාගමයි.මෙම සිදුවීම හරියටම සුනාමි ආධාර මුදලක් සිය පෞද්ගලික ගිනුමට බැර කර ගත්තා හා සමානය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට පසුව එම ඩොලර් මිලියන ගනන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්වූ අතරම ඒ සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.මෙම මුදල් ගනුදෙනුව පිළිබඳව මේ වනවිටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන්ව තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සිදුවීම ගැන කොටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත එම ⁣විදේශීය මුදල් තොගය මහබැංකුවට භාර දීී ඇත.අදාල විදේශීය මුදල් තොගය මහ බැංකුවට බාර දීමෙන් පසු එහි වගකීම මහ බැංකු අධිපතිවරයාටය.

2015 ජනවාරි 08 දින මෙරට ජනාධිපතිවරයා ලෙසට මෛත්‍රිපාල සිරිසේන පත්වෙන ලදී.ඔහු ජනාධිපති වීමෙන් පසුව සිදු කළ ප්‍රථම මැදිහත්වීම වූයේ මහබැංකු අධිපති ලෙසට කුමාරාස්වාමි පත් කිරීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ සඳහ රනිල් ගෙන් අවස්ථාවක් නොලැබුන අතර එම තනතුරට ඔහුගේ ගජමිතුරෙකු වු අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපති ලෙස පත් කරන ලදී. අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේදී මෛත්‍රිපාලගේ කිසිදු විරුද්ධතාවක්ද නොවීය. මෛත්‍රිපාල යනු ඇල්වතුරත් නිවා බොන ජාතියේ කට්ට කයිරාටික පුද්ගලයෙකි.ඉන්පසු දවසකදී ජනපති මෛත්‍රී විසින් හදිසියේම මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට කැඳවිය. මහ බැංකු අධිපති අර්ජුන වෙත මෛත්‍රීපාල විසින් උපදෙස් දී ඇත්තේ තමන්ට විදේශීය රටකින් ලැබුණ ඇමරිකානු ඩොලර් තොගය තම පුතා විවාහ වීමට සිටින තරුණියගේ නිවසේ තබා තිබියදී පසු ගිය ජනාධිපතිවරණය කාලයේදීී එම විදේශීය මුදල් තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත්, අධිකරණ නියෝග මත මහබැංකුවට භාර දි ඇති බවයි.

තව දුරටත් එම විදේශීය මුදල් තොගයරඳවා තබා නොගෙන, වහාම එය සන්තකයේ තබා ගෙන සිටි එල්කාඩෝ ආයතනයේ හිමිකරුට නැවත භාර දෙන ලෙසටත් මෛත්‍රීපාල ජනපතිවරයා උපදෙස් දී තිබේ. එහෙත් ජනපතිවරයාගේ ඒ ඉල්ලීමට අර්ජුන මහේන්ද්‍ර එකඟ වී නැත.

අනතුරුව මහ බැංකු අධිපතිවරයා එම මුදල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් විමසා ඇත.ඊට මහ බැංකු අධිපතිවරයාට රනිල් දී ඇති උපදේශය වන්නේ එම විදේශ මුදල් තොගය අධිකරණය සන්තකයේ පවතින දේපොළක් බැවින් සියළු කටයුතු සියල්ලම නිතියානුකූලව සිදු කරන ලෙසටය.

ජනපති මෛත්‍රිපාල හා අගමැති පළමු සිත් නෝක්කඩුව ඇතිවෙන්නේ මේ කාරණය මුල් කර ගෙනය. දින 52ක් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඒමට මූලික වූයේ මෙම මුදල් ආරවුලය.මහින්ද රාජපක්ෂ ගේ දින පනස් දෙකේ ආණ්ඩුවේදී බැඳුම්කර ගේම නිර්මානය කොට ඒ තුළ අර්ජුන ඇලෝසියස් ,රනිල් ,රවී හසුකොට අමුතුම මාදිලියේ ගේමක් ගසන්නට ⁣තරමේ කපටියෙක් වූ ජනපති මෛත්‍රීපාල රටට පෙන්වූයේ තමා තරම් සුදනකු මෙතෙක් කාලයට මේ රටේ ජනපති පදවියට පත් වී නැති බවය.කෙසේවෙතත් බැඳුම්කර සිදුවීම නිසා මහ බැංකු අධිපති වරයාව සිටි අර්ජුන ඇලෝසියස්ට ගෙදර යාමට පමණක් නොව රටින් ද පැනයාමට සිදුවිය. ඒ සියල්ල මෛත්‍රි ගේ යටි කූට්ටු සැලසුම් වල ප්‍රතිඵලයන්ය.

අනතුරුව ජනපති මෛත්‍රිපාල විසින් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ ඔහුගේ ඔඩොක්කු කුක්කු වූ ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමිය. ඔහු 2015 වසරේ සිට 2016 අතර කාලයේ මහ බැංකු අධිපති වරයා ලෙස කටයුතු කරන ලදී.

මෛත්‍රිපාල ජනපති වරයා විසින් මහා මුදල් ⁣වංචාව සිදු කරන ලද්දේ මේ කාලසීමාවේදීය.සිය පුත්‍රයා වූ දහම් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා වූ එල්කාඩෝ මුදලාලි සන්තකයේ තිබී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන අධිකරණ දේපොලක් ලෙස මහ බැංකුවේ රඳවා තිබුණ ඇමරිකානු ඩොලර් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි කිසිදු නිත්‍යානුකූල පදනමකින් තොරව මුදාා හැර ඇති බවට අපට තොරතුරු ලැබී ඇත.

අධිකරණ දේපොළක් වශයෙන් තිබූ මෙම විදේශීය මුදල් තොගය කවර පදනමකින් මුදා හැරියාද යන්න මේ වනතුරුත් අනාවරණය වී නැත.

හිටපු ජනපති මෛත්‍රිපාල විසින් රටට මේ ප්‍රශ්නයට පිලිතුරු දිය යුතුව ඇත.අපි ඔහුගෙන් මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු ⁣ අපේක්ෂා කරමු.

1.මෙතරම් විශාල මුදලක් මෙරටට ලැබුනේ කුමණ රටකින්ද එම ගනන කොපමනද ?

2.එම මුදල් මුදා හැරියේ කවර ආකාරයේ නෛතික පදනමක් මත ද ?හා එම විදේශීය මුදල් තොගය සම්බන්ධයෙන් පැවැති අධිකරණ ක්‍රියා මාර්ග අවසන් කරන ලද්දේ කවුරුන්ද ……? යන්නය.

මෛත්‍රිපාල සිරිසේන අද අපේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳව හෙලන කිඹුල් කදුළු වල ඇත්ත නැත්ත හා බැඳුන සියළුම තොරතුරු ඊළඟ ලිපියෙන් අපි අනාවරනය කරමු.

ගෙදරින් කෙසෙල් කොළයේ බැඳ බත් කෑ සිම්පල් ජනපති වරයාගේ මහ තක්කඩි කම ඉන් රටට හෙළිවනු ඇත.කෙසේවෙතත් මෙරට ජනපති පදවියේ සිටි කිසිම තැනැත්තකු මෙතරම් විශාල මුදල් තොගයක් වංචා කර නැත. මහින්ද රාජපක්ෂගේ සුනාමි ආධාර මුදල් ගසා කෑමටත් වඩා ජනපති මෛත්‍රීපාල සිදු කළ මෙම මුදල් වංචාව විශාල බව අපි සඳහන් කරමු.

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාවක්ද තිබේ. පහලින් කියවන්න….

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාවක්ද තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව ඔහුගේ දියණිය චතුරිකා සිරිසේන විසින් ලියන ලද ජනාධිපති තාත්තාගේ පසුවදනේ මෙසේ සඳහන්ව තිබේ.

“……..පෙරදින අඳින්නට ඇඳුමක් පමනක් මල්ලක බහා පැමිණි ඒ සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයාය.මේ සියලු බලතල ඇතෑර එළෙසින්ම පිරිසිදු දෑතින් ධුරයෙන් නික්මෙන බව ස්ථිරය.අතීතයද මතුයම් දිනෙක මෙලෙසින් අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල්ම ජයග්‍රහණය වේ….”

චතුරිකා⁣⁣ට සිය පියා ගැන දැන් අභිමානයෙන් ලියන්නට හැකිදැයි අපි නොදනිමු.අපට නම් ඔහු ගැන ලියන්නට ඇත්තේ තුක් නොදකින් කියා විතරමය.පැජට් පාරේ රජයේ ඉඩම් තුනක් මංකොල්ල කා සිය පරාණ බුක්තියට සවි කර ගත් චතුරිකා ගේ තාත්තා කාලකණ්නි මහින්ද රාජපක්ෂලාට නැවත බලයට ඒමට මෙලේච්ඡ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉඩ දී සිංගප්පූරුවේ සාප්පු සවාරියේ ගිය හැටි අපට කෙසේවත් අමතක කරන්නට බැරිය.එලෙසම චතුරිකා ගේ තාත්තා බ්‍රිතාන්‍යයෙන් ලැබුණ ඩොලර් මිලියන හතලිහකට අධික මුදලක් කාට කාටත් කොකා පෙන්නා රහසේම තමන්ගේ පොකට්ටුවට දාගත් හැටි කවුරු කවුරුත් නොදන්නා ගානට හිටියාට අපට ඒ නොසලකා ඉන්නටත් බැරිය.

තමන්ගේ තාත්තා මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර පෑ⁣ දේශපාලඥයෙක් කියා හිතාගෙන හිටියාට මෙි උන්දෑ යමා මහ පෙළහර පා ඇත්තේ ජලයෙන් හා ගින්නෙන් විතරක් නොවේය කියලා දන්නේ අප විතරමය.⁣ඒ කියන්නේ මෛත්‍රීපාල මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර දක්වා ඇත්තේ ජලය හා ගින්නට අසූචිද එක් කරමිනි. යහපාලනයේ ධජය බඳින්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා ගෙන ආ කොඩි ගස වල් එඬරු ගසක් බව කාට කාටත් තේරුම් යන විට පාලනයේ “යහ” කෑල්ලට කෙලවී හමාරය.

මේ තක්කඩියා ගැන රැවටී සිටියේ මෙරට ජනතාව පමනක් නොවේ රට රටවල නායක කාරකාදීන්ද ලෙල්ලටම මුලා වී සිට් බව නිකුත් කළ ප්‍රකාශන වලින් තේරුම් ගත හැක්කේය.ලන්ඩන් නුවර දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවේ කොලොම්බියානු ජනාධිපති මොහු හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොරව ගෙන යාමේ වීරයා ලෙසය.

නවසීලන්ත අගමැති ලිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දිදුලන නායකත්වය සපයනු ඇති බවය.අනෙකුත් විදේශ රාජ්‍ය නායකකාරකාදීන් බොහෝ දෙනෙකුද මේ උන්දෑ ගැන නිකුත් කර ඇති ප්‍රකාශද එවැනිම රෙකමදාරුය.

කෙසේවෙතත් මෙරට ජනපති තනතුර හෙබවූ ජනපතිවරුන් අතුරෙන් එම තනතුරට පත් වූ බූරුවා කූට්ටමේ බූරුවා තරම්වත් වටිනාකමක් නැති එහෙත් අමුතුම මාදිලියේ පට්ට හොර ගෙඩියා මෛත්‍රීපාලය.මොහු ⁣තක්කඩි හොර ගෙඩියෙක් පමණක් නොව දිය යටින් ගින්දර ගෙන යන ජාතියේ පොරකි.

එක දහස් නවසිය හැත්තෑව දසකයේ මුල මෙරට පැවැති සමගි පෙරමුණු රජයේ පොළොන්නරුව ආසනය නියෝජනය කෙරුවේ ශ්‍රීලනිපයේ ලීලාරත්න විජේසිංහය.මෙම මන්ත්‍රීවරයා අම්බලන්ගොඩ බටපොල ඉපිද පසුව පොළොන්නරුවට සේන්දු වූ අහිංසකයෙකි.ඒ මන්ත්‍රී ලීලාරත්නගේ පෞද්ගලික ලේකම්වරයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය.අවසානයේදී ලීලාරත්න විජේසිංහට මේ තක්කඩි මෛත්‍රීපාල නිසා සිරිසඟබෝ කෙනෙක් වෙන්නටද සිදු විය.

මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ සුරා ලෝලියකි.බොහෝ ඉදිරි අරමුණු ඇතුව මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ ගේ බීමත් කමට අත් උදව් සැපයූ බව ⁣ඉතිහාසය දන්නෝ පවසති.එක් අවස්ථාවක ශ්‍රීලනිප දිස්ත්‍රික් රැස්වීමකට අගමැතිණිය පොළොන්නරුවට පැමිණෙන දිනයක මෛත්‍රීපාල විසින් මන්ත්‍රී ලීලාරත්න විජේසිංහට කරටි කැඩෙන තුරු අරක්කු බොන්නට දී ඔහු සිහි විකල් තත්වයට පත් කළ බවද ඉන් අනතුරුව අගමැතිණිය විසින් පොළොන්නරු ආසනයේ ශ්‍රීලනිප සංවිධාන කටයුතු වල වගකීම මෛත්‍රීපාලට පැවරූ බවත් පැවැසේ.මෛත්‍රීපාලගේ මගෝඩි කෙරුවාව ඔන්න ඔය වාගේය.හිතේ එකකි. කෙරුවාව තව විදියකි. බෝධිසත්ව රඟපෑමය.

එබැවින් මේ හොර ගෙඩියා ගැන තවත් අටුවා ටිකා අවශ්‍ය නැත.අප නැවත මෛත්‍රීපාල සිරිසේනගේ කෙරුවාව ගැන ලියන්නේ මී⁣ට පෙර බැඳුම්කර නාඩගම පෙන්වා ඔහු විසින් සිදු කළ මුල්‍ය වංචාව පිළිබඳව ලංකා දවස අනාවරණය කළ ප්‍රවෘත්තිය සමග යටි බිමි ගත තොරතුරු රාශියක් සිද්ධිය දන්නා බොහෝ දෙනෙකු විසින් අප වෙතට එවා ඇති නිසාය.

අප මීට ඉහතදී සඳහන් කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මහ බැංකුවේ තැන්පත් කර තිබූ ඩොලර් මිලියන හතලිහකට මුදල නැවත එල්කාඩෝ සමාගමේ හිමිකරුට බාර දෙන ලෙසට බලපෑම් කරන ලද්දේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රට බව කියාය. එහෙත් ඊට පෙර මෛත්‍රීපාල විසින් මුදල් ඇමති රවි කරුණානායක කැඳවා බලපෑම් කර ඇති බව අපට දැන් දැන ගැන්මට ලැබී තිබේ.රවි කරුනානායක එහිදී මුදල් ඇමති වරයා ලෙස තමන්ට ඒ ගැන මැදිහත් වීමට නෛතික බලයක් නොමැති බව පවසා ඇතැයි අනාවරණය වේ

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර මෛත්‍රීපාල ජනපතිවරයා විසින් කැඳවා බලපෑම් කර ඇත්තේ රවි කරුණානායකගේ මග හැර යාම නිසාය.එහෙත් මෛත්‍රීපාලගේ මගෝඩි අපේක්ෂාව ගැන අර්ජුන මහේන්ද්‍රගේ ප්‍රතිචාරයද සුබදායී නොවීම නිසා මෛත්‍රීපාල විසින් බැඳුම්කර නාඩගමේ පිටපත සකස් කෙරුණ බව දැන් අනාවරණය වී තිබේ.ඒ අර්ජුන මහේන්ද්‍රට රනිල්ට හා රවි කරුණානාය කට පහර දීමටය.

සැබවින්ම බැඳුම්කර සම්බන්ධයෙන් යහපාලනය කාලයේදී මතුවූ මුල්‍යමය නොසැලකිල්ල මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමයේ සිට සිදුවූ වංචාකාරී ගනුදෙනුවකි.එම කාලයේදී ට්‍රෙෂරිස් පර්පචුවෙල් සමාගමේ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ සොයුරියද සේවය කරන ලදී.එහෙත් අතීත විෂමාචාර ගනුදෙනු ගැන සොයන්නට හෝ ඒ ගැන පරීක්ෂණ පවත්වන්නට මෛත්‍රීපාලට අවශ්‍ය වූයේ නැත.ඔහු කොලේ වසා තුරුම්බුව පිටියට දැම්මේ ඒ නිසාය.

රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට රජයේ සේවකයන් ගේ වැටුප් වැඩි කිරීම ඉන්ධන මිල වැඩි කිරීම ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබා දීම වැනි සුබ සාධක යෝජනා ⁣ක්‍රියාත්මක කළ බව අපට මතකය.චන්ද්‍රිකා ජනපති වරිය කාලයේදී මන්ද පෝෂණය වැළඳී තිබුණ සතොස වර්තමානයට ගැලපෙන ආකාරයට සුපිරි වෙළඳ හල් බවට පරිවර්තනය කොට සංවර්ධනය කරන ලදී.මංඟල සමරවීර මුදල් අමාත්‍යවරයා වශයෙන් ක⁣ටයුතු කරන විටද ජනතාවට අනේක විධ සහන ප්‍රදානය කෙරිණි.

Top