පුද්ගලයන් 300 දෙනකුගේ පමණ ජීවිත බිලිගත් සහ තවත් විශාල පිරිසක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය පසුගිය අප්‍රේල් 21 වැනිදා ගෙවී ගියේය. බෝම්බ ප්‍රහාරකයන් පාස්කු දිනයේදී කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කරගත් අතර, ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පූජනීය ස්ථාන බැතිමතුන්ගෙන් පිරී පැවැතිණි. බෝම්බ ප්‍රහාරකයන් එහිදී ක්‍රියාකළ ආකාරයට, ශ්‍රී ලංකාව ගෝලීය සටනක මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේද යන්න සහ ඔවුන් නැවත ප්‍රහාර එල්ලකළ හැකිද යන අවිනිශ්චිතභාව මතුව තිබිණි. මාස දෙකක් තිස්සේ කොළඹ අගනුවර සම්පූර්ණයෙන්ම පාහේ වසාදැමුවේ මිනිසුන් බියෙන් ජීවත් වූ බැවිනි. බෝම්බ ප්‍රහාරය ජාතික දේශපාලනයේ ගමන් මග ද වෙනස් කළේය. ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ වාර්ගික හා ආගමික බහුතරයට නිසි තැන ලබාදෙන බවට පොරොන්දු වූ ජාතිකවාදී දේශපාලනඥයන්ට පෙරට ඒමට එය මග පෑදීය.

අද වන විට එම සිදුවීම් පිළිබඳ මතකය බොහෝදෙනාගෙන් ඈත් වී ඇත. එහෙත් බෝම්බ ප්‍රහාරයේ බලපෑම දිගුකල් පවතින්නක් බවට පත්ව තිබේ. විදේශ ආයෝජකයන් සහ සංචාරකයන් ශ්‍රී ලංකාවට නොපැමිණීමෙන් ඇති වූ ආර්ථික පසුබෑම මධ්‍යයේ මැතිවරණ ජයග්‍රහණය කළ අයගේ දූෂණ සහ වැරදි කළමනාකරණය හේතුවෙන් රටේ ආර්ථිකය බංකොලොත්භාවයට මග පෑදීය. විදේශීය සහ දේශීය ඔත්තු සේවා විසින් ප්‍රහාර සැලසුම් කළ අය සහ ප්‍රහාරවලින් ඉලක්ක කළ අය ගැන කල්තියා අනතුරු අඟවා තිබියදීත්, ප්‍රහාර එල්ලවූ අතර, ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමට හෝ සත්‍යය සොයාගැනීමට අවශ්‍යතාව නොමැතිවීම හේතුවෙන් වත්මන් සහ පසුගිය ආණ්ඩුවල නායකත්වයන් කෙරෙහි විශ්වාසය පළුදුවී ඇත. එමනිසාම වැරදිකරුවන් ආරක්‍ෂා කරන බවට අද රට තුළ පුළුල් හැඟීමක් ඇති වී තිබේ.

රටේ කතෝලික පල්ලිය විසින් මියගිය අයව ශාන්තුවරයට පත්කිරීමට හෝ ප්‍රාණ පරිත්‍යාග කළවුන් ලෙස නම්කිරීමට දරන උත්සාහය ජාතික හා අන්තර්ජාතික වශයෙන් මෙම සමූහ ඝාතන ප්‍රශ්නය සජීවීව තබාගැනීමේ උත්සාහයකි. මේ සඳහා අන්තර්ජාතික පූර්වාදර්ශයන් ද තිබේ. උදාහරණ ලෙස කතෝලික සභාව හරහා අන්තර්ජාතිකකරණය වූ වියට්නාම ප්‍රාණ පරිත්‍යාගිකයන් හෝ 16 වැනි සියවසේ ජපන් දිවිපිදූවන් දැක්විය හැක. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසා ඇත්තේ, පාප්වහන්සේගේ දැනුවත්භාවය සඳහා රෝමයට යැවීම වෙනුවෙන් රට පුරා සිටින කතෝලික ප්‍රජාවගෙන් අත්සන් එකතු කිරීමේ පළමු පියවර පල්ලිය විසින් ආරම්භ කරන බවයි. “මක්නිසාද අපි ඔවුන්ව ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශ කළ පසු, අන්තර්ජාතික ප්‍රජාව ඔවුන්ව වඩවඩාත් හඳුනාගෙන එය අන්තර්ජාතික කාරණයක් බවට පත්වනු ඇත”. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහමග මහජන විරෝධතාවලදී මෙන්ම, ජාතික නායකයන් හා අන්තර්ජාතික ප්‍රජාව සමඟ බලපෑම් කරමින් යුක්තිය ඉල්ලා මියගිය පවුල්වල හැඟීම් වෙනුවෙන් හඬනැගීම්වලදී ඉදිරියෙන් සිටීමට අධිෂ්ඨානශීලීව කටයුතු කර ඇත.

තොරතුරු රඳවා තබාගැනීම

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට තුඩුදුන් සිදුවීම් පිළිබඳ නිල පරීක්ෂණ කිහිපයක්ම සිදුකර ඇත. ආරක්‍ෂක අංශයේ ඉහළ තනතුරු දැරූ දෙදෙනකුට ටික කලක් සිරගතවීමට පවා සිදු වූ අතර තවත් පිරිසකට රාජකාරි පැහැරහැරීම හේතුවෙන් විශාල දඩ මුදලකටද යටත් වීමට සිදුවිය. එහෙත් තවමත් තොරතුරු වසන් කිරීමක් සිදුවී ඇති බව දැනීම ප්‍රබලය. කාලයාගේ ඇවෑමෙන් සත්‍යය වසන් කිරීමක් පිළිබඳ තවත් සාක්ෂි මතු වී තිබේ. සත්‍ය බව සහතික කළ හැකි සහ සැඟවිය නොහැකි කරුණු පවතින බව පෙනේ. විමර්ශන හැකියාවන් සහිත ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල සහ පොලිසියේ සාමාජිකයින් සතුව ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි නිසැකවම තිබේ. එහෙයින් සත්‍යය හෙළිදරව් වීම පිළිබඳ ගැටලුව වන්නේ කාලය පමණක් වේ.

බෝම්බ ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට ලබාදුන්නේ මීට සති දෙකකට පෙරය. ඔවුන් කළින් ලබා දී තිබූ වාර්තාවේ, එයද දීර්ඝ ප්‍රමාදයකින් පසුව පිටු 1500ක් පමණ ඉවත් කර ඇති බව ප්‍රකාශ විය. යුක්තිය සඳහා වන ගවේෂණයේ ඊළඟ අදියර නව ආණ්ඩුවක් යටතේ සිදුවනු ඇතැයි බලාසිටීමට සිදුවනු ඇත. නව ආර්ථික දිශානතියක් තීරණය කිරීම සඳහා අවශ්‍ය වන ආකාරයටම, සත්‍යය තහවුරු කරගැනීමේ දිශානතිය සඳහාද ජනතා වරමක් අවශ්‍ය නොවේ. යුක්තිය මූලික වශයෙන් සැළකිලිමත් වන්නේ ජනප්‍රිය මතය හෝ මැතිවරණ වරම පිළිබඳව නොවන අතර, එය විශ්වීය ආචාරධර්ම සහ නෛතික ප්‍රමිතීන් මත පදනම් වූ සාධාරණ සැළකීම අපේක්ෂා කරයි. අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ, ආණ්ඩුවේ සිටින අයට සත්‍ය හෙළිකිරීමට ඇති දැඩි අවශ්‍යතාව සහ තමන් සිටින බෝට්ටුවට ගිලෙන්නට නොදී රැකගැනීමට පවතින කැමැත්ත හේතුවෙනි.

ප්‍රශ්න කිරීම සඳහා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව කොළඹ අගරදගුරු පදවියේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විවෘතව කියාසිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම දේශපාලන පද්ධතියේ වෙනසක් මත තීරණය කෙරෙනු ඇති බවයි. තමන් අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට සවිස්තරාත්මක ප්‍රකාශ ලබාදී ඇති බවද එතුමෝ සඳහන් කළහ. එසේ තිබියදීත්, ඔහු හෙළිකළ තොරතුරු මත පදනම්ව සැළකිව යුතු පරීක්ෂණයක් සිදුනොවීය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් හෙළිදරව් කිරීමට ආණ්ඩුව දක්වන කැපවීම පිළිබඳව ඔහු සැක පළකළ අතර, එය සිදුවීමට නම් දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට ඔහුගේ අදහස විය.

නව ආණ්ඩුවක්

2019 පාස්කු ඉරිදා සිදුවීම් වඩාත් තියුණු වන්නේ කොළඹ සහ මඩකලපුව පල්ලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ ක්‍රිස්තියානි ප්‍රජාවගේ මතකයේ ය. ඒ අතරම, එදා සිදු වූ ජීවිත හානි වෙනත් තැන්වල සිදු වූ සිදුවීම් හා වෙනත් අවස්ථාවල සිදු වූ හානිවලින් වෙනස් නොවන බව මතක තබා ගත යුතුය. කිතුනුවන් සහ ඔවුන්ගේ නායකත්වය යුක්තිය සඳහා වූ ප්‍රයත්නය අත්නොහරිමින්, හානියට පත්වූවන් සිහිපත් කරන්නේ නම්, තමන්ට අහිමිවූවන් අඛණ්ඩව සිහිපත් කිරීමටත් යුක්තිය සඳහා වන ගවේෂණය අත්නොහැරීමටත් පවතින අධිෂ්ඨානය කිසිවිටෙකත් අවසන් කරනු ඇතැයි සිතිය නොහැක. 2009 මැයි මාසයේදී, එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමත්, අද දක්වාම බොහෝදෙනා සම්පූර්ණයෙන් නොදන්නා තත්ත්වයන් තුළ එහි නායකයන් ඝාතනය කිරීමත් සමඟ උතුරේ යුද බිමේ දශක තුනක අභ්‍යන්තර යුද්ධය ඉතා ලේ වැකි ලෙස අවසන් විය.

සමූහ ඝාතන සිදුවූයේ 2009 මැයි සිදුවීම්වලදී පමණක් නොවේ. මීට වසර විස්සකට පෙර 1989 දී ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත් වූ අතර එහි නායකත්වය ද ඝාතනය විය. දසදහස් ගණන් මිනිසුන් මරාදැමූ ප්‍රචණ්ඩ ක්‍රියා එහිදීද සිදුවිය. එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ විනාශය සිදුවූයේද මතුපිටින් පෙනුණු තත්වයන්ට වඩා වෙනස්ව, විවිධ පැතිවලින් හඳුනානොගත් ඝාතන සිදුවූ තත්ත්වයන් තුළය. සත්‍යය, වගවීම, වන්දි ගෙවීම සහ දේශපාලන විසඳුම ගෙනඑන සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ක්‍රියාවලියක් තිබිය යුතු යැයි ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නන් ඉල්ලා සිටින්නේ මේ නිසාය.

පසුගිය සතියේ ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ජාතික සංහිඳියා ක්‍රියාවලියේ නියැලී සිටින සිවිල් සංවිධාන සහ රජයේ යාන්ත්‍රණ අතර හමුවක් සංවිධානය කළේය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය, සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාව සඳහා වන අතුරු ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කිරීමේදී ධනාත්මක මැදිහත්වීමක් සහ ගැටලු විසඳීමේ හැඟීමක් ඇතිවිය. සත්‍ය සෙවීමේ කොමිෂන් සභා නීති කෙටුම්පතේ තවමත් ජවිපෙ යුගයේ සහ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රශ්න ගැන සාකච්ඡා කර නැත. කතෝලික සභාව සහ ප්‍රනාන්දු පියතුමා එළිපිටම ඉල්ලා සිටින, යුක්තිය සහ ජාතික සංහිඳියා ක්‍රියාවලිය සඳහා ඇති බාධකවලින් මිදීම සඳහා මැතිවරණ හරහා පැමිණෙන ක්‍රම වෙනසක් අවශ්‍යව තිබේ.

ජෙහාන් පෙරේරා

බ්‍රිතාන්‍ය Channel 4 නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා චිත්‍රපටයේ අන්තර්ගතය සහමුලින්ම බොරුවක් බවත්. එම නාලිකාවේ ද්වේශ සහගත ව්‍යාජ ප්‍රබන්ධය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් දීර්ඝ පැහැදිලිකිරීමක් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කිරිමට කටයුතු කර තිබේ. වැඩසටහන විකාශ වි පැය කිහිපයක් ගතවනවිට එම නිවේදනය නිකුත් කිරිම හරහා “හොරාට පෙර කෙසෙල් කැන වැට පනී” මෙන් තමන් ඇතුලු රාජපක්ෂ ජුන්ටාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ අයින්ද්‍රීය කොටස්කරුවන් බවත් පාස්කු ප්‍රහාරය තමන්ව බලයට ගෙන එමට කල කුමන්ත්‍රණයක් බවත් පිලිගෙන තිබේ.

උපුටා ගැන්ම ජනතාව බලයෙන් පන්නා දැමු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කල නිවේදනය.

“2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වුවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි.”

උපුටා ගැන්ම අවසන්….

කිසිදු විමර්ශනයකින් තොරව විඩියෝව නිකුත් වි පැය කිහිපයක් යනවිට සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු නොවු බව ගෝඨා ටක්කෙටම පවසන්නේ කවර පදනමින්ද? එතනින් එහාට ගෝඨාගේ මාධ්‍ය නිවේදනය ගැන කතාකර වැඩක් නැත.ජනතා විරෝධය මැද යටකලිසම පවා අමතකකර පැනගිය ගෝඨා එම නිවේදනයේ සදහන් කර ඇති ලැජ්ජාසහගතම කොටස වනුයේ ” එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.”යනුවෙනි.

අනිත් අතට (07) ගෝඨාභය රාජපක්ෂ විසින් “ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම චැන් 4 චිත්‍රපටය” නමින් මාධ්‍ය නිවේදනයට සිරස්තලය යොදා නිකුත් කර තිබුනද “ගෝඨාභය රාජපක්ෂ 7 වන විධායක ජනාධිපති” යනුවෙන් වගකීම සඳහන් කර ඇතත් අත්සන යොදා නැත්තේ එම නිවේදනයේ සදහන් කරුණු සම්බන්ධයෙන්ද තමන්ට වගකිමට තරම් කොන්දක් නැති අයෙකු බව ප්‍රදර්ශනය කරමින් ය.

ගෝඨාගේ හදීසිය! සහ සලේගේ පාවාදීම!

ගෝඨාගේ අත්සනවත් නැති හදීසි මාධ්‍ය නිවේදනයට ආසන්නතම හේතුව වි ඇත්තේ සලේ හෙවත් සොනීක් තමන්ව පාවාදෙනු ඇති බවට ඇතිවු දැඩි භිය නිසා බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.මේ වනවිට සලේ රනිල්ගේ සුවච කීකරු බත් බැලයෙකු වි සිටිම ගැන ගෝඨා තුල මෙන්ම රාජපක්ෂ සනුහරයම තුල දැඩි භීතියක් ඇති කිරිමට සමත්ව තිබේ.පාස්කු ප්‍රහාරයේ පළමු චුදීතයා වන රාජ්‍ය බුද්ධී අංශ ප්‍රධානී සූරේෂ් සලේ ආරක්ෂක ප්‍රධානින් සියලුම දෙනාට ඉහලීන් අණදෙන්නෙකු ලෙස ජනපති නියෝගයෙන් කටයුතු කිරිම මේ බයට ආසන්තම හේතුව වි තිබේ.සලේගේ පවු සොදාගැනිම සදහා ඔහු ඔනෑම පාවාදීමක් කරනු ඇති බවයි රාජපක්ෂලාගේ විශ්වාසය වි ඇත්තේ. එය බොහෝවිට තීරණාත්මක මැතිවරණයක් ආසන්නයේ මෙම පාවාදිම සිදුවිය හැකි බවයි රාජපක්ෂලාගේ විශ්වාසය වි ඇත්තේ.

ලසන්ත ඝාතනය ගෝඨා පිලිගනී!

බ්‍රිතාන්‍ය Channel 4 නාලිකාව පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය අනාවරනය කිරිම අතරතුර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන්ද අනාවරණයක් සිදුකල අතර එහිදි කවුරුත් දන්නා ඝාතක ගෝඨාභය සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය වුවද ඒ සම්බන්ධයෙන් නිවේදනයේ දක්වා නැත්තේ තමන් ලසන්තගේ ඝාතකයා බව පිලිගන්නා නිසාද?

පිල්ලෙයාන් නෑ නොකියයි!

අනිත් අතට ගෝඨාභය හුරතලේකු ලෙස ඇතිකර ගත් සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් CID යට ගොස් කර ඇති ප්‍රකාශය හරහා ඔහු සහ අසාද් මවුලානා මෙන්ම රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ යන අය අතර තිබු සම්බන්ධකම පිළිබඳව ප්‍රතිකේෂ්ප කර නෑ.අසාද් මවුලානාගේ හෙළිකිරීම් අනුව පිල්ලෙයාන් නායකත්වය දැරූ ඝාතක කණ්ඩායම සහ සුරේෂ් සලේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමඟ ඍජු සම්බන්ධතා තිබූ බව තරයෙම අවධාරණය කර තිබේ.

පිල්ලෙයාන් සහ තමන් කැඳවා ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ …

“We met Gotabhaya Rajapakse in his room. He had the ‘Sunday Leader’ paper in front of him. He said ‘This Balla’, in Sinhala balla means dog. This Balla is always playing with me. He said “Lasantha should be killed. If you can, you can do it immediately. Soon as possible.”

– Hanzeer Azad Mualana

“අපි ගෝඨාභය රාජපක්ෂ මුණගැසුනා ඔහුගේ කාමරයේදී. ඔහු ඉදිරියෙහි ‘සන්ඩේ ලීඩර්’ පත්‍රය තිබුණා. ඔහු කිව්වා, “මේ බල්ලා”, සිංහලෙන් බල්ලා කියන්නේ Dog ට. මේ බල්ලා නිතරම මාත් එක්ක ගැටෙමින් සිටිනවා. ලසන්ත මරා දැමිය යුතුයි කියලා ඔහු කිව්වා. ඔබට හැකි නම්, ඔබ ඒක වහාම කරන්න. හැකි ඉක්මනින්.”

– හන්සීර් අසාඩ් මව්ලානාදැන් ලසන්ත ඝාතනයේ ප්‍රබලම සාක්ෂීය මතුපිටට පැමිණ තිබේ. නමුත් අවාසනාවකට ලසන්තව විකුණන් කමින් ආරම්භ කල රාජ්‍ය නොවන සංවිධාන සියල්ලක්ම දැන් රනිල් රාජපක්ෂගේ ඔඩොක්කු කුක්කෝ වි අවසන් ය.එමනිසා ලසන්තට මෙන්ම මේ රටේ මිනිසුන්ගේ අවාසනාවට කිසිදිනක යුක්තිය ඉටු නොවනු ඇත.

ගෝඨාභයගේ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම චැනල් 4 චිත්‍රපටය

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය 2019 නොවැම්බරයේ දී මා බලයට පත් කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම සඳහා හිතා මතාම සිදු කරනු ලැබූවක් බව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නවතම චිත්‍රපටයේ ඇති ප්‍රධානම චෝදනාවයි. මෙම චෝදනාව රඳා පවතින්නේ යුරෝපයේ දේශපාලන රැකවරණ සඳහා අයදුම්කරුවෙකු වන හන්සීර් අසාද් මවුලානා නැමැත්තෙකු විසින් ප්‍රධාන මැරෙන බෝම්බකරු සහරාන් සහ ඔහුගේ සහෝදරයා වන සයිනී මව්ලවි යන අයට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හඳුන්වා දුන් බවට කර ඇති ප්‍රකාශයකි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ හමුදා බුද්ධි සේවා අධ්‍යක්‍ෂ ලෙස ඉටු කරන ලද ඔහුගේ අතීත භූමිකාව නිසාය. මේජර් ජෙනරාල් සලේ මගේ අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හඳුන්වා ඇත. නමුත් ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර, සියලුම හමුදා නිලධාරීන් තනි පුද්ගලයින්ට නොව රජයට පක්ෂපාතී වේ. මම ද හිටපු හමුදා නිලධාරියෙක් වන අතර, ඔහු මෙන්ම මමත් විවිධ ආණ්ඩු යටතේ සේවය කර ඇත්තෙමි.

2015 දී ආරක්‍ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වන තුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. තමා 2016 දී හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ අතර, එතැන් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර්-කවුන්සලර් තනතුරේ කටයුතු කළ බවත්, මෙම හමුව සිදු වූවා යැයි කියන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් මේජර් ජෙනරාල් සලේ චැනල් 4 වෙත දන්වා තිබුණි. තවද, 2019 ජනවාරි සිට නොවැම්බර් මස දක්වා ඔහු ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව හදාරමින් ඉන්දියාවේ සිටි අතර, 2016 සිට 2019 දක්වා මේ මුළු කාල පරිච්ඡේදය තුළම ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ව්‍යුහය තුළ ක්‍රියාත්මක නොවුන බව ද දන්වා ඇත. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වුවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ හමුදා බුද්ධි අංශ සම්බන්ධ වූ බවට ඔවුන්ගේ චෝදනාව තහවුරු කිරීම සඳහා, 2018 නොවැම්බර් 30 වන දින වව්නතිව් හීදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ ආයුධ සොරකම් කිරීම සහ 2019 ජනවාරි 16 වන දා වනාතවිල්ලුව ආරක්‍ෂිත නිවාසයක් තුල පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධීන් සම්බන්ධයෙන් ආරම්භ කරන ලද පොලිස් පරීක්ෂණ හමුදා බුද්ධි අංශ විසින් කඩාකප්පල් කල බව මෙම චිත්‍රපටයේ කියැවේ. 2015-2019 ආණ්ඩුව බුද්ධි අංශ සහ විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කල බව මුළු රටම දනී. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් සැලකිය යුතු ගණනක් යහපාලන ආණ්ඩුව සමයේ මාස ගණන්, අවුරුදු ගණන් රිමාන්ඩ් භාරයේ සහ පොලිස් අත්අඩංගුවේ කාලය ගත කළ බවත් සියලුම ශ්‍රී ලාංකිකයන් දනිති. එබැවින් 2015 – 2019 ආණ්ඩුව සමයේ හමුදා බුද්ධි අංශය පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශය හාස්‍යයට කරුණකි.

2015-2019 ආණ්ඩුව විසින් මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නොසලකා හැරිය බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු සිරියාවට ගොස් අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වී ඇති බවත්, විදේශීය ඉස්ලාම් ආගමික දේශකයින් ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කරන බවට 2016 නොවැම්බර් 18 වන දා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ කළ හෙළිදරව්වද එම ආණ්ඩුව නොසලකා හැරිය බව ඔවුන් ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2018 මාර්තු 23 සිට 25 දක්වා ලේවැල්ල ප්‍රදේශයේ ලැගුම් හලක පුහුණු කඳවුරු පවත්වා ඇති අතර 2018 අප්‍රේල් සහ මැයි මාසවල දී නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම් හලක ද තවත් රැස්වීම් පවත්වා ඇති අතර, ඒ සියල්ල පොලිසියට වාර්තා වී තිබූ නමුත් විමර්ශනය කර නැත.

සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් 2018 අගෝස්තු 27 අලුයම කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමේ දී බරපතළ තුවාල ලැබීය. කලින් සඳහන් කළ වව්නතිව් සහ වනාතවිල්ලුව සිද්ධීන් හැරුණු විට 2018 දෙසැම්බර් මස අගදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ද ප්‍රහාර එල්ල වූ සිද්ධීන් ද විය. ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි, මෙම ඕනෑම සිදුවීමක් නිසි ලෙස විමර්ශනය කලේ නම් ත්‍රස්තවාදීන් කලින් අත්අඩංගුවට ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට හැකි වීමට ඉඩ තිබුණි. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදා බුද්ධි අංශ නොවේ. මේ මුළු කාලය තුළම මම බලයේ නොසිටියා පමණක් නොව බොහෝ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්ම, මම ද එවක ආණ්ඩුවේ දඩයමට හසු වී, 2015 සිට 2019 නොවැම්බර මස ජනාධිපති වන තෙක්ම එක් පොලිස් ඒකකයකින් තවත් පොලිස් ඒකකයකටත් එක් උසාවියකින් තවත් උසාවියකටත් යමින් සිටියෙමි.

මේ අලුත් චිත්‍රපටියෙන් මට එල්ල වූ එක් චෝදනාවක් වූයේ, මම ජනාධිපති වූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන නිලධාරීන් මාරු කර පරීක්‍ෂණ කඩාකප්පල් කළ බවය. මේ සඳහන අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට බව මම උපකල්පනය කරමි. මහාධිකරණයේ විභාග වෙමින් පැවති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනඥයෙකු සමඟ ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට දුරකථන හඬපටවලින් හෙළි වී තිබූ අතර, ඔහු වැන්නකු මොනම තත්ත්වයක් යටතේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් සහිත තනතුරක තබා ගැනීමට මොනම ආණ්ඩුවකටවත් නොහැක. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙක් මා බලයට පත්වීමෙන් පසු මාරු කර යවනු ලැබුනේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයත් මම බලයට පත් වීමත් අතර මාස හතකට ආසන්න පරතරයක් තිබුණ නිසා ඒ කාලය තුළත් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබුණි. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් 2016ත්, 2019ත් අතර කාලයේ වූ නොසැලකිල්ලට ද ශානි අබේසේකරත් වගකිව යුතු විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව මට භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම මා ප්‍රතික්ෂේප කළ බව චැනල් 4 නාලිකාව කියයි. එය අමූලික බොරුවකි. එම වාර්තාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති. පසුගිය වසරේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඇතමුන් මා සම්බන්ධ කිරීමට පටන් ගත් විට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා එෆ්බීඅයි / සීඅයිඒ සහාය ලබා ගැනීමේ හැකියාව ගැන සොයා බලන ලෙස මම වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහට උපදෙස් දුන්නෙමි. 2022 අප්‍රේල් 07 වැනි දින, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් මහතා තානාපති සමරසිංහට පිළිතුරු ලිපියකින් මෙසේ දන්වා තිබුණි.

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි… ප්‍රහාරයෙන් ඉක්බිතිව, සහ අද දක්වාම, එක්සත් ජනපද රජය වගකිවයුත්තන් විමර්ශනය කිරීමට සහ ඔවුන්ට නඩු පැවරීම සඳහා සහාය ලබා දී ඇත. 2021 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද පුරවැසියන්ගේ මරණ සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ පැමිණිල්ලක් ද ගොනු කළේය. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය ඔබේ රජයට දිගටම සහයෝගය ලබා දීමට සූදානම්ව සිටියත්, ප්‍රහාරයන් සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම තේරුමක් නැත… මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ප්‍රහාරයෙන් පසු සතිය තුළ, නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීම සඳහා යෙදවූ බව මම අවධාරණය කිරීමට කැමැත්තෙමි. මේ සහයෝගීතාවයට සාක්ෂි එකතු කිරීම, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ඩිජිටල් උපාංග පරීක්‍ෂා කිරීම යනාදිය ඇතුළත් විය…”

ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් අමතර ඉල්ලීමක් කළහොත් ඒ වන විටත් (එනම් 2022 අප්‍රේල් මාසයේ දී) කොළඹ රැඳී සිටී ඇමෙරිකා එක්සත් ජනපද පරිචෝදකයන් දෙදෙනාගේ සහය ලබා දීමට හැකි බව ද ලෑන්ඩ්බර්ග් මහතා තවදුරටත් එම ලිපියේ සඳහන් කර තිබුණි. මීට පෙර 2021 ජනවාරි 08 වන දින, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, එහි මෙසේ සඳහන් විය.

“…අයිඑස්අයිඑස් නැමති විදේශීය ත්‍රස්තවාදී සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත… ඔවුන් ‘ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්’ ලෙස හැඳින්වූ අයිඑස්අයිඑස් ආධාරකරුවන් පිරිසක සාමාජිකයන් විය. එම කණ්ඩායම 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අතර, එම ප්‍රහාරය නිසා එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 දෙනෙකු මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු විය… ප්‍රහාරයෙන් දින දෙකකට පසු, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ එම ඝාතන ‘ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්’ වෙත ආරෝපණය කරමිනි… 2020 දෙසැම්බර් 11 වැනි දා ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් උසාවියේ දී පවරනු ලැබූ අපරාධ නඩුව, ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර ජාතිකයින් නිතර ගැවසෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වූ එෆ්බීඅයි ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තුල කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයකි.”

චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කලෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු වලට ද මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා ද විය. බෝලවලාන ප්‍රදේශයේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේ දී ද මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළෙමි. එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.

ගෝඨාභය රාජපක්ෂ

රණවිරු ගායට ආණ්ඩුවෙන් සැප දෙයි! සොල්දාදුවන් 50ක් රැගෙන ගොස් රඳවාගෙන වද දෙයි! හමුදාවට අණදෙන්නේ සලේ!

TNA තීරණයෙන් ගෝඨා වියරු වැටේ….. පිල්ලෙයාන්, වර්දරජා දෙමළ ජනයා බියගැන්වීමේ උත්සහයක…. සියලු මෙහෙයුම් හෙන්දාවිතාරණ යටතට

තවත් අන්තවාදී ප්‍රහාරයකට රනිල්-රාජපක්ෂ කල්ලී හදයි! අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය! යනුවෙන් දේශපාලන බල ගැටුම සම්බන් ධයෙන් අප කල දුගුදුර අනාවරණය මෙන්ම ජාත්‍යන්තරවද ලංකාව ගමන් කරමින් සිටින අන්තවාදී දේශපාලන උපක්‍රම පිළිබඳව කල විග්‍රහයන් මෙන්ම අනතුරු ඇඟවිම් පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරිම හමුවේ ආණ්ඩුවේ නිරුවත් වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරනවා. පාර්ලිමේන්තුවේ හදිසි ප්‍රශ්න කිරිම හමුවේ කුමන්ත්‍රණකරුවන් කලබලයට පත්ව ඇති බවද ඔහු අනාවරණය කළා.

ජාති ආගම් ඝට්ටනයක් හරහා සිදුවන තවත් පිපිරීමක් ගැන සඳහන් විදේශ බුද්ධි අංශ වාර්තාවක් සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර ඇති හෙයින් ඒ ගැන වහා තොරතුරු සොයා බලා මේ සභාව දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී (24) ඉල්ලීමක් කර සිටියා.

“ජාත්‍යන්තර බුද්ධි අංශ නිකුත් කර ඇති වාර්තාවක් ගැන දෙස් විදෙස් මාධ්‍යවල තොරතුරු සඳහන් වෙලා තියෙනවා. මේ රටේ විවිධ ජාති ආගම් අතර ඝට්ටනයක් ඇති වෙලා තවත් පිපිරීම් තත්ත්වයක් ගැන මේ වාර්තාවේ සඳහන් වන බව ප්‍රකාශ කරනවා.”

“මේක ඉතා භයානක කාරණයක්.ඒ වගේම ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක්. වහාම දේශපාලන පක්ෂ කැඳවලා මෙය ඇත්තක්ද බොරුවක්ද කියලා හොයන්න ඕන.පාස්කු ප්‍රහාරය සමග ඇති වූ ආරක්ෂක ව්‍යාකූලත්වය අපි දැක්කා. මේ සංවේදී කාරණය ගැන රජය අවධානය යොමු කරන්න ඕන. ඊට පස්සේ මේ සභාව දැනුවත් කිරිමට කටයුතු කළ යුතුයි.”

රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නෑ.

සජිත්ගේ මෙම ප්‍රශ්ණ කිරිම හමුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නැති බවයි.මෙය තමා ප්‍රකාශ කරන්නේ වගකීමෙන් බවද ඔහු සඳහන් කර සිටියා.

“විවිධ කට කතා, ෆේස්බුක් පණිවිඩවලට උත්තර දිදී ඉන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දක්වනවා. රටේ සමහර තැන් වල සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබල හා කෝලාහල ඇති කිරීමට විවිධ උත්සාහ ගන්න බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වනවා. ඒ කණ්ඩායම් ගැන රජයේ ආරක්ෂක අංශ රජය අවධානය යොමු කරලා තියෙනවා. මුලතිව් ප්‍රදේශයේ ඇන්තනී ජෙගනාදන් නැමැති පුද්ගලයකු කුරින්දි පුරාවිද්‍යා භූමිය ගැන විශේෂ අවධානය යොමු කරන කෙනෙක්. කතෝලික බැතිමතෙක්.ඔහුට මෙතන තියෙන ප්‍රශ්නය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔහු මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න විශේෂ උත්සාහයක් ගන්න බව පේනවා.” යනුවෙනි.

පාස්කුවේ අදුරු මතකය ….

2019 අප්‍රියෙල් 21 ප්‍රහාරය පසුපස රාජපක්ෂලා ප්‍රමුඛ අන්තවාදීන්ගේ මෙහෙයුම ගැනද අප මෙන්ම තවත් මාධ්‍ය සගයන් 2016 වසරේ සිටම අවස්ථා ගණනාවකදි අනාවරණය කරන්නට විය. අවසානයේ ප්‍රහාරයට දින 4ක් තිබියදි ඉන්දීය රෝ ඔත්තු සේවය මෙන්ම තවත් ඔත්තුකරුවන් රැසක්ම ප්‍රහාරය ගැන තොරතුරු අනාවරණය කලද ප්‍රහාරය සිදුවනතෙක්ම ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අංශ දක්වා නිහඩව සිටියේ මන්ද යන්න දැන් නොරහසකි.

මේ දියත් වන්නේ එහි දෙවනි ඉනිමයි. 21 ප්‍රහාරයට පාර කපමින් එවකට ජනපතිව සිටි සිරිසේන උන්නැහේ ආරාක්ෂක මණ්ඩලය තුල තමන්ව ඝාතනය කරන්නට පගරනැට්ටන් උත්සහ ගන්නා අකාරය පිළිබඳව කතා කරමින් කාලය කා දැමු අතර ගෝඨාභය බලයට ගෙන එම සදහා මෙන්ම සජිත් පරදවා පක්ෂයේ බලය සියතේ තබා ගැනිම සදහා දතකමින් සිටි කණ්ඩායම් ඉතාම සියුම්ව සිය මෙහෙයුම ගෙන ගිය බව දැන් රටම දනී.

මේ යන්නේ පරණ පාරෙමය. වෙනසකට ඇත්තේ එදා ජනපති පුටුවේ සිටි රාජපක්ෂ රූකඩය වු සිරිසේන වෙනුවට අද රනිල් රූකඩ නැට්ටා විමය.අනිත් අතට ජනතාව පන්නා දැමු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමිපතම මෙන්ම රාජපක්ෂලාගේ මජර වැඩ සියල්ලක්ම මෙහෙයවනු ලැබු, පාස්කු ප්‍රහාරයේ පළමු චුදීතයා වන රාජ්‍ය බුද්ධී අංශ ප්‍රධානී සූරේෂ් සලේ හෙවත් සොනීක් ද තවමත් ජාතික ආරක්ෂාවට වගකියමින් සිටිමය. ඒ අනුව සතිපතා ජනතාවට විවිධ ආතල් දෙන ආණ්ඩුව සිය දේශපාලන කුමන්ත්‍රණය නිසිලෙස දියත් කරමින් සිටින බවද ඉතා පැහැදිලිය.

ජාතික ආරක්ෂාව පරණ පාරෙම….

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් සහ තවත් හිටපු ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීමෙන් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කල අතර ඛේදවාචකය වැළැක්වීමට ඔවුන් අපොහොසත් වීම නිසා විපතට පත් වූවන්ගේ පවුල්වලට ඩොලර් 850,000 කට ආසන්න මුදලක් ගෙවන ලෙස ඔවුන්ට නියෝග කරන ලදී.

එහිදි ලැබුන ප්‍රබලම තින්දුව වුයේ සවිස්තරාත්මක බුද්ධි අංශ යෝජනා කර තිබියදීත්, හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ඉහළ ආරක්ෂක නිලධාරීන් ප්‍රහාර වැලැක්වීමට අපොහොසත් වූ බවයි. ඒ වනවිට ගෝඨාභයට මුවාවි ජනපතිකම හොරාගත් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ධූරයේ සිටියදී ඔහුට හිමි මුක්තිය ලබාදී ඔහුට එරෙහි නඩු කටයුතු ඉදිරියට ගෙන යා නොහැකි බව අධිකරණය විසින් නිගමනය කරන ලදී.

අධිකරණ තින්දුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිය ප්‍රසාදය පලකරමින් සදහන් කර සිටියේ රජය විසින් ජාත්‍යන්තර සහාය ඇතිව සහ වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පසු විපරම් ස්වාධීන පරීක්ෂණයක් ස්ථාපිත කළ යුතු අතර වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවයි.

නමුත් රනිල් රාජපක්ෂ මේ වනවිට අධිකරණයට බලපෑම් කරමින් සිටින අතර සාක්ෂී අතුරුදන් කිරිමේ මෙහෙයුමක්ද දියත් කර ඇත්තේ සිය කුප්‍රකට හොරු,ත්‍රාඩයන්ගේ බලය රැක ගැනිම සදහා ඊළඟ ප්‍රහාරයක් දියත් කිරිම සදහා බව නොරහසකි.

රාජපක්ෂ ජුන්ටාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ අයින්ද්‍රීය කොටස්කරුවෙකි!! පාස්කු ප්‍රහාරය ගෝඨාව ගේන්න කළ කුමන්ත්‍රණයක්…. ඇතුලු අපකල අනාවරණයන් කිහිපයක් පමණක් පහතින් කියවිමට හැකියාව ඇත.

රාජපක්ෂ ජුන්ටාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ අයින්ද්‍රීය කොටස්කරුවෙකි!! පාස්කු ප්‍රහාරය ගෝඨාව ගේන්න කළ කුමන්ත්‍රණයක්….

පාස්කු ප්‍රහාරයට පාර කැපු සිරිසේනගේ ඩොලර් මිලියන 40 යේ නින්දිත දේශපාලන ගේම!

රාජ්‍ය බුද්ධි අංශය ප්‍රහාරය ගැන ජනපති දැනුවත් කරලා… දැන දැනම රටෙන් පැන්නේ අලුත් මෙහෙයුමකටද?

පූජිත්, හේමසිරි සහරාන්ගෙන් පඩි අරන්! ඇපදුන් මහේස්ත්‍රාත්වරිය ගැනන් සැකයක්…….

රාජපක්ෂලාගේ බුද්ධි වාර්තාව හමුදා ප්‍රධානින්ගෙ හාස්‍යයට… සමාජ ජාලා බොරු සියල්ලම වාර්තාවට ඇතුල් කරලා…

21 ප්‍රහාරය ගැන මම 5 වතාවක් ගමරාලට කිව්වා… “අන්තිමේ දී මට ඇප අරං දුන්නේ මහින්ද ” හිස්බුල්ලාගේ ඩොලර් ලක්ෂ ගණනක් එක දවසින් මාරූ කළා…

පාස්කූ ප්‍රහාරයෙ මහා මොළකරුවන් මෙන්න…. “සහරාන්” මුස්ලිම් අධිරාජ්‍ය අල්ලිරාජාගේ කුළී කරුවන්… සෞදි අරාබියේ කේබල් පණිවිඩයේ කී කතාව… CIA රහස් ඔත්තුකරුවෙකු කල අනාවරණය!

සිරිසේන බබා වෙයි! 21 ප්‍රහාරය ගැන කලින් දන්නේ නෑ… කුමන්ත්‍රණ කැල්ලත් හැලේ!

සුභාෂ්කරන් අල්ලිරාජාගෙ කළු සල්ලි මසකට ඩොලර් බිලියන 2ක් වටේ යයි… ඇමරිකානු නියෝජිතයන් ගෝඨාභයට වාර්තාවක් දෙයි… ලෝක මුදල් විශුද්ධිකරණ කේන්ද්‍රය ලංකාවේ… පාස්කු ප්‍රහාරය ගැනත් අනාවරණයක්!

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වෙන පාරක! තවමත් නිදැල්ලේ සිටින පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ හසුරුවන්නා….! චෙන්නායි හි සහරාන්ලා මරාගෙන මැරෙන්න පුරුදු වු හැටි!

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වෙනුවෙන් පෙනි සිටි කවුද මේ සබ්රි! සහරාන්ලා බේරාගන්න හැදු MLA,Whatsapp පණිවිඩයෙන් හෙලිවු රහස… හිජාස් හිස්බුල්ලා ඇත්තටම කවුද? ඇත්ත කිසිදා සැඟවීය නොහැක…..

 

 

 

Our defense information analyst reveals that the brutal Easter attack, which was orchestrated together with the politicians and notorious businessmen in order to secure the existence to bring Gotabaya to power, is being repeated again after five years.

Accordingly, our security intelligence analyst reveal that a conspiracy is being launched to create an extremist conflict in the country by preparing an ideology that the Easter attack is an attack carried out by the extremists. The immediate reason for this is that the Safron robed monks and civilian Buddhist extremists who depended on the Rajapaksas, showing that they would stand against the extremists in the past, were suddenly invited to a discussion at the Prime Minister’s office in Colombo.

In that discussion, it has been pointed out, the recent sporadic increase in religious unrest in the country and the manner in which political favors are obtained through and what efforts should be made to create an active situation in the bottom level.

A person who works as the Buddhist affairs advisor of Pohottuwa, President Ranil, a Gem and jewelry man, a media chief as well as several people from the notorious business circle were also present on the occasion.

Professor Rohan’s sudden rise

Meanwhile, our security intelligence analyst points out that releasing a book claiming that Professor Rohan Gunaratne investigated the Easter attack trying to make it appear that “Easter attack is not a political conspiracy” is part of this operation. From such statements, the activists of several extremist organizations claiming to be Sinhala Buddhists, who were in the shadow of Ranil Rajapaksa, have started to reactivate. At the same time, a number of non-Buddhist organizations and extremist Tamil political leaders in the north have come to the fore once again and have become the reasons to intensify this conspiracy.

Gotabaya’s ally Rohan!

Professor Rohan Gunaratne was appointed as a witness in the Easter bombings is to mislead the public to portray that the Easter Sunday attack was an IS conspiracy and to remove the allegations levelled against Gotabaya. The only qualification of Rohan Gunarathne was that he was a close friend of Gotabaya, apart from appearing as an expert on international terrorism. His job is to visit countries and and give advice for money. When Gotabaya came to power, he immediately gave Rohan a position as a consultant in the Ministry of Defense.

As a consultant, he was able to express his opinion, but he cannot be assigned as a witness to the attack. The job assigned to Professor Rohan by the Rajapaksas was to socialize the ideologies to distort and divert the facts that had been revealed about the Easter attack in a different direction. In short, the task of him is to divert the responsibility of the attack.

“There was no political conspiracy behind the 2019 Easter Sunday terror attack and it was carried out by the Saharan-led group based on extremist ideologies”

This above statement has been socialized through the book ‘Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community’written by Professor Gunarathne.

“There is no conspiracy behind the Easter Sunday attack. As Saharan’ wife and others said, he (Saharan) would never go and launch a suicide attack for Gotabhaya Rajapaksa (former president) or anyone else. They did it as per their wish. For extremist ideologies including the need to establish an Islamic state”

it is clear that the cat has jumped out of the pouch through those statements.

At a time when the perpetrators of the Easter attack have not yet been revealed, while there are still many unresolved issues, President Ranil Wickremesinghe as the Minister of Defense has issued a gazette announcement to lift the ban on five organizations banned under the Prevention of Terrorism Act (PTA) as a part of this conspiracy.

How Ranil supported the Easter attack to bring Gota into power

It is no secret that Ranil Wickramasinghe, who was chosen by the 134 MPs of the current legislature, is one of the main accused who supported the Rajapaksa’s Easter attack and paved the way for Gotabaya’s victory in order to protect the leadership of his party by feeding extremism.

Ranil supported Gotabaya to gain power in order to defeat Sajith and retain the leadership of the party. There was no one who worked as hard as Ranil to remove all obstacles from the Rajapaksa family to give Gotabaya as the presidential candidacy.
Dilith Jayavweera and Sagala Rathnayake, who creep inside Ranil’s house late night everyday to plot this conspiracy, know this very well.

At the time of the Easter attack, the then President Maithripala Sirisena had acted on the advice of the then Prime Minister Ranil Wickremesinghe, not give Ruwan Wijewardene, who was serving as the Minister of State Security, any powers related to national security, but the public did not pay any attention to it.

Especially after receiving the first intelligence report about an attack on April 4, 2019 to the Director of State Intelligence Nilantha Jayawardena and the exchange of messages between the police and intelligence agencies about the attack since then, the Director of State Intelligence warned the Inspector General that a dangerous incident could occur ‘tomorrow’ on April 20, 2019. Needless to say, the President or the Prime Minister did not give instructions to act against this for the sake of the political coup.

Catholic community slaps Ranil

The shameful event is that President Ranil Wickremesinghe, who is the main protector of Easter Sunday killers and Pohottuwa thieves, in order to protect his political camp has launched an operation to wake up the extremists and participated in the annual festival of Madu Church to show a good face to the Catholics. As a result the Catholic community is deeply disturbed by the political speech given by president Wicramasinghe in the Madu festival speech.

The Christian community points out, alike Sajith’s temple and school visits, Ranil is ready to create a different image within the catholic community to evade his involvement and the protection he is giving for the killers to escape from the Easter Sunday massacre.

තවත් අන්තවාදී ප්‍රහාරයකට රනිල්-රාජපක්ෂ කල්ලී හදයි! අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය!

ගෝඨාභයට බලයට එම සහ ඒ හරහා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනිම සදහා එවකට බලයේ සිටි දේශපාලකයන්, කුප්‍රකට ව්‍යාපාරිකයන් සමග එක්ව සකස්කල මිලේඡ්ච පාස්කු ප්‍රහාරය වසර 5කට පසුව යලිත් වෙනත් වටයකින් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප ආරක්ෂක තොරතුරු විශ්ලේෂක අනාවරණය කරනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය අන්තවාදින්ගේ ප්‍රහාරයක් බවට වන මතවාද සකස්කර රටතුල අන්තවාදී ගැටුමක් ඇතිකිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙන බවයි අප ආරක්ෂක තොරතුරු විශ්ලේෂක අනාවරණය කළේ.

ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ පසුගිය කාලයේ අන්තවාදින්ට එරෙහිව පෙනී සිටින බව පෙන්වමින් රාජපක්ෂලාගෙන් යැපුන චීවරධාරින් සහ සිවිල් බෞද්ධ අන්තවාදීන් හදිසීයේම කොළඹ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ සාකච්ඡාවකට කැදවා තිබිමයි.

වරින් වර රට තුළ ඇති වු ආගමික නොසන්සුන්තාවයන් මෑතකදී වැඩිවීම සහ ඒ හරහා දේශපාලන වාසී ලබාගන්නා අකාරය පිළිබඳව සාකච්ඡාවකට ගෙන තිබේ අතර ඒ සදහා පහල මට්ටමේ සක්‍රීය තත්ත්වයක් ඇතිකිරිමට කටයුතු කලයුතු බවයි පෙන්වා දි ඇත්තේ. අදාළ සාකච්ඡාව සදහා පොහොට්ටු ජනාධිපති රනිල්ගේ බෞද්ධ කටයුතු උපදේශකයා ලෙස කටයුතු කරන අයෙකුද එක්ව සිටි අතර මැණික් සහ මාධ්‍ය ප්‍රධානීයෙකු මෙන්ම කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ කිහිප දෙනෙකුද එම අවස්ථාවට එක්ව සිට තිබේ.

මහාචාර්ය රොහාන්ගේ හදිසි නැගිටිම …..

මේ අතර මහාචාර්ය රොහාන් ගුණරත්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළේ යැයි දක්වමින් පොතක් නිකුත් කිරීමත් “පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ” යනුවෙන් මතුකිරිමට උත්සහ කිරිමත් මේ මෙහෙයුමේ කොටසක් බවයි අප ආරක්ෂක තොරතුරු විශ්ලේෂක පෙන්වා දෙන්නේ.ඒ ආකාරයේ ප්‍රකාශ හරහා රනිල් රාජපක්ෂ සෙවනේ සිටි සිංහල බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදී සංවිධාන කිහිපයක ක්‍රියාකාරිකයින් නැවත සක්‍රියවීමට පටන් ගෙන තිබේ.ඊටම සමගාමීව බෞද්ධ නොවන සංවිධාන ගණනාවක් ද උතුරේ අන්තවාදී දමිළ දේශපාලන නායකයින් ද යළිත් වටයකින් කරළියට පැමිණම මෙම කුමන්ත්‍රණය ත්‍රීවු කිරිමට හේතුකාරක වි තිබේ.

ගෝඨාභයගේ බත් ගොට්ටෙකු වන රොහාන්!

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂිකාරයෙකු ලෙස මහාචාර්ය රොහාන් ගුණරත්න එවකට පත්කරගත් අතර ඒ සදහා ඔහුට තිබු එකම සුදුසුකම වුයේ අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයකු ලෙස පෙනී සිටිමට අමතරව ගෝඨාභයගේ ඉතාම සමීපයෙකු විමයි.සමාන්‍යයෙන් ඔහුගේ රැකියාව වන්නේ සල්ලි වලට ගිහිල්ලා එක එක තැන්වල උපදේශන ලබාදිම වන අතර ගෝඨාභය බලයට පැමිණී වහාම රෝහාන් හට ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක තනතුරක්ද ලබා දිමට කටයුතු කළා.

උපදේශකයෙකු ලෙස ඔහුට සිය මත කිමට හැකියාව තිබුනද ප්‍රහාරයේ සාක්ෂි කාරයෙකු කිරිමට නොහැකි බව ඔනැම කෙනෙකුට තෙරුම් ගත හැකි තත්ත්වයකි. මහාචාර්ය රොහාන්ට රාජපක්ෂලාගෙන් පැවැරි තිබු ජොබ් එක් වුයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වි තිබු සහ වන කරුණු වෙනත් මාර්ගයක ගමන් කිරිම සදහා වන මතවාද සකස් කිරිමය. කෙටියෙන්ම කිවහොත් ප්‍රහාරයේ වගකිම වෙන පැත්තකට හැරවිමය.

“2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් නොතිබූ බවත් එය අන්තවාදී මතවාදයන් මත පදනම් වූ සහරාන් ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන ලද්දක්”

මහාචාර්ය ගුණරත්න විසින් රචනා කරන ලද ‘ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය : අන්තර්ජාතික ප්‍රජාවට පාඩම්'(Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community) කෘතිය හරහා මෙම මතය සමාජ ගත කිරිමට කටයුතු කර තිබේ.

“මේ සිද්ධිය පිටුපස කිසිම කුමන්ත්‍රණයක් නැහැ. සහරාන්ගේ බිරිඳ ඇතුළු අය කියපු විදිහට ඔහු (සහරාන්) කවදාවත් ගිහින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් (හිටපු ජනාධිපති) හෝ වෙන කවුරුන් වෙනුවෙන්වත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ. ඒක කළේ එයාලගේ හිතේ හැටියට. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඇතුළු අන්තවාදී මතවාදයන් වෙනුවන්” එම ප්‍රකාශ හරහා බළලා මළලෙන් එලියට පැන ඇති බව පැහැදිලිය.

පාස්කු ප්‍රහාරය සිදුකළ අය පිළිබඳව තවමත් අවසාන හෙළිදරව්වක් සිදු වී නොමැති අවස්ථාවක, නොවිසඳී ඇති කරුණු රැසක් ඉතිරිවී තිබිය දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කිරිමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේද මෙම කුමන්ත්‍රණයේම කොටසක් ලෙසයි.

ගෝඨාව ගේන්න කළ පාස්කු ප්‍රහාරයට රනිල් සහය දුන් හැටි!

අන්තවාදින් පෝෂණය කරමින් සිය පක්ෂයේ නායකත්වය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ගෝඨාභයගේ ජයග්‍රහණයට පාරකපමින් රාජපක්ෂලාගේ පාස්කු ප්‍රහාරයට සහය දුන් ප්‍රධාන චුදිතයන් කිහිපදෙනාගේ එක් අයෙකු වන්නේ වත්මන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා විසින් තෝරාගත් රනිල් වික්‍රමසිංහ වන බව නොරහසකි.

සජිත් පරාජය කර පක්ෂයේ බලය සියතේ තබා ගැනිම සදහා ගෝඨාභයට බලය ලබා ගැනිම සදහා රනිල් සහය දුන් අතර එහිදි විශේෂයෙන්ම ගෝඨාභයට ජනපති අපේක්ෂකත්වය ලබාදිමට රාජපක්ෂ පවුලේන් එල්ල වු බාදාවන් සියල්ලම ඉවත් කර අවස්ථාව උදාකර දිමට රනිල් තරම් මහන්සියෙන් වැඩකල අයෙකු නොසිටි බව එම කාලය පුරාම රෑට රෑට රනිල්ගේ ගෙදර බඩගෑ දිලිත් ජයවිර සහ සාගල හොදින්ම දනී.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කල රුවන් විජේවර්ධන හට ජාතික ආරක්ෂාවට අදාලව කිසිම බලතලයක් ලබා නොදිමට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබුනේද එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත බවද අවස්ථා කිහිපයකම අනාවරණය වුවද ඒ පිළිබඳව ජනතා අවධානය යොමු වුයේ නෑ.

විශේෂයෙන්ම 2019 අප්‍රේල් 4 වැනිදා ප්‍රහාරයක් පිළිබද පළමු බුද්ධි වාර්තාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ලැබීම හා එතැන් සිට එම ප්‍රහාරය පිළිබඳව පොලිස් හා බුද්ධි අංශ අතර පණිවුඩ හුවමාරුව, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් 2019 අප්‍රේල් 20 වැනිදා ද ‘හෙට දිනයේදී‘ භයානක සිදුවීමක් ඇතිවිය හැකි බවට පොලිස්පතිවරයාට අනතුරු ඇඟවීම් ලැබි තිබුන අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමට ජනපති හෝ අගමැති උපදෙස් නොදී සිටියේ දේශපාලන බල පෙරලිය වෙනුවෙන් බව දැන් අමුතුවෙන් කිව යුතු නොවේ.

කතෝලික ජනතාවගෙන් රනිල්ට පහ පාහරක්!

ලැජ්ජාවට කරුණ වන්නේ සිය දේශපාලන කදවුර රැක ගැනිම සදහා අන්තවාදීන් අවදිකිරිමේ මෙහෙයුම දියත් කර කිතුණුවන්ට හොද මුහුණ පෙන්විම සදහා පාස්කු ඝාතකයන්ගේ සහ පොහොට්ටු හොරුන්ගේ රැකවලා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට සහභාගී විම සහ එහිදි දේශපාලන කතාව පිළිබඳව ක්‍රිතුනු සමාජය දැඩි ලෙස කැලබිමට ලක්ව සිටි. සජිත්ගේ පන්සල් සහ පාසල් වන්දනාව මෙන් රනිල් මේ සුදානම් වන්නේ පාස්කු ඝාතනයෙන් ගැලවිම් සදහා කිතුණු සමාජය තුල වෙනත් චිත්‍රයක් මැවිමට බවයි ක්‍රිතුනු සමාජය පෙන්වා දෙන්නේ.

රාජපක්ෂ ජුන්ටාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ අයින්ද්‍රීය කොටස්කරුවෙකි!! පාස්කු ප්‍රහාරය ගෝඨාව ගේන්න කළ කුමන්ත්‍රණයක්….

2015 යහපාලන රජය බිද දැමීමට එවක විපක්ෂයේ විපක්ෂ නායක වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ දින පතා පන්සල් ගානේ ගොස් අමුලික බොරු කියමින් ජනතාව ගොනාට ඇන්ද විය. එදා මහ බැංකු අධිපති වු අර්ජුන ඇලෝසියස් මෙරටට පැය 24 තුල කුදලාගෙන යන බවට වහසි බස් දෙඩු සියළු දෙනා අද ගලේ පැහැරූ බළලුන් වී ඇත. එදා මුදල් ඇමතිව සිටි රවි කරුණානායක ඇමතිවරයාටද මේ පාර්ශ වයන් ඉතා බරපතල ආකාරයෙන් චෝදනා එල්ල කරන ලදී. රවි කරුණානායක අධිකරණයට පවා ඉදිරිපත් කරන ලද්දේ ඒ නිසාය. ඒත් අද පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂක මංඩලය පවා ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

එදා මහින්දලා බැඳුම්කර අටමගලයක් ගැන ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවා නින්දිත දේශපාලන ගේමක නිරත වූහ. රටේ අනාගත පරම්පරාවේද හෙට දවස විනාශ කරමින් සිදුකල නින්දිත ක්‍රියාව අද රාජපක්ෂලාටම එරෙහි පාරාවලල්ලක් වී තිබේ.එදවස රවි කරුණානායක ඇමතිවරයාට තම ඇමතිකම දමා ගෙදර යාමට පවා සිදු වුයේ මෙහි ප්‍රථිඵලයක් මතය. ඒත් සත්‍ය වශයෙන් බැඳුම්කරය පිලිබද කතන්දර එය නොවේ .සමාජයට අනාවරණය නොවූ ඒ සත්‍යය මේ වන විට අප සතුව ඇත. බැඳුම්කරය සිරස ප්‍රධාන නාලිකාවේ සඡ්ඝායනා කරන පිරිතක් ලෙස ප්‍රචාරය කරන ලද්දේ බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් පිරිසකි. ඒ චෞරයන්ගේ නම් ගම් සහ උන්ගේ කෙරුවාව අප අනාවරණය කරන්නේ තවදුරටත් රට තුල මෙවැනි තක්කඩි ගේම් සිදු නොවිය යුතු නිසාය. බැඳුම්කර වංචාවේ සත්‍යය යටපත් කරමින් රනිල් හා,රවී කුජීත කරවන්නට ගැසූ තක්කඩි ගේමෙන් කෙල වුනේ රටේ මුල්‍යය විනයටය.

කෙසේ වෙතත් බැඳුම්කර වංචාවට රනිල් හා රවි යන දෙදෙනා සම්බන්ධ කිරීම තුළ සැඟවුන සිදුවීමක් තිබේ.

2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසට අභිෂේක ලැබුවේ රාජිත සේනාරත්නගේ හා චන්ද්‍රිකාගේ එකඟත්වය මතය.එදා රනිල් වික්‍රමසිංහට මෛත්‍රී පිළිබඳව රෙකමදාරු කළ චන්ද්‍රිකා ගේ හා රාජිත ගේ පස්සා පැත්තට පයින් ගැසීමට ජනපතිි පදවියට පත්වූ මෛත්‍රීට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයකි. ඒ ඔහු එපමණකටම කෙලෙහි ගුණ නොදන්න වාහේ කෙනෙකු නිසාය. මෛත්‍රිට 2015 ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙසට මෙරට පැවැති ජනාධිපතිවරණයට මෛත්‍රී ඉදිරිපත් වීමත් එක්තරා බලවත් විදේශ රටකින් ඩොලර් මිලියන 40 කට ආසන්න ගනනක් මැතිවරණ සංවිධාන කටයුතු සඳහා ලැබී තිබේ. මෙම ඩොලර් මිලියන හතලිහකට ආසන්න මුදල මෛත්‍රී සිරිසේන විසින් දහම් සිරිසේන විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා ගේ සමාගමෙි ගිනුමකට බැර කිරීමට සැලසුම් කර තිබේ.ඒ සමාගම එල්කාඩෝ සමාගමයි.මෙම සිදුවීම හරියටම සුනාමි ආධාර මුදලක් සිය පෞද්ගලික ගිනුමට බැර කර ගත්තා හා සමානය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට පසුව එම ඩොලර් මිලියන ගනන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්වූ අතරම ඒ සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.මෙම මුදල් ගනුදෙනුව පිළිබඳව මේ වනවිටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන්ව තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සිදුවීම ගැන කොටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත එම ⁣විදේශීය මුදල් තොගය මහබැංකුවට භාර දීී ඇත.අදාල විදේශීය මුදල් තොගය මහ බැංකුවට බාර දීමෙන් පසු එහි වගකීම මහ බැංකු අධිපතිවරයාටය.

2015 ජනවාරි 08 දින මෙරට ජනාධිපතිවරයා ලෙසට මෛත්‍රිපාල සිරිසේන පත්වෙන ලදී.ඔහු ජනාධිපති වීමෙන් පසුව සිදු කළ ප්‍රථම මැදිහත්වීම වූයේ මහබැංකු අධිපති ලෙසට කුමාරාස්වාමි පත් කිරීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ සඳහ රනිල් ගෙන් අවස්ථාවක් නොලැබුන අතර එම තනතුරට ඔහුගේ ගජමිතුරෙකු වු අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපති ලෙස පත් කරන ලදී. අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේදී මෛත්‍රිපාලගේ කිසිදු විරුද්ධතාවක්ද නොවීය. මෛත්‍රිපාල යනු ඇල්වතුරත් නිවා බොන ජාතියේ කට්ට කයිරාටික පුද්ගලයෙකි.ඉන්පසු දවසකදී ජනපති මෛත්‍රී විසින් හදිසියේම මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට කැඳවිය. මහ බැංකු අධිපති අර්ජුන වෙත මෛත්‍රීපාල විසින් උපදෙස් දී ඇත්තේ තමන්ට විදේශීය රටකින් ලැබුණ ඇමරිකානු ඩොලර් තොගය තම පුතා විවාහ වීමට සිටින තරුණියගේ නිවසේ තබා තිබියදී පසු ගිය ජනාධිපතිවරණය කාලයේදීී එම විදේශීය මුදල් තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත්, අධිකරණ නියෝග මත මහබැංකුවට භාර දි ඇති බවයි.

තව දුරටත් එම විදේශීය මුදල් තොගයරඳවා තබා නොගෙන, වහාම එය සන්තකයේ තබා ගෙන සිටි එල්කාඩෝ ආයතනයේ හිමිකරුට නැවත භාර දෙන ලෙසටත් මෛත්‍රීපාල ජනපතිවරයා උපදෙස් දී තිබේ. එහෙත් ජනපතිවරයාගේ ඒ ඉල්ලීමට අර්ජුන මහේන්ද්‍ර එකඟ වී නැත.

අනතුරුව මහ බැංකු අධිපතිවරයා එම මුදල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් විමසා ඇත.ඊට මහ බැංකු අධිපතිවරයාට රනිල් දී ඇති උපදේශය වන්නේ එම විදේශ මුදල් තොගය අධිකරණය සන්තකයේ පවතින දේපොළක් බැවින් සියළු කටයුතු සියල්ලම නිතියානුකූලව සිදු කරන ලෙසටය.

ජනපති මෛත්‍රිපාල හා අගමැති පළමු සිත් නෝක්කඩුව ඇතිවෙන්නේ මේ කාරණය මුල් කර ගෙනය. දින 52ක් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඒමට මූලික වූයේ මෙම මුදල් ආරවුලය.මහින්ද රාජපක්ෂ ගේ දින පනස් දෙකේ ආණ්ඩුවේදී බැඳුම්කර ගේම නිර්මානය කොට ඒ තුළ අර්ජුන ඇලෝසියස් ,රනිල් ,රවී හසුකොට අමුතුම මාදිලියේ ගේමක් ගසන්නට ⁣තරමේ කපටියෙක් වූ ජනපති මෛත්‍රීපාල රටට පෙන්වූයේ තමා තරම් සුදනකු මෙතෙක් කාලයට මේ රටේ ජනපති පදවියට පත් වී නැති බවය.කෙසේවෙතත් බැඳුම්කර සිදුවීම නිසා මහ බැංකු අධිපති වරයාව සිටි අර්ජුන ඇලෝසියස්ට ගෙදර යාමට පමණක් නොව රටින් ද පැනයාමට සිදුවිය. ඒ සියල්ල මෛත්‍රි ගේ යටි කූට්ටු සැලසුම් වල ප්‍රතිඵලයන්ය.

අනතුරුව ජනපති මෛත්‍රිපාල විසින් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ ඔහුගේ ඔඩොක්කු කුක්කු වූ ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමිය. ඔහු 2015 වසරේ සිට 2016 අතර කාලයේ මහ බැංකු අධිපති වරයා ලෙස කටයුතු කරන ලදී.

මෛත්‍රිපාල ජනපති වරයා විසින් මහා මුදල් ⁣වංචාව සිදු කරන ලද්දේ මේ කාලසීමාවේදීය.සිය පුත්‍රයා වූ දහම් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා වූ එල්කාඩෝ මුදලාලි සන්තකයේ තිබී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන අධිකරණ දේපොලක් ලෙස මහ බැංකුවේ රඳවා තිබුණ ඇමරිකානු ඩොලර් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි කිසිදු නිත්‍යානුකූල පදනමකින් තොරව මුදාා හැර ඇති බවට අපට තොරතුරු ලැබී ඇත.

අධිකරණ දේපොළක් වශයෙන් තිබූ මෙම විදේශීය මුදල් තොගය කවර පදනමකින් මුදා හැරියාද යන්න මේ වනතුරුත් අනාවරණය වී නැත.

හිටපු ජනපති මෛත්‍රිපාල විසින් රටට මේ ප්‍රශ්නයට පිලිතුරු දිය යුතුව ඇත.අපි ඔහුගෙන් මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු ⁣ අපේක්ෂා කරමු.

1.මෙතරම් විශාල මුදලක් මෙරටට ලැබුනේ කුමණ රටකින්ද එම ගනන කොපමනද ?

2.එම මුදල් මුදා හැරියේ කවර ආකාරයේ නෛතික පදනමක් මත ද ?හා එම විදේශීය මුදල් තොගය සම්බන්ධයෙන් පැවැති අධිකරණ ක්‍රියා මාර්ග අවසන් කරන ලද්දේ කවුරුන්ද ……? යන්නය.

මෛත්‍රිපාල සිරිසේන අද අපේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳව හෙලන කිඹුල් කදුළු වල ඇත්ත නැත්ත හා බැඳුන සියළුම තොරතුරු ඊළඟ ලිපියෙන් අපි අනාවරනය කරමු.

ගෙදරින් කෙසෙල් කොළයේ බැඳ බත් කෑ සිම්පල් ජනපති වරයාගේ මහ තක්කඩි කම ඉන් රටට හෙළිවනු ඇත.කෙසේවෙතත් මෙරට ජනපති පදවියේ සිටි කිසිම තැනැත්තකු මෙතරම් විශාල මුදල් තොගයක් වංචා කර නැත. මහින්ද රාජපක්ෂගේ සුනාමි ආධාර මුදල් ගසා කෑමටත් වඩා ජනපති මෛත්‍රීපාල සිදු කළ මෙම මුදල් වංචාව විශාල බව අපි සඳහන් කරමු.

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාවක්ද තිබේ. පහලින් කියවන්න….

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාවක්ද තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව ඔහුගේ දියණිය චතුරිකා සිරිසේන විසින් ලියන ලද ජනාධිපති තාත්තාගේ පසුවදනේ මෙසේ සඳහන්ව තිබේ.

“……..පෙරදින අඳින්නට ඇඳුමක් පමනක් මල්ලක බහා පැමිණි ඒ සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයාය.මේ සියලු බලතල ඇතෑර එළෙසින්ම පිරිසිදු දෑතින් ධුරයෙන් නික්මෙන බව ස්ථිරය.අතීතයද මතුයම් දිනෙක මෙලෙසින් අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල්ම ජයග්‍රහණය වේ….”

චතුරිකා⁣⁣ට සිය පියා ගැන දැන් අභිමානයෙන් ලියන්නට හැකිදැයි අපි නොදනිමු.අපට නම් ඔහු ගැන ලියන්නට ඇත්තේ තුක් නොදකින් කියා විතරමය.පැජට් පාරේ රජයේ ඉඩම් තුනක් මංකොල්ල කා සිය පරාණ බුක්තියට සවි කර ගත් චතුරිකා ගේ තාත්තා කාලකණ්නි මහින්ද රාජපක්ෂලාට නැවත බලයට ඒමට මෙලේච්ඡ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉඩ දී සිංගප්පූරුවේ සාප්පු සවාරියේ ගිය හැටි අපට කෙසේවත් අමතක කරන්නට බැරිය.එලෙසම චතුරිකා ගේ තාත්තා බ්‍රිතාන්‍යයෙන් ලැබුණ ඩොලර් මිලියන හතලිහකට අධික මුදලක් කාට කාටත් කොකා පෙන්නා රහසේම තමන්ගේ පොකට්ටුවට දාගත් හැටි කවුරු කවුරුත් නොදන්නා ගානට හිටියාට අපට ඒ නොසලකා ඉන්නටත් බැරිය.

තමන්ගේ තාත්තා මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර පෑ⁣ දේශපාලඥයෙක් කියා හිතාගෙන හිටියාට මෙි උන්දෑ යමා මහ පෙළහර පා ඇත්තේ ජලයෙන් හා ගින්නෙන් විතරක් නොවේය කියලා දන්නේ අප විතරමය.⁣ඒ කියන්නේ මෛත්‍රීපාල මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර දක්වා ඇත්තේ ජලය හා ගින්නට අසූචිද එක් කරමිනි. යහපාලනයේ ධජය බඳින්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා ගෙන ආ කොඩි ගස වල් එඬරු ගසක් බව කාට කාටත් තේරුම් යන විට පාලනයේ “යහ” කෑල්ලට කෙලවී හමාරය.

මේ තක්කඩියා ගැන රැවටී සිටියේ මෙරට ජනතාව පමනක් නොවේ රට රටවල නායක කාරකාදීන්ද ලෙල්ලටම මුලා වී සිට් බව නිකුත් කළ ප්‍රකාශන වලින් තේරුම් ගත හැක්කේය.ලන්ඩන් නුවර දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවේ කොලොම්බියානු ජනාධිපති මොහු හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොරව ගෙන යාමේ වීරයා ලෙසය.

නවසීලන්ත අගමැති ලිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දිදුලන නායකත්වය සපයනු ඇති බවය.අනෙකුත් විදේශ රාජ්‍ය නායකකාරකාදීන් බොහෝ දෙනෙකුද මේ උන්දෑ ගැන නිකුත් කර ඇති ප්‍රකාශද එවැනිම රෙකමදාරුය.

කෙසේවෙතත් මෙරට ජනපති තනතුර හෙබවූ ජනපතිවරුන් අතුරෙන් එම තනතුරට පත් වූ බූරුවා කූට්ටමේ බූරුවා තරම්වත් වටිනාකමක් නැති එහෙත් අමුතුම මාදිලියේ පට්ට හොර ගෙඩියා මෛත්‍රීපාලය.මොහු ⁣තක්කඩි හොර ගෙඩියෙක් පමණක් නොව දිය යටින් ගින්දර ගෙන යන ජාතියේ පොරකි.

එක දහස් නවසිය හැත්තෑව දසකයේ මුල මෙරට පැවැති සමගි පෙරමුණු රජයේ පොළොන්නරුව ආසනය නියෝජනය කෙරුවේ ශ්‍රීලනිපයේ ලීලාරත්න විජේසිංහය.මෙම මන්ත්‍රීවරයා අම්බලන්ගොඩ බටපොල ඉපිද පසුව පොළොන්නරුවට සේන්දු වූ අහිංසකයෙකි.ඒ මන්ත්‍රී ලීලාරත්නගේ පෞද්ගලික ලේකම්වරයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය.අවසානයේදී ලීලාරත්න විජේසිංහට මේ තක්කඩි මෛත්‍රීපාල නිසා සිරිසඟබෝ කෙනෙක් වෙන්නටද සිදු විය.

මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ සුරා ලෝලියකි.බොහෝ ඉදිරි අරමුණු ඇතුව මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ ගේ බීමත් කමට අත් උදව් සැපයූ බව ⁣ඉතිහාසය දන්නෝ පවසති.එක් අවස්ථාවක ශ්‍රීලනිප දිස්ත්‍රික් රැස්වීමකට අගමැතිණිය පොළොන්නරුවට පැමිණෙන දිනයක මෛත්‍රීපාල විසින් මන්ත්‍රී ලීලාරත්න විජේසිංහට කරටි කැඩෙන තුරු අරක්කු බොන්නට දී ඔහු සිහි විකල් තත්වයට පත් කළ බවද ඉන් අනතුරුව අගමැතිණිය විසින් පොළොන්නරු ආසනයේ ශ්‍රීලනිප සංවිධාන කටයුතු වල වගකීම මෛත්‍රීපාලට පැවරූ බවත් පැවැසේ.මෛත්‍රීපාලගේ මගෝඩි කෙරුවාව ඔන්න ඔය වාගේය.හිතේ එකකි. කෙරුවාව තව විදියකි. බෝධිසත්ව රඟපෑමය.

එබැවින් මේ හොර ගෙඩියා ගැන තවත් අටුවා ටිකා අවශ්‍ය නැත.අප නැවත මෛත්‍රීපාල සිරිසේනගේ කෙරුවාව ගැන ලියන්නේ මී⁣ට පෙර බැඳුම්කර නාඩගම පෙන්වා ඔහු විසින් සිදු කළ මුල්‍ය වංචාව පිළිබඳව ලංකා දවස අනාවරණය කළ ප්‍රවෘත්තිය සමග යටි බිමි ගත තොරතුරු රාශියක් සිද්ධිය දන්නා බොහෝ දෙනෙකු විසින් අප වෙතට එවා ඇති නිසාය.

අප මීට ඉහතදී සඳහන් කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මහ බැංකුවේ තැන්පත් කර තිබූ ඩොලර් මිලියන හතලිහකට මුදල නැවත එල්කාඩෝ සමාගමේ හිමිකරුට බාර දෙන ලෙසට බලපෑම් කරන ලද්දේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රට බව කියාය. එහෙත් ඊට පෙර මෛත්‍රීපාල විසින් මුදල් ඇමති රවි කරුණානායක කැඳවා බලපෑම් කර ඇති බව අපට දැන් දැන ගැන්මට ලැබී තිබේ.රවි කරුනානායක එහිදී මුදල් ඇමති වරයා ලෙස තමන්ට ඒ ගැන මැදිහත් වීමට නෛතික බලයක් නොමැති බව පවසා ඇතැයි අනාවරණය වේ

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර මෛත්‍රීපාල ජනපතිවරයා විසින් කැඳවා බලපෑම් කර ඇත්තේ රවි කරුණානායකගේ මග හැර යාම නිසාය.එහෙත් මෛත්‍රීපාලගේ මගෝඩි අපේක්ෂාව ගැන අර්ජුන මහේන්ද්‍රගේ ප්‍රතිචාරයද සුබදායී නොවීම නිසා මෛත්‍රීපාල විසින් බැඳුම්කර නාඩගමේ පිටපත සකස් කෙරුණ බව දැන් අනාවරණය වී තිබේ.ඒ අර්ජුන මහේන්ද්‍රට රනිල්ට හා රවි කරුණානාය කට පහර දීමටය.

සැබවින්ම බැඳුම්කර සම්බන්ධයෙන් යහපාලනය කාලයේදී මතුවූ මුල්‍යමය නොසැලකිල්ල මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමයේ සිට සිදුවූ වංචාකාරී ගනුදෙනුවකි.එම කාලයේදී ට්‍රෙෂරිස් පර්පචුවෙල් සමාගමේ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ සොයුරියද සේවය කරන ලදී.එහෙත් අතීත විෂමාචාර ගනුදෙනු ගැන සොයන්නට හෝ ඒ ගැන පරීක්ෂණ පවත්වන්නට මෛත්‍රීපාලට අවශ්‍ය වූයේ නැත.ඔහු කොලේ වසා තුරුම්බුව පිටියට දැම්මේ ඒ නිසාය.

රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට රජයේ සේවකයන් ගේ වැටුප් වැඩි කිරීම ඉන්ධන මිල වැඩි කිරීම ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබා දීම වැනි සුබ සාධක යෝජනා ⁣ක්‍රියාත්මක කළ බව අපට මතකය.චන්ද්‍රිකා ජනපති වරිය කාලයේදී මන්ද පෝෂණය වැළඳී තිබුණ සතොස වර්තමානයට ගැලපෙන ආකාරයට සුපිරි වෙළඳ හල් බවට පරිවර්තනය කොට සංවර්ධනය කරන ලදී.මංඟල සමරවීර මුදල් අමාත්‍යවරයා වශයෙන් ක⁣ටයුතු කරන විටද ජනතාවට අනේක විධ සහන ප්‍රදානය කෙරිණි.

May 5, 2019 – පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් රාජපක්ෂලාගේ කටකතා සහ පැන්ෂන් ගිය නිළධාරීන්ගේ බුද්ධි  වාර්තාව හමුදා ප්‍රධානින් හාස්‍යයට ලක්ව තිබේන බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු යළි එවැන්නකට මින් ඉදිරියෙදී මුහුණ දියයුතු ආකාරය විග්‍රහකරමින් රාජපක්ෂ ගැති විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සහ රටේ ආරක්ෂාව ගැන කටකතා හදන මහින්දගේ බලකායට  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්  වන දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන අයගෙන සමන්විත වන අතර අදාළ වාර්තාව පෙරේදා ජනාධිපති සිරිසේන අතට භාරදි තිබේ.

ජනාධිපතිවරයා එම යෝජනා මාලාව සම්බන්ධයෙන් වත්මන් හමුදාවේ ප්‍රධානි සමග දීර්ග වශයෙන් සාකච්ජා කර ඇති අතර එහි සඳහන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් හමුදා ප්‍රධානින් හාස්‍යයෙන් යුතුව අදහස් දක්වා ඇති අතර එම වාර්තාවේ අඩංගු කරුණු රැසක්ම සමාජ ජාලා වල සංසරණය වු පුවත් පාදක කරගෙන සකස් කරගෙන ඇති බවයි හමුදා ප්‍රධානින් පෙන්වා දි ඇත්තේ.

විසින්  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව දැනුවත් කිරීම සඳහා ඉදිරිපත්කල යෝජනාවලිය, විපක්ෂ නායකයා විසින් පසුගියදා ජනාධිපතිවරයා වෙත බාර දී තිබිණ.

විපක්ෂනායකයා විසින් ලබාදී ඇති එම වාර්තාවේ ප්‍රමුඛතම ඉලක්කය වී ඇත්තේ කප්පම් ගැනීම්  සඳහා පුද්ගලයින් පැහැර ගෙන ගිය, අතුරුදන් කල හා මර දමනු ලැබූ හමුදාවේ හිටපු නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කර ගැනීම බව පැහැදිලිය.

අදාල වාර්තාව පදනම් වන්නේ එල්.ටී.ටී.ඊ. පරාද කල ආකාරයටම අයි.එස්. පරාද කිරිමට ඒ හරහා යොජනා කර ඇති නමුත් හමුදා ප්‍රධානින් පෙන්වා දි ඇත්තේ එල්.ටී.ටී.ඊ. පරාද කළ විදියට වඩා දියුණු, සම්පූර්ණ, වේගවත්, සංකීර්ණ ක්‍රමවේදයක් අයි.එස්. පරාද කරන්න අවශ්‍යය බවයි.

Top