All

තවත් අන්තවාදී ප්‍රහාරයකට රනිල්-රාජපක්ෂ කල්ලී හදයි! අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය!

ගෝඨාභයට බලයට එම සහ ඒ හරහා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනිම සදහා එවකට බලයේ සිටි දේශපාලකයන්, කුප්‍රකට ව්‍යාපාරිකයන් සමග එක්ව සකස්කල මිලේඡ්ච පාස්කු ප්‍රහාරය වසර 5කට පසුව යලිත් වෙනත් වටයකින් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප ආරක්ෂක තොරතුරු විශ්ලේෂක අනාවරණය කරනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය අන්තවාදින්ගේ ප්‍රහාරයක් බවට වන මතවාද සකස්කර රටතුල අන්තවාදී ගැටුමක් ඇතිකිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙන බවයි අප ආරක්ෂක තොරතුරු විශ්ලේෂක අනාවරණය කළේ.

ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ පසුගිය කාලයේ අන්තවාදින්ට එරෙහිව පෙනී සිටින බව පෙන්වමින් රාජපක්ෂලාගෙන් යැපුන චීවරධාරින් සහ සිවිල් බෞද්ධ අන්තවාදීන් හදිසීයේම කොළඹ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ සාකච්ඡාවකට කැදවා තිබිමයි.

වරින් වර රට තුළ ඇති වු ආගමික නොසන්සුන්තාවයන් මෑතකදී වැඩිවීම සහ ඒ හරහා දේශපාලන වාසී ලබාගන්නා අකාරය පිළිබඳව සාකච්ඡාවකට ගෙන තිබේ අතර ඒ සදහා පහල මට්ටමේ සක්‍රීය තත්ත්වයක් ඇතිකිරිමට කටයුතු කලයුතු බවයි පෙන්වා දි ඇත්තේ. අදාළ සාකච්ඡාව සදහා පොහොට්ටු ජනාධිපති රනිල්ගේ බෞද්ධ කටයුතු උපදේශකයා ලෙස කටයුතු කරන අයෙකුද එක්ව සිටි අතර මැණික් සහ මාධ්‍ය ප්‍රධානීයෙකු මෙන්ම කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ කිහිප දෙනෙකුද එම අවස්ථාවට එක්ව සිට තිබේ.

මහාචාර්ය රොහාන්ගේ හදිසි නැගිටිම …..

මේ අතර මහාචාර්ය රොහාන් ගුණරත්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළේ යැයි දක්වමින් පොතක් නිකුත් කිරීමත් “පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ” යනුවෙන් මතුකිරිමට උත්සහ කිරිමත් මේ මෙහෙයුමේ කොටසක් බවයි අප ආරක්ෂක තොරතුරු විශ්ලේෂක පෙන්වා දෙන්නේ.ඒ ආකාරයේ ප්‍රකාශ හරහා රනිල් රාජපක්ෂ සෙවනේ සිටි සිංහල බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදී සංවිධාන කිහිපයක ක්‍රියාකාරිකයින් නැවත සක්‍රියවීමට පටන් ගෙන තිබේ.ඊටම සමගාමීව බෞද්ධ නොවන සංවිධාන ගණනාවක් ද උතුරේ අන්තවාදී දමිළ දේශපාලන නායකයින් ද යළිත් වටයකින් කරළියට පැමිණම මෙම කුමන්ත්‍රණය ත්‍රීවු කිරිමට හේතුකාරක වි තිබේ.

ගෝඨාභයගේ බත් ගොට්ටෙකු වන රොහාන්!

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂිකාරයෙකු ලෙස මහාචාර්ය රොහාන් ගුණරත්න එවකට පත්කරගත් අතර ඒ සදහා ඔහුට තිබු එකම සුදුසුකම වුයේ අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයකු ලෙස පෙනී සිටිමට අමතරව ගෝඨාභයගේ ඉතාම සමීපයෙකු විමයි.සමාන්‍යයෙන් ඔහුගේ රැකියාව වන්නේ සල්ලි වලට ගිහිල්ලා එක එක තැන්වල උපදේශන ලබාදිම වන අතර ගෝඨාභය බලයට පැමිණී වහාම රෝහාන් හට ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක තනතුරක්ද ලබා දිමට කටයුතු කළා.

උපදේශකයෙකු ලෙස ඔහුට සිය මත කිමට හැකියාව තිබුනද ප්‍රහාරයේ සාක්ෂි කාරයෙකු කිරිමට නොහැකි බව ඔනැම කෙනෙකුට තෙරුම් ගත හැකි තත්ත්වයකි. මහාචාර්ය රොහාන්ට රාජපක්ෂලාගෙන් පැවැරි තිබු ජොබ් එක් වුයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වි තිබු සහ වන කරුණු වෙනත් මාර්ගයක ගමන් කිරිම සදහා වන මතවාද සකස් කිරිමය. කෙටියෙන්ම කිවහොත් ප්‍රහාරයේ වගකිම වෙන පැත්තකට හැරවිමය.

“2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් නොතිබූ බවත් එය අන්තවාදී මතවාදයන් මත පදනම් වූ සහරාන් ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන ලද්දක්”

මහාචාර්ය ගුණරත්න විසින් රචනා කරන ලද ‘ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය : අන්තර්ජාතික ප්‍රජාවට පාඩම්'(Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community) කෘතිය හරහා මෙම මතය සමාජ ගත කිරිමට කටයුතු කර තිබේ.

“මේ සිද්ධිය පිටුපස කිසිම කුමන්ත්‍රණයක් නැහැ. සහරාන්ගේ බිරිඳ ඇතුළු අය කියපු විදිහට ඔහු (සහරාන්) කවදාවත් ගිහින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් (හිටපු ජනාධිපති) හෝ වෙන කවුරුන් වෙනුවෙන්වත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ. ඒක කළේ එයාලගේ හිතේ හැටියට. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඇතුළු අන්තවාදී මතවාදයන් වෙනුවන්” එම ප්‍රකාශ හරහා බළලා මළලෙන් එලියට පැන ඇති බව පැහැදිලිය.

පාස්කු ප්‍රහාරය සිදුකළ අය පිළිබඳව තවමත් අවසාන හෙළිදරව්වක් සිදු වී නොමැති අවස්ථාවක, නොවිසඳී ඇති කරුණු රැසක් ඉතිරිවී තිබිය දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කිරිමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේද මෙම කුමන්ත්‍රණයේම කොටසක් ලෙසයි.

ගෝඨාව ගේන්න කළ පාස්කු ප්‍රහාරයට රනිල් සහය දුන් හැටි!

අන්තවාදින් පෝෂණය කරමින් සිය පක්ෂයේ නායකත්වය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ගෝඨාභයගේ ජයග්‍රහණයට පාරකපමින් රාජපක්ෂලාගේ පාස්කු ප්‍රහාරයට සහය දුන් ප්‍රධාන චුදිතයන් කිහිපදෙනාගේ එක් අයෙකු වන්නේ වත්මන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා විසින් තෝරාගත් රනිල් වික්‍රමසිංහ වන බව නොරහසකි.

සජිත් පරාජය කර පක්ෂයේ බලය සියතේ තබා ගැනිම සදහා ගෝඨාභයට බලය ලබා ගැනිම සදහා රනිල් සහය දුන් අතර එහිදි විශේෂයෙන්ම ගෝඨාභයට ජනපති අපේක්ෂකත්වය ලබාදිමට රාජපක්ෂ පවුලේන් එල්ල වු බාදාවන් සියල්ලම ඉවත් කර අවස්ථාව උදාකර දිමට රනිල් තරම් මහන්සියෙන් වැඩකල අයෙකු නොසිටි බව එම කාලය පුරාම රෑට රෑට රනිල්ගේ ගෙදර බඩගෑ දිලිත් ජයවිර සහ සාගල හොදින්ම දනී.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කල රුවන් විජේවර්ධන හට ජාතික ආරක්ෂාවට අදාලව කිසිම බලතලයක් ලබා නොදිමට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබුනේද එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත බවද අවස්ථා කිහිපයකම අනාවරණය වුවද ඒ පිළිබඳව ජනතා අවධානය යොමු වුයේ නෑ.

විශේෂයෙන්ම 2019 අප්‍රේල් 4 වැනිදා ප්‍රහාරයක් පිළිබද පළමු බුද්ධි වාර්තාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ලැබීම හා එතැන් සිට එම ප්‍රහාරය පිළිබඳව පොලිස් හා බුද්ධි අංශ අතර පණිවුඩ හුවමාරුව, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් 2019 අප්‍රේල් 20 වැනිදා ද ‘හෙට දිනයේදී‘ භයානක සිදුවීමක් ඇතිවිය හැකි බවට පොලිස්පතිවරයාට අනතුරු ඇඟවීම් ලැබි තිබුන අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමට ජනපති හෝ අගමැති උපදෙස් නොදී සිටියේ දේශපාලන බල පෙරලිය වෙනුවෙන් බව දැන් අමුතුවෙන් කිව යුතු නොවේ.

කතෝලික ජනතාවගෙන් රනිල්ට පහ පාහරක්!

ලැජ්ජාවට කරුණ වන්නේ සිය දේශපාලන කදවුර රැක ගැනිම සදහා අන්තවාදීන් අවදිකිරිමේ මෙහෙයුම දියත් කර කිතුණුවන්ට හොද මුහුණ පෙන්විම සදහා පාස්කු ඝාතකයන්ගේ සහ පොහොට්ටු හොරුන්ගේ රැකවලා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට සහභාගී විම සහ එහිදි දේශපාලන කතාව පිළිබඳව ක්‍රිතුනු සමාජය දැඩි ලෙස කැලබිමට ලක්ව සිටි. සජිත්ගේ පන්සල් සහ පාසල් වන්දනාව මෙන් රනිල් මේ සුදානම් වන්නේ පාස්කු ඝාතනයෙන් ගැලවිම් සදහා කිතුණු සමාජය තුල වෙනත් චිත්‍රයක් මැවිමට බවයි ක්‍රිතුනු සමාජය පෙන්වා දෙන්නේ.

රාජපක්ෂ ජුන්ටාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ අයින්ද්‍රීය කොටස්කරුවෙකි!! පාස්කු ප්‍රහාරය ගෝඨාව ගේන්න කළ කුමන්ත්‍රණයක්….

Top