2015 යහපාලන රජය බිද දැමීමට එවක විපක්ෂයේ විපක්ෂ නායක වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ දින පතා පන්සල් ගානේ ගොස් අමුලික බොරු කියමින් ජනතාව ගොනාට ඇන්ද විය. එදා මහ බැංකු අධිපති වු අර්ජුන ඇලෝසියස් මෙරටට පැය 24 තුල කුදලාගෙන යන බවට වහසි බස් දෙඩු සියළු දෙනා අද ගලේ පැහැරූ බළලුන් වී ඇත. එදා මුදල් ඇමතිව සිටි රවි කරුණානායක ඇමතිවරයාටද මේ පාර්ශ වයන් ඉතා බරපතල ආකාරයෙන් චෝදනා එල්ල කරන ලදී. රවි කරුණානායක අධිකරණයට පවා ඉදිරිපත් කරන ලද්දේ ඒ නිසාය. ඒත් අද පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂක මංඩලය පවා ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

එදා මහින්දලා බැඳුම්කර අටමගලයක් ගැන ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවා නින්දිත දේශපාලන ගේමක නිරත වූහ. රටේ අනාගත පරම්පරාවේද හෙට දවස විනාශ කරමින් සිදුකල නින්දිත ක්‍රියාව අද රාජපක්ෂලාටම එරෙහි පාරාවලල්ලක් වී තිබේ.එදවස රවි කරුණානායක ඇමතිවරයාට තම ඇමතිකම දමා ගෙදර යාමට පවා සිදු වුයේ මෙහි ප්‍රථිඵලයක් මතය. ඒත් සත්‍ය වශයෙන් බැඳුම්කරය පිලිබද කතන්දර එය නොවේ .සමාජයට අනාවරණය නොවූ ඒ සත්‍යය මේ වන විට අප සතුව ඇත. බැඳුම්කරය සිරස ප්‍රධාන නාලිකාවේ සඡ්ඝායනා කරන පිරිතක් ලෙස ප්‍රචාරය කරන ලද්දේ බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් පිරිසකි. ඒ චෞරයන්ගේ නම් ගම් සහ උන්ගේ කෙරුවාව අප අනාවරණය කරන්නේ තවදුරටත් රට තුල මෙවැනි තක්කඩි ගේම් සිදු නොවිය යුතු නිසාය. බැඳුම්කර වංචාවේ සත්‍යය යටපත් කරමින් රනිල් හා,රවී කුජීත කරවන්නට ගැසූ තක්කඩි ගේමෙන් කෙල වුනේ රටේ මුල්‍යය විනයටය.

කෙසේ වෙතත් බැඳුම්කර වංචාවට රනිල් හා රවි යන දෙදෙනා සම්බන්ධ කිරීම තුළ සැඟවුන සිදුවීමක් තිබේ.

2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසට අභිෂේක ලැබුවේ රාජිත සේනාරත්නගේ හා චන්ද්‍රිකාගේ එකඟත්වය මතය.එදා රනිල් වික්‍රමසිංහට මෛත්‍රී පිළිබඳව රෙකමදාරු කළ චන්ද්‍රිකා ගේ හා රාජිත ගේ පස්සා පැත්තට පයින් ගැසීමට ජනපතිි පදවියට පත්වූ මෛත්‍රීට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයකි. ඒ ඔහු එපමණකටම කෙලෙහි ගුණ නොදන්න වාහේ කෙනෙකු නිසාය. මෛත්‍රිට 2015 ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙසට මෙරට පැවැති ජනාධිපතිවරණයට මෛත්‍රී ඉදිරිපත් වීමත් එක්තරා බලවත් විදේශ රටකින් ඩොලර් මිලියන 40 කට ආසන්න ගනනක් මැතිවරණ සංවිධාන කටයුතු සඳහා ලැබී තිබේ. මෙම ඩොලර් මිලියන හතලිහකට ආසන්න මුදල මෛත්‍රී සිරිසේන විසින් දහම් සිරිසේන විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා ගේ සමාගමෙි ගිනුමකට බැර කිරීමට සැලසුම් කර තිබේ.ඒ සමාගම එල්කාඩෝ සමාගමයි.මෙම සිදුවීම හරියටම සුනාමි ආධාර මුදලක් සිය පෞද්ගලික ගිනුමට බැර කර ගත්තා හා සමානය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට පසුව එම ඩොලර් මිලියන ගනන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්වූ අතරම ඒ සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.මෙම මුදල් ගනුදෙනුව පිළිබඳව මේ වනවිටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන්ව තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සිදුවීම ගැන කොටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත එම ⁣විදේශීය මුදල් තොගය මහබැංකුවට භාර දීී ඇත.අදාල විදේශීය මුදල් තොගය මහ බැංකුවට බාර දීමෙන් පසු එහි වගකීම මහ බැංකු අධිපතිවරයාටය.

2015 ජනවාරි 08 දින මෙරට ජනාධිපතිවරයා ලෙසට මෛත්‍රිපාල සිරිසේන පත්වෙන ලදී.ඔහු ජනාධිපති වීමෙන් පසුව සිදු කළ ප්‍රථම මැදිහත්වීම වූයේ මහබැංකු අධිපති ලෙසට කුමාරාස්වාමි පත් කිරීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ සඳහ රනිල් ගෙන් අවස්ථාවක් නොලැබුන අතර එම තනතුරට ඔහුගේ ගජමිතුරෙකු වු අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපති ලෙස පත් කරන ලදී. අර්ජුන ඇලෝසියස් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේදී මෛත්‍රිපාලගේ කිසිදු විරුද්ධතාවක්ද නොවීය. මෛත්‍රිපාල යනු ඇල්වතුරත් නිවා බොන ජාතියේ කට්ට කයිරාටික පුද්ගලයෙකි.ඉන්පසු දවසකදී ජනපති මෛත්‍රී විසින් හදිසියේම මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට කැඳවිය. මහ බැංකු අධිපති අර්ජුන වෙත මෛත්‍රීපාල විසින් උපදෙස් දී ඇත්තේ තමන්ට විදේශීය රටකින් ලැබුණ ඇමරිකානු ඩොලර් තොගය තම පුතා විවාහ වීමට සිටින තරුණියගේ නිවසේ තබා තිබියදී පසු ගිය ජනාධිපතිවරණය කාලයේදීී එම විදේශීය මුදල් තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත්, අධිකරණ නියෝග මත මහබැංකුවට භාර දි ඇති බවයි.

තව දුරටත් එම විදේශීය මුදල් තොගයරඳවා තබා නොගෙන, වහාම එය සන්තකයේ තබා ගෙන සිටි එල්කාඩෝ ආයතනයේ හිමිකරුට නැවත භාර දෙන ලෙසටත් මෛත්‍රීපාල ජනපතිවරයා උපදෙස් දී තිබේ. එහෙත් ජනපතිවරයාගේ ඒ ඉල්ලීමට අර්ජුන මහේන්ද්‍ර එකඟ වී නැත.

අනතුරුව මහ බැංකු අධිපතිවරයා එම මුදල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් විමසා ඇත.ඊට මහ බැංකු අධිපතිවරයාට රනිල් දී ඇති උපදේශය වන්නේ එම විදේශ මුදල් තොගය අධිකරණය සන්තකයේ පවතින දේපොළක් බැවින් සියළු කටයුතු සියල්ලම නිතියානුකූලව සිදු කරන ලෙසටය.

ජනපති මෛත්‍රිපාල හා අගමැති පළමු සිත් නෝක්කඩුව ඇතිවෙන්නේ මේ කාරණය මුල් කර ගෙනය. දින 52ක් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඒමට මූලික වූයේ මෙම මුදල් ආරවුලය.මහින්ද රාජපක්ෂ ගේ දින පනස් දෙකේ ආණ්ඩුවේදී බැඳුම්කර ගේම නිර්මානය කොට ඒ තුළ අර්ජුන ඇලෝසියස් ,රනිල් ,රවී හසුකොට අමුතුම මාදිලියේ ගේමක් ගසන්නට ⁣තරමේ කපටියෙක් වූ ජනපති මෛත්‍රීපාල රටට පෙන්වූයේ තමා තරම් සුදනකු මෙතෙක් කාලයට මේ රටේ ජනපති පදවියට පත් වී නැති බවය.කෙසේවෙතත් බැඳුම්කර සිදුවීම නිසා මහ බැංකු අධිපති වරයාව සිටි අර්ජුන ඇලෝසියස්ට ගෙදර යාමට පමණක් නොව රටින් ද පැනයාමට සිදුවිය. ඒ සියල්ල මෛත්‍රි ගේ යටි කූට්ටු සැලසුම් වල ප්‍රතිඵලයන්ය.

අනතුරුව ජනපති මෛත්‍රිපාල විසින් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ ඔහුගේ ඔඩොක්කු කුක්කු වූ ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමිය. ඔහු 2015 වසරේ සිට 2016 අතර කාලයේ මහ බැංකු අධිපති වරයා ලෙස කටයුතු කරන ලදී.

මෛත්‍රිපාල ජනපති වරයා විසින් මහා මුදල් ⁣වංචාව සිදු කරන ලද්දේ මේ කාලසීමාවේදීය.සිය පුත්‍රයා වූ දහම් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණියගේ පියා වූ එල්කාඩෝ මුදලාලි සන්තකයේ තිබී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන අධිකරණ දේපොලක් ලෙස මහ බැංකුවේ රඳවා තිබුණ ඇමරිකානු ඩොලර් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි කිසිදු නිත්‍යානුකූල පදනමකින් තොරව මුදාා හැර ඇති බවට අපට තොරතුරු ලැබී ඇත.

අධිකරණ දේපොළක් වශයෙන් තිබූ මෙම විදේශීය මුදල් තොගය කවර පදනමකින් මුදා හැරියාද යන්න මේ වනතුරුත් අනාවරණය වී නැත.

හිටපු ජනපති මෛත්‍රිපාල විසින් රටට මේ ප්‍රශ්නයට පිලිතුරු දිය යුතුව ඇත.අපි ඔහුගෙන් මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු ⁣ අපේක්ෂා කරමු.

1.මෙතරම් විශාල මුදලක් මෙරටට ලැබුනේ කුමණ රටකින්ද එම ගනන කොපමනද ?

2.එම මුදල් මුදා හැරියේ කවර ආකාරයේ නෛතික පදනමක් මත ද ?හා එම විදේශීය මුදල් තොගය සම්බන්ධයෙන් පැවැති අධිකරණ ක්‍රියා මාර්ග අවසන් කරන ලද්දේ කවුරුන්ද ……? යන්නය.

මෛත්‍රිපාල සිරිසේන අද අපේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳව හෙලන කිඹුල් කදුළු වල ඇත්ත නැත්ත හා බැඳුන සියළුම තොරතුරු ඊළඟ ලිපියෙන් අපි අනාවරනය කරමු.

ගෙදරින් කෙසෙල් කොළයේ බැඳ බත් කෑ සිම්පල් ජනපති වරයාගේ මහ තක්කඩි කම ඉන් රටට හෙළිවනු ඇත.කෙසේවෙතත් මෙරට ජනපති පදවියේ සිටි කිසිම තැනැත්තකු මෙතරම් විශාල මුදල් තොගයක් වංචා කර නැත. මහින්ද රාජපක්ෂගේ සුනාමි ආධාර මුදල් ගසා කෑමටත් වඩා ජනපති මෛත්‍රීපාල සිදු කළ මෙම මුදල් වංචාව විශාල බව අපි සඳහන් කරමු.

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාවක්ද තිබේ. පහලින් කියවන්න….

ඩබල් ගේම් මෛත්‍රීපාලගේ ඩොලර් මංකොල්ලයේ අතුරු කතාවක්ද තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව ඔහුගේ දියණිය චතුරිකා සිරිසේන විසින් ලියන ලද ජනාධිපති තාත්තාගේ පසුවදනේ මෙසේ සඳහන්ව තිබේ.

“……..පෙරදින අඳින්නට ඇඳුමක් පමනක් මල්ලක බහා පැමිණි ඒ සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයාය.මේ සියලු බලතල ඇතෑර එළෙසින්ම පිරිසිදු දෑතින් ධුරයෙන් නික්මෙන බව ස්ථිරය.අතීතයද මතුයම් දිනෙක මෙලෙසින් අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල්ම ජයග්‍රහණය වේ….”

චතුරිකා⁣⁣ට සිය පියා ගැන දැන් අභිමානයෙන් ලියන්නට හැකිදැයි අපි නොදනිමු.අපට නම් ඔහු ගැන ලියන්නට ඇත්තේ තුක් නොදකින් කියා විතරමය.පැජට් පාරේ රජයේ ඉඩම් තුනක් මංකොල්ල කා සිය පරාණ බුක්තියට සවි කර ගත් චතුරිකා ගේ තාත්තා කාලකණ්නි මහින්ද රාජපක්ෂලාට නැවත බලයට ඒමට මෙලේච්ඡ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉඩ දී සිංගප්පූරුවේ සාප්පු සවාරියේ ගිය හැටි අපට කෙසේවත් අමතක කරන්නට බැරිය.එලෙසම චතුරිකා ගේ තාත්තා බ්‍රිතාන්‍යයෙන් ලැබුණ ඩොලර් මිලියන හතලිහකට අධික මුදලක් කාට කාටත් කොකා පෙන්නා රහසේම තමන්ගේ පොකට්ටුවට දාගත් හැටි කවුරු කවුරුත් නොදන්නා ගානට හිටියාට අපට ඒ නොසලකා ඉන්නටත් බැරිය.

තමන්ගේ තාත්තා මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර පෑ⁣ දේශපාලඥයෙක් කියා හිතාගෙන හිටියාට මෙි උන්දෑ යමා මහ පෙළහර පා ඇත්තේ ජලයෙන් හා ගින්නෙන් විතරක් නොවේය කියලා දන්නේ අප විතරමය.⁣ඒ කියන්නේ මෛත්‍රීපාල මෙරට දේශපාලනයේ යමා මහ පෙළහර දක්වා ඇත්තේ ජලය හා ගින්නට අසූචිද එක් කරමිනි. යහපාලනයේ ධජය බඳින්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා ගෙන ආ කොඩි ගස වල් එඬරු ගසක් බව කාට කාටත් තේරුම් යන විට පාලනයේ “යහ” කෑල්ලට කෙලවී හමාරය.

මේ තක්කඩියා ගැන රැවටී සිටියේ මෙරට ජනතාව පමනක් නොවේ රට රටවල නායක කාරකාදීන්ද ලෙල්ලටම මුලා වී සිට් බව නිකුත් කළ ප්‍රකාශන වලින් තේරුම් ගත හැක්කේය.ලන්ඩන් නුවර දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවේ කොලොම්බියානු ජනාධිපති මොහු හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොරව ගෙන යාමේ වීරයා ලෙසය.

නවසීලන්ත අගමැති ලිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දිදුලන නායකත්වය සපයනු ඇති බවය.අනෙකුත් විදේශ රාජ්‍ය නායකකාරකාදීන් බොහෝ දෙනෙකුද මේ උන්දෑ ගැන නිකුත් කර ඇති ප්‍රකාශද එවැනිම රෙකමදාරුය.

කෙසේවෙතත් මෙරට ජනපති තනතුර හෙබවූ ජනපතිවරුන් අතුරෙන් එම තනතුරට පත් වූ බූරුවා කූට්ටමේ බූරුවා තරම්වත් වටිනාකමක් නැති එහෙත් අමුතුම මාදිලියේ පට්ට හොර ගෙඩියා මෛත්‍රීපාලය.මොහු ⁣තක්කඩි හොර ගෙඩියෙක් පමණක් නොව දිය යටින් ගින්දර ගෙන යන ජාතියේ පොරකි.

එක දහස් නවසිය හැත්තෑව දසකයේ මුල මෙරට පැවැති සමගි පෙරමුණු රජයේ පොළොන්නරුව ආසනය නියෝජනය කෙරුවේ ශ්‍රීලනිපයේ ලීලාරත්න විජේසිංහය.මෙම මන්ත්‍රීවරයා අම්බලන්ගොඩ බටපොල ඉපිද පසුව පොළොන්නරුවට සේන්දු වූ අහිංසකයෙකි.ඒ මන්ත්‍රී ලීලාරත්නගේ පෞද්ගලික ලේකම්වරයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය.අවසානයේදී ලීලාරත්න විජේසිංහට මේ තක්කඩි මෛත්‍රීපාල නිසා සිරිසඟබෝ කෙනෙක් වෙන්නටද සිදු විය.

මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ සුරා ලෝලියකි.බොහෝ ඉදිරි අරමුණු ඇතුව මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ ගේ බීමත් කමට අත් උදව් සැපයූ බව ⁣ඉතිහාසය දන්නෝ පවසති.එක් අවස්ථාවක ශ්‍රීලනිප දිස්ත්‍රික් රැස්වීමකට අගමැතිණිය පොළොන්නරුවට පැමිණෙන දිනයක මෛත්‍රීපාල විසින් මන්ත්‍රී ලීලාරත්න විජේසිංහට කරටි කැඩෙන තුරු අරක්කු බොන්නට දී ඔහු සිහි විකල් තත්වයට පත් කළ බවද ඉන් අනතුරුව අගමැතිණිය විසින් පොළොන්නරු ආසනයේ ශ්‍රීලනිප සංවිධාන කටයුතු වල වගකීම මෛත්‍රීපාලට පැවරූ බවත් පැවැසේ.මෛත්‍රීපාලගේ මගෝඩි කෙරුවාව ඔන්න ඔය වාගේය.හිතේ එකකි. කෙරුවාව තව විදියකි. බෝධිසත්ව රඟපෑමය.

එබැවින් මේ හොර ගෙඩියා ගැන තවත් අටුවා ටිකා අවශ්‍ය නැත.අප නැවත මෛත්‍රීපාල සිරිසේනගේ කෙරුවාව ගැන ලියන්නේ මී⁣ට පෙර බැඳුම්කර නාඩගම පෙන්වා ඔහු විසින් සිදු කළ මුල්‍ය වංචාව පිළිබඳව ලංකා දවස අනාවරණය කළ ප්‍රවෘත්තිය සමග යටි බිමි ගත තොරතුරු රාශියක් සිද්ධිය දන්නා බොහෝ දෙනෙකු විසින් අප වෙතට එවා ඇති නිසාය.

අප මීට ඉහතදී සඳහන් කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මහ බැංකුවේ තැන්පත් කර තිබූ ඩොලර් මිලියන හතලිහකට මුදල නැවත එල්කාඩෝ සමාගමේ හිමිකරුට බාර දෙන ලෙසට බලපෑම් කරන ලද්දේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රට බව කියාය. එහෙත් ඊට පෙර මෛත්‍රීපාල විසින් මුදල් ඇමති රවි කරුණානායක කැඳවා බලපෑම් කර ඇති බව අපට දැන් දැන ගැන්මට ලැබී තිබේ.රවි කරුනානායක එහිදී මුදල් ඇමති වරයා ලෙස තමන්ට ඒ ගැන මැදිහත් වීමට නෛතික බලයක් නොමැති බව පවසා ඇතැයි අනාවරණය වේ

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර මෛත්‍රීපාල ජනපතිවරයා විසින් කැඳවා බලපෑම් කර ඇත්තේ රවි කරුණානායකගේ මග හැර යාම නිසාය.එහෙත් මෛත්‍රීපාලගේ මගෝඩි අපේක්ෂාව ගැන අර්ජුන මහේන්ද්‍රගේ ප්‍රතිචාරයද සුබදායී නොවීම නිසා මෛත්‍රීපාල විසින් බැඳුම්කර නාඩගමේ පිටපත සකස් කෙරුණ බව දැන් අනාවරණය වී තිබේ.ඒ අර්ජුන මහේන්ද්‍රට රනිල්ට හා රවි කරුණානාය කට පහර දීමටය.

සැබවින්ම බැඳුම්කර සම්බන්ධයෙන් යහපාලනය කාලයේදී මතුවූ මුල්‍යමය නොසැලකිල්ල මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමයේ සිට සිදුවූ වංචාකාරී ගනුදෙනුවකි.එම කාලයේදී ට්‍රෙෂරිස් පර්පචුවෙල් සමාගමේ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ සොයුරියද සේවය කරන ලදී.එහෙත් අතීත විෂමාචාර ගනුදෙනු ගැන සොයන්නට හෝ ඒ ගැන පරීක්ෂණ පවත්වන්නට මෛත්‍රීපාලට අවශ්‍ය වූයේ නැත.ඔහු කොලේ වසා තුරුම්බුව පිටියට දැම්මේ ඒ නිසාය.

රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට රජයේ සේවකයන් ගේ වැටුප් වැඩි කිරීම ඉන්ධන මිල වැඩි කිරීම ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබා දීම වැනි සුබ සාධක යෝජනා ⁣ක්‍රියාත්මක කළ බව අපට මතකය.චන්ද්‍රිකා ජනපති වරිය කාලයේදී මන්ද පෝෂණය වැළඳී තිබුණ සතොස වර්තමානයට ගැලපෙන ආකාරයට සුපිරි වෙළඳ හල් බවට පරිවර්තනය කොට සංවර්ධනය කරන ලදී.මංඟල සමරවීර මුදල් අමාත්‍යවරයා වශයෙන් ක⁣ටයුතු කරන විටද ජනතාවට අනේක විධ සහන ප්‍රදානය කෙරිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජත දුරය දරන සමැන්තා පවර් නොවැම්බර් 23 වෙනිදා සිට 26 දක්වා අභිරහස් ශී‍්‍ර ලංකා ගමන ගැන සැක උපදින බව අද ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා අනාවරණය කළා.

“මේක ටිකක් අභිරහස් සංචාරයක් වගේ මොකද එතුමියගේ පෞද්ගලික වෙබ් අඩවියේවත් විදේශ අමාත්‍යශ වෙබ් අඩවියේවත් මේ සංචාරය ගැන සදහන් වෙන්නේ නෑ. සංචරයට තියෙන්නේ දින කිහිපයක් වුණත්. ඇගේ සංචාරය පිළිබද අපිට ප්‍රශ්න 02ක් තියෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජතවරිය ඇමරිකාවේ ඇවිදින්න පුළුවන් එක්සත් ජාතින්ගේ සංවිධානයට තමන්ගේ රටේ තත්වය ඉදිරිපත් කරන්න පුළුවන්. එතුමිය ඉන්නේ ඇමරිකාව නියෝජනයට පමණයි. එහෙනම් ඇය සංචාරයක යෙදෙන්නේ ඇයි? ඇමරිකාවට මැතකදී අත්පත් කර ගත් යටත් විජිතයක් ලෙස ලංකාව සලකන නිසාද? ශ්‍රි ලංකා ඇමරිකාවේ 51 වෙනි ප්‍රන්තයක් ලෙස සිතන නිසාද?

“අපිට මතකයි බ්‍රිත්‍රන්‍ය යුගයේ ඔටුන්න හිමි කුමාරයා ඇල්ෆඩ් එඩ්වඩ් කුමාරයා වගේ කුමාරවරු තමන්ගේ හමුදාව යටත් කර ගෙන තියෙන ලංකාව බලලා සංචාරය කරලා යන්න අවා. දැන් අපිට තියෙන ප්‍රශ්නය ඇමරිකාව ලංකාව යටත් කරගෙන සිටින නිසා ලංකාව බලන්න සමැන්තා පවර් තමන්ගේ අලුත් යටත් විජිතයේ සිරි නරබන්න  එනවාද කියලා තමයි අපිට තියෙන ප්‍රශ්නය.

මේ කොළඔ ඉන්න මුදලාලිලා ලගදි පොල් වත්තක් අරන් දැම්මොත් හලාවත පැත්තේ, අනුරාධපුරයේ යන ගමන් පොඩ්ඩක් පොල්වත්තටත් ගොඩ වෙලා පොල් ගස් වයසද? කුරුම්බා හැදිලද? තැබිලි ගසුත් අතරින් පතර තියෙනවද කියලා බලලා එනවා. එහෙම ගමනක්ද එන්නේ කියල අපිට හිතෙනවා ඇගේ ගමනය අපි විරුද්ධයි.

ඇය කාවද හමුවන්නේ මේ දින තුනේ සංචාරයේ දී?

ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ ඇමතිවරයා, විපක්ෂ නායකවරයා, උතුරු පළාත් මහ ඇමතිවරයා, ඇය පොත් ලියන්නේ දේශන පවත්වන්නේ යුද අපරාධ සම්බන්දයෙන්. ඇය වැඩිපුරම කතා කරන්නේ එම විශය සම්බන්දයෙන්. ඇය මානව හිමිකම් ගැන කතා කරන ප්‍රසිද්ධ පුද්ගලයෙක්. මේ හමුවන පුද්ගලයින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ ඇමතිවරයා කොටි සංවිධානයට ඉතා පක්ෂක්ග්‍රහිව මානව හිමිකමි කොමසාරිස්ගේ වාර්තා ඉතා ඉහලින් අගය කරමින් පිලිගත් ආණ්ඩුවක නායකයින්. ”

“විපක්ෂ නායකවරයා, උතුරු පළාත් මහ ඇමතිවරයත් කොටි සංවිධානය පවතින යුගයේ දේශපාලන නියොජිතයන් විදිහට කටයුතු කරපු දෙමළ ජාතික සන්ධානයේ නියොජිතයන්. මේ රටේ සම්පුර්ණ චිත්‍රය ඇයට ඇඳ ගන්න අවශ්‍ය නම් කෙටි සංවිධානයට පක්ෂක්ග්‍රහි පස් දෙනෙක් හමුවෙලා බෑ. උතුරේ මුස්ලිම් ජනතාවට දැවැන්ත හානියක් සිද්ධ වුණා. කල්යන්කුඩ් පල්ලියේ දී මුස්ලිම් ජනතාව සංහාරය කරා කොටි සංවිධානය. 1990 දී පැය විසි හතරක් ඇතුලත සමස්ත උතුරු පලාතෙන් මුස්ලිම් ජනතාව එළවා දැම්මා. මුස්ලිම් කොම්රසයේ නායකයා හමු වෙන්නේ නෑ. නැගෙනහිර ඉන්න මුස්ලිම් මහ ඇමතිවරයා හමු වෙන්නේ නෑ. කොටි සංවිධානයෙන් පිඩාවට පත් දෙමළ ප්‍රජාවක් ඉන්නවා. ඔවුගේ නියෝජිතයෝ අද පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. තමන්ගේ දරුවන් කොටි සංවිධානයෙන් පැහැරගත් හැටි, කොටින්ට විරුද්ධව වමාර්ශික මත දරපු අය සමුහ ඝාතනය කරපු හැටි, කප්පන් ගෙවපු නැති වුණාම මරාදාපු හැටි, දේශපාලන නියෝජිතයන් මරා දැමු හැටි මේ පස් දෙනාගෙන් කිය වෙන්නේ නෑ. අනාරක්ෂිත ගම් වල සිංහල අය මරාදාපු හැටි, කොළඔ නගරයේ බොම්බ පිපිරවිම් ගැන, මේ නායකයින්ගෙන් කියවෙන්නේ නෑ. අපි එක නිසා සමැන්තා පවර්ට කියනවා නාවොත් වාඩා හොදයි. කොටින්ට හිතැති වාර්තාවක් හදනවාට වඩා සමබර වාර්තාවක් හැදීම ඇමරිකා එක්සත් ජනපදය ජාතිවාදී ත්‍රස්තහිතැති රජ්‍යයක්ය කියන ප්‍රතිරුපය බිදදැමිට අවශ්‍ය නම් මිට වඩා පක්ෂක්ග්‍රහිව කටයුතු කල යුතුය කියලා අපි ඇමරිකාවට සිහිපත් තරනවා.”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ සදහා වත්මන් රජය සහය දෙනු ඇති බව මෛත්‍රී-මංගල සුරතෙලුකු වන් ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.අදාළ නිවේදනය මානවහිමිකම් කවුන්සියල වෙතද යොමුකර ඇති අතර එය ශ්‍රි ලංකා රජයේ ලේඛන සමග එකට ඇදෑ යොමුකර තිබේන් බවද අනාවරණය වි තිබේ.

ශ්‍රී ලංකා රජයේ භූමිකාව විසින් දෙමළ ජනතාවට එරෙහිව කුමන ආකාරයකින් වදහිංසා සිදුකලාද යන්න පිළිබඳව එම වාර්තාවෙන් අනාවරණය වී ඇත. සාමාන්‍ය වැසියන් ජීවත්වන ප්‍රදේශ වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම, ලිංගික හිංසන, වදහාංසා, මානූෂීය උපකාර වැලැක්වීම ඇතුළු විවිධ මාර්ග තුලින් දෙමළ ජනතාවට වදහිංසා සිදුකර ඇති බවත් විශේෂ මිශ්‍ර අධිකරණයක් පිහිටුවා, ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහයෝගය ඇතුව පූර්ණ ස්වාධීන විමර්ශනයක් පවත්වා ක්‍රියාමාර්ග ගත යුතුය. විමර්ශනය සහ දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයේ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම තහවුරු කරන අන්දමින් යෝජනාවක් සම්මත කිරීමේ වගකීම මානව හමිකම් කොමිසමේ සාමාජික රටවලට ඇති බවද සදහන් කර තිබේ.

“ජාත්‍යන්තර නීතිරීති උල්ලංඝනය කරන අන්දමින් ශ්‍රී ලංකා හමුදාව වරදවල් සිදුකර ඇති බවත් එය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කල වාර්තාව මගින් තේරුම් ගැනීමට හැකිවී තිබේ.

එවැනි පසුබිමකදී, සිදුවූ අපරාධ වලට හමුදාවේ කනිෂ්ඨ නිලධාරීන් සහ සන්නද්ධ හමුදා නිලධාරීන් වගවිය යුතු බව දැනගැනීමට ලැබි ඇති බවත්  ඒ අතරම, ත්‍රිවිධ හමුදාවේ නායකයා වශයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙම අපරාධ සම්බන්ධයෙන් පූර්ණ වගකිම භාරගත යුතුය. එමෙන්ම, මෙයට සම්බන්ධ සියළු නායකයින් හඳුනා ගත යුතුය.

-ඊළාම් රාජ්‍යයේ බලවතා  සුරේන් සුරේන්ද්‍රන්ගේ කුමන්ත්‍රණ ගැන කල අනාවරණ-

ඩයස්පොරාව සහ උතුරේ කොටි හිතවාදින් හමුදාව පැන්නිමේ කුමන්ත්‍රණයක 

ගෝලීය දෙමළ සංසදය රනිල්ට,මෛත්‍රීට සුභ පතයි- යහපාලන කොටි නිරුවත මෙන්න

සුරේන්-මංගල රහසිගත සාකච්ඡාවක

මන්න පොන්ගලගේ තවත් පාවාදීමක් මාට්ටු-13 ක්‍රියාත්මක කර උ/නැ මහ ඇමැතිවරුන් මධ්‍යම ආණ්ඩුවට!

මන්න පොන්ගල ලන්ඩනයේ්දි රට පාවාදිලා – පාර්ලිමේන්තුවේදි යමපාලන ආණ්ඩුවට කට උත්තර නෑ(Audio)

ඇමති මණ්ඩලය සඳහා ඇමතිවරු තිස්දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් පත් කිරීම මඟින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති හෙයින් දැනට පත් කර ඇති ඇමති මණ්ඩලයේ ඇමතිවරුන්ගේ සංඛ්‍යාවට වඩා තවත් ඇමතිවරුන් පත් නොකරන ලෙස ජනාධිපතිවරයාට නියෝග කරන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

හඳපාන්ගොඩ පදිංචි නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වූයේ ඉකුත් අගෝස්තු 17 වැනිදා පැවති මහමැතිවරණයේදී ඡන්ද දායකයෙක් ලෙස තමා ඡන්දය භාවිතා කළ බවත්, මැතිවරණයේ ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මේ වන තෙක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හෝ එම ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා වීමට ජනාධිපති ක‍්‍රියා නොකළ බවය. එසේම ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප‍්‍රධානියා වුවද ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා වීමට හිමිකම් නැති බවද පෙත්සම්කරු සිය පෙත්සමින් ප්‍රකාශකර සිටියි. එබැවින් සිය පෙත්සම විභාගයට ගන්න ලෙසත්, නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බව ප‍්‍රකාශයට පත් කරන ලෙසද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

Exclusive:මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබිමේ අනතුර පසුපස සත්‍ය කතාව මේ වනවිට අනාවරණය කර ගැනිමට අප ඔත්තුකරුවන් සමත්ව තිබේ.

අදාළ ජනාධිපති ආරක්ෂක කණ්ඩායම අවමඟුල් උත්සහයකට සහභාගි විම සදහා යමින් සිටියදි අදාළ අනතුර සිදුව ඇති බවයි පොලිසිය මාධ්‍ය හරහා අනාවරණය කර ඇත්තේ.නමුත් සත්‍ය එය නොවේ.

මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න යනුවෙන් පසුගිය අප්‍රියෙල් 18 වැනිදා මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් මෛත්‍රීගේ නියෝජිතයන් දෙදෙනෙකු සමග මොටර් රථයකින් යවා ඇති අතර ඔහුන්ගේ ආරක්ෂාවට මෙම  ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම යවා තිබේ.(Videoව පහතින් නරඹන්න)

උපුටා ගැන්ම -LNW.TODAY

[box type=”info” ]පසුගිය දිනක පාන්දර ජාමේ මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ මෙම යාගය ආරම්භ කර තිබේ.දින ගණනක් මෙම යාගය පැවැත්විමට නියමිත අතර රාජිත සේනාරත්නද අවස්ථා ගණනාවක මෙම ස්ථානයට පාන්දර 2ත් 3ත් අතර පැමිණ යනු අවස්ථා ගණනාවකම ඇවිත් යනු අප වාර්තාකරු නිරික්ෂණය කර තිබේ.

ශාන්ත කපු මහතාගේ නිවස වටා සිවිල් ඇදුමින් සැරසුනු ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම් 24 පැයේම සැරිසරන බවද අප වාර්තාකරු අනාවරණයි කළා. ලබන 25 වැනිදා දක්වා ශාන්ත කපු මහතා තමන්ගේ ශාන්තිකර්ම කටයුතු නොකරන බවට ප්‍රදර්ශණ පුවරුවක්ද සවිකර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන අසනීප වී කොළඹ යුධ හමුදා රෝහලට ඇතුලත් වු බව අප එදා වාර්තාකල අතර අප එහිදි අනාවරණය කළේ කිසියම් ගුප්ත කරුණක් නිසා මෛත්‍රීපාල සිරිසේන රෝහලට ඇතුලත් ව සිටින බවයි.

අදාළ යාගය සම්බන්ධයෙන් සාකච්ඡා හමුදා රෝහල තුල පවත්වා ඇති අතර එම සාකච්ඡා සදහා රාජිත සමහ දුමින්ද දිසානායකකද මෛත්‍රීපාල සමග සම්බන්ධ වි තිබේ.එම සාකච්ඡාවෙන් පසුව මෙම යාගය සිදුකිරිමට කටයුතු සම්පාදනය කර තිබේ.[/box]

උපුටා ගැන්ම අවසන් 

අදාළ ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායමට මෛත්‍රීගේ නියෝජිතයන් ගිය මොටර් රථය අතර මගදි මගහැරන අතර එයට සමිප විම සදහා ගත් උත්සහයේදි මෙම අනතුර වන බව  CCTV දර්ශණ හරහාද තහවුරු වි තිබේ.

මේ අතර රොහල් ගතකර සිටින කිසිදු ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් 6 දෙනාගෙන් ප්‍රශ්ණ කිරිම් නොකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් සටහන් තබා නොගන්නා ලෙසත් පොලිසියට ජනාධිපති ආරක්ෂක අංශය මගින් දැනුම් දි තිබේ.

ලක්ෂ වාර්‍යක් ජීවම් කරන ලද අතී ප්‍රභල සුරයක් සහ නවග්‍රහ පල සදහා ජිවම් කරන ලද සදුන් කුඩු සහ විශේෂ සුරුවමක් පසුගියදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශාන්ත කපු මහතාගෙන් ගෙන්වා ගෙන ඇති අතර තමන්ට එරෙහි සතුරු කරදර සහ ජනතා ප්‍රසාදය වර්ධනය කිරිම සදහා අවශ්‍ය පුජාවක් පවත්වන ලෙසට කපුවාට දැනුම් දි තිබේන අතර ඒ අනුව අදාළ රන් පිළිමය අද යැවිමට කටයුතු කර තිබේ.

බලයට පැමිණි වහාම ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය පෙබරවාරි 2 වැනිදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්‍රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .

මෙම අවස්ථාවේදී ….මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී තිබේ.

පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය.

පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .
තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.

පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි එම හේතුවෙන් මෙම යාග හොම සියල්ලක්ම ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්නා කණ්ඩායමට රටේ පාලනය කරගෙන යැමට ජනාධිපතිවරයා ලෙස තමන් සහය ලබාදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.මැතිවරණය ලංවත්ම පවතින උණුසුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඊයේ තමන්ට හිතවත් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා කොළඹ සිය නිවසට කැදවාගෙන තිබේ.

එහිදි මැතිවරණයත් සමග පාතාලය යලි හිස එසවිම සම්බන්ධයෙන් මෛත්‍රී ජනපති කණගාටුවෙන් කතාකල බවයි අප ඔත්තුකරු සදහන් කළේ.

යුද ජයග්‍රහණයත් සමඟම මර්දනය කළ පාතාලය එජාප දේශපාලනඥයන්ගේ පිහිටෙන් යළි හිස ඔසවමින් තිබෙන බවත්, යළිත් ප්‍රචණ්ඩ මැතිවරණ සංස්කෘතිය මෙරට ස්ථාපිත කරන්නට එජාපය කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තමන්ට පෙන්වාදුන් බවද ජනපති සදහන් කර තිබේ.

“සමහර දේවල් සම්බන්ධයෙන් කතා කරන්න මේ වෙලාව සුදුසු නෑ …මොකද මමත් දැන් ඉන්නේ හොදටම හිරවෙලා..”යනුවෙන් මෛත්‍රී පවසා තිබේ.

මේ අතර පාතාලය හිස එසවිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තමන්ට කරුණු රාශියක් පෙන්වාදුන් බවත් ඒ සමබන්ධයෙන් රටේ ආරක්ෂාව මෙහෙයවු කිහිපදෙනකුගේ සහය ඇතිව කටයුතු කිරිමට තමන් සුදානම් බවද මෛත්‍රී පවසා තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයා  බීබීසී සංදේශය සමඟ විශේෂ දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ එළඹෙන මහ මැතිවරණයේදී ආසන 117 ක් දිනා ගෙන සන්ධානය ජයග්‍රහණය කරන බව තමන්ට සහතික බවයි.

එසේ ජයග්‍රහණය ලබන්නේ නම්, එවිට ඔහු අගමැති පදවියට පත් කෙරෙනු ඇතිදැයි විමසූ විට සිනහවකින් පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා කියා සිටියේ: “ඒක ඒ වෙලාවට බලා ගමු,” යනුවෙන්.

මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන  SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting Pvt Ltd වෙත පවරා තිබේ.

මෙහි පළමු ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන මීගමුව නගරය කේන්ද්‍රගත කරගනිමින් සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්දිත ශ්‍රී ලංකා ටෙලෙකොම් Rainbow Pages ඉසව් කළමනාකරණ ආයතනය විසිනි. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය වසර 20ට පසු සංවිධානය කල ඇති සාර්ථක වැඩසටහනකි.

මෙම වැඩසටහනේ දෙවන අදියර කොළඹ නගරය කේන්ද්‍රගත කරගනිමින් සංවිධානය කරන්නට කටයුතු සුදානම් කෙරෙන අවස්ථාවේ එක්වරම මෙම වැඩසටහන ශ්‍රී ලංකා ටෙලෙකොම් rainbow pages ඉසව් කළමනාකරණ ආයතනයෙන් ඉවත්කොට ඉහල නියෝගයක් මත වෙනත් පෞද්ගලික ආයතනයකට භාර දෙන ලෙස පහල නිලධාරීන්ට උපදෙස් ලැබුණි.

Red Cherry Adverting Pvt Ltd නමින් හඳුන්වන මෙම ආයතනය මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් ලෙස තොරතුරු වාර්තාවේ. අංක 18, සුලෙඉමන් ටෙරස් හි මෙම ආයතනය පවත්වාගෙන යයි. මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයට අදාලව සකසන ලද ගීතයේ රූප රචනාව කල ජනක නම් කැමරා ශිල්පියා මෙම ආයතනය ජනාධිපතිතුමන්ගේ දියණිය වෙනුවෙන් මෙහයවයි. ජනක උපරිම බලය යොදාගනිමින් සියලුම රාජ්‍ය ආයතනවල වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු වලට අත ගසමින් සිටින බව වාර්තා වේ.

මෙම Red Cherry Adverting Pvt Ltd ආයතනය කෙලින්ම තම ව්‍යාපාර කටයුතු කරනු වෙනුවට උපක්‍රමිකව Media Gang Pvt Ltd නමින් තවත් ආයතනයක් හරහා තම ව්‍යාපාර මෙහෙයවයි. මෙම ආයතනය ද ඉහත ලිපිනයේම පිහිටුවා තිබේ. මෙම ආයතනය ද මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් ලෙස තොරතුරු වාර්තාවේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ උක්ත වැඩසටහන වෙනුවෙන් ජනක නම් පුද්ගලයා මෙම ආයතන හරහා ඉහල මිලගණන් ඉදිරිපත් කර ඇති අතර ටෙලිකොම් නිලධාරීන්ට එම මිලගණන් අනුමත කරන්නට සිදුවී ඇත. අනෙක් කරුණ නම් එතෙක් ඇති සාර්ථකව ශ්‍රී ලංකා ටෙලෙකොම් Rainbow Pages ඉසව් කළමනාකරණ ආයතනය විසින් කරන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහන සම්පුර්ණයෙන්ම අසාර්ථක වීමයි.

එයට හේතුව වී ඇත්තේ මින් පෙර මෙම Red Cherry Adverting Pvt Ltd හා Media Gang Pvt Ltd ආයතන වලට මෙම ක්ෂත්‍රයේ පළපුරුද්දක් නොමැති කමයි. එම හේතුව නිසා විශාල ප්‍රමාණයේ මුදල් නාස්තියක් සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා ටෙලෙකොම් rainbow pages ඉසව් කළමනාකරණ ආයතනය විසින් ලක්ෂ 90ක මුදලක් මෙම වැඩසටහන සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබු අතර ජනක නම් පුද්ගලයා මෙහෙයවන, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ දියණියට අයත් ආයතනය ඉදිරිපත් කර තිබු මිල ලක්ෂ 160 ආසන්නය. එම මුදල ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා අනුමත කර තිබීමද විශේෂත්වයකි. ටෙලෙකොම් නිලධාරින් මෙම ප්‍රශ්නය නිසා දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

දිගින් දිගටම අසාර්ථක වන මෙම වැඩසටහන කෙතරම් අසාර්ථක වුවත් තෙවන අදියරත් ඉහල මිල ගණන් යටතේ අදාළ ආයතනයටම ලබා දී තිබේ. එය අරඹ කල පළමු දිනයේම මෙය අසාර්ථක වී තිබේ. තෙවන අදියර මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබයි.

ජනක නම් පුද්ගලයා තම බලය යොදාගනිමින් ජාතික ලොතරි මණ්ඩලයේද ප්‍රචාරණ කටයුතු වලට විනිවිද භාවයෙන් තොරව අතගසා ඇති අතර රජයට අනුබද්දිත ආයතනවලට සේවා සැපයීමේදී ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වුවත් නාධිපතිතුමන්ගේ දියණියට අයත් ආයතනවලට නම් ය අදාළ නොවන බව වාර්තාවේ . ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්දිත ශ්‍රී ලංකා ටෙලෙකොම් Rainbow Pages ඉසව් කළමනාකරණ ආයතනය පවා තම සේවා සපයා එත්තේ ටෙන්ඩර් පටිපාටිය අනුව බව වාර්තාවේ.

 රවුම්කර ඇත්තේ ජනක නැමැත්තාය 

JANAK

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්  එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනිමට හැකිවනුයේ එක් ආසනයක් පමණක් බව සජිත්ගේ පෞද්ගලික අවශ්‍යතාව මත ගෙවුනු සතිය තුල බුද්ධි අංශ යොදා ගනිමින් කල මැතිවරණ සමික්ෂණයෙන්  අනාවරණය වි තිබේන බව සජිත්ගේ සමිපතමයෙකු වන කලින් එජාප මාධ්‍ය අංශයේ සේවය කල පසුව රනිල්ට මඩ ගැසිමට ගොස් දොට්ට දැමු පුද්ගලයෙකු අප විශේෂ වාර්තාකරුට පවසා තිබේ.

අදාල සමික්ෂණයට අනුව 2010 වසරේ ජනවාරියේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 83,027  ලබා ගනිමින් 29.86% ප්‍රතිශතයක් වාර්තාකරමින් ආසන 2ක් ලබාගත්තද මෙවර එම ප්‍රතිශතය සියයට 21% දක්වා පහත බසිනු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හැර අනිකුත් sසංවිධායකයන් අහ මන්ත්‍රිවරුන් ආසන මට්ටමේ සංවර්ධන කටයුතු වලට තියා මල ගේදරකටවත් සහභාගි නොවන බවත් ඒ තත්ත්වය මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලෙන විට ජනතාවමුණටම කියන බවද ඔහු සදහන් කර තිබේ.

මිට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් හම්බන්තොටට ප්‍රභල අපේක්ෂකයන් තරග වැදිමත් ඒ අපේක්ෂකයන් අතර රාජපක්ෂලා බහුතරයක් සිටිමත් මේ තත්ත්වයට මුලික බලපැම් කර තිබේ.එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මහා මැතිවරණයෙන් ඡන්ද 174,808 ලබා ගනිමින් 62.87% වාර්තාකරමින් ආසන  5ක් දිනාගනු ලැබුවා.

JVP_LNW_MDK

ප,ච කුමාරගේ පච අහන්න ආ ලක්ෂ සංඛ්‍යාත ජන ගඟ

මේ මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 10000ක් ලබා ගැනිම පවා අසීරු තත්ත්වයකට පත්ව සිටි.ගෙවුනු සතියේ ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට රැස්විම් 3ක් පැය භාගයකට වඩා පැවැත්විමට නොහැකි වි ඇති අතර ඊට හේතු වි ඇත්තේ ජනතාව එම රැස්විම් සදහා සහභාගි නොවි සිටිම බවද අප වාර්තාකරුවන් සදහන් කළා.

නාම යෝජනා ලබා දී සතියක් ඉක්ම යන අද දවස වන විට රාජපක්ෂලාගේ බලකොටුව ලෙස හැඳින්වෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂවරුන් පරාජය වීමේ ලක්ෂන පහළ කර ඇතැයි ප්‍රදේශය බාර ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

Top