ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්‍ෂයේ විරෝධය නොතකා පසුගියදා කැබිනට්ටුව තුල සම්මත කරගත්  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලාගත යුතු බවත් එසේ නොමැතිව ව්‍යවස්ථා සංශෝධනය සම්මත කලහොත්, එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයේ පෙත්සමක් ගොනුකරන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ජනපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දි තිබේ.රවුෆ් හකීම් ලිපියක් මගින් ජනපති මෛත්‍රීට දැනුම් දි ඇත්තේ ජනාධිපතිවරණය සමයේ ඇති කරගත් එකඟතාවයන් අද වනවිට ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව ඇති බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවත්  එයට හේතුව, එය 2/3ක බහුතර බලයකින් සම්මත කල යුතුය. එබැවින්, 2/3ක බහුතර බලය වැලැක්වීමට අප සතුව ඇති වැඩි බලය භාවිතා කර, අප එයට එරෙහිව කටයුතු කරන බවද දැනුම් දි තිබේ.

තවදුරටත් අපගේ විරෝධය නොතකා නීත්‍යානුකූලව එය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කලහොත්, එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයේ පෙත්සමක් ගොනුකිරීමට අප බලාපොරොත්තු වන බවද හකිම් මෛත්‍රී ජනපතිට දැනුම් දි තිබේ.

Top