මිනිමැරිම් 12ක්,ස්ත්‍රි දුෂණ,හොරකම් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් 2014 වර්ෂයේ අත් අඩංගුවට ගත් දෙමටගොඩ “රතු චයිනා” හේවත් හෙන්ද්‍රිවිතාරනලාගෙ සුමේධ ප්‍රියංකර නැමති පාතාල නායකයා වැලිකඩ බන්ධනාගාරයෙන් පෙරේදා රත්‍රියේ රැගෙන ගොස් ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. පෙරේදා රාත්‍රියේ විශේෂ පොලිස් කණ්ඩායමක් යනුවෙන් හැදින්වු 4 දෙනෙකුගෙන් යුතු සිවිල් ඇදුමින් සැරසුනු මෙම පිරිස අදාළ පාතාල නායකයා රැගෙන ගොස් තිබේ.

යුධ හමුදාවේ ස්නයිපර් කණ්ඩායමේ සිටි ප්‍රභල පුද්ගලයෙකු අන මොහු පසුව හමුදාවෙන් පැනවිත් මෙම පාතාල කණ්ඩායම සමග එකතුවි ඇති අතර පසුව ඔහු එම කණ්ඩායමේ නායකයා මරාදමා නායකත්වයට පැමිණි අයෙකි.

හදිසියේම මෙම පාතාල නායකයා බන්ධනාගාරයෙන් රැගෙන ගියේ ඇයිද යන්න සහ ඔහු රැගෙන ගියේ කවර ස්ථානයකටද යන්න තවමත් තහවුරු කර ගැනිමට හැකියාව ලැබි නැති අතර අපගේ ඔත්තු කරුවන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි.
මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට මරණ තර්ජන එල්ල වී ඇතැයි ‘සුජාත දේශයක් සඳහා වූ ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය’ විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Top