12 වැනිදා මාතර පැවැත්වෙන මහින්ද සමග නැගිටින්න නිල්වලා සටනට බයවි සිටින මංගල සමරවිර තමන්ගේ කටකතා බලකාය මාතර දිස්ත්‍රික්කය පුරාම විසුරුවා හැර ඇති බව අප  මාතර විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මාතර නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සහ මාතර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන්ද මෙම කටකතා බලකායට එක්ව ඇති අතර මිට අමතරව මංගලගෙන් රැකියා ගත් මාතර ජිවත් වන සියලුම දෙනාද මෙම මඩ බලකායට කැදවා තිබේ.පසුගියදා කොළඹ සිට ගිය මංගලගේ පොරවල් යැයි කියාගත් ඇම්බැට්ටයන් පිරිසක් මංගලගේ නිවසේදී කටකතා බලකායේ ප්‍රධානින් දැනුවත් කර ඇති අතර ඔහුන්ට අවශ්‍ය පහසුකම් සැපයිමටද පොරොන්දු දි තිබේ. මාතර හිටපු නගරාධිපති මංගලගේ මැර ගොලයා වන උපුල් නිශාන්තට මෙම කණ්ඩායම් මෙහෙයවිමට පවරා තිබේ.

මේ වනවිටත් ගම් මට්ටමේ සිටින මංගලගේ හෙංචයියන් කටකතා ආරම්භකර ඇති අතර ගෙයින් ගෙට ගොස් ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ “බලන්න දැන් අපිට ගමට වැඩ කරන්න බෑ…..මංගල ඇමතිතුමා සල්ලි පාස් කලට දකුණු පළාත් සභාව එවා දෙන්නේ නෑ….බලන්න ඒ නිසා ගමේ සංවර්ධනය නතර වෙලා” යනුවෙනි.

නමුත් සාගල රත්නායක ආණ්ඩුවේ සල්ලි හොරෙන් අරන් ගිහින් එයාගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනිමට කටයුතු කලද මේ ආණ්ඩුව මේ වනතෙක් කිසිම පළාත් සභාවකට මුදල් අනුමත කර නෑ.

Top