2015 වර්ෂයේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට පෙර, ලංකාව තුල ස්වයං පාලනය ස්ථාපනය කිරිම දෙමළ ඩයස්පොරාව හා රටින් බැහැර දෙමළ ඊළාම් රජය ගෙනයන වැඩපිළිවෙළ මේ වනවිට තීව්‍ර කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා රජයට එරෙහිව අත්සන් ලබාගැනීමේ වැඩපිළිවෙල මේ වනවිට වේගවත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටිමින් රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති අත්සන් ලක්‍ෂ 10ක් ලබාගැනීමේ වැඩසටහන, දෙමළ ඊළාම් මාතෘ භූමිය, විදෙස් රටවල සහ තමිල්නාඩුව ඇතුළු ලොවපුරා තීව්‍ර කර තිබේ.

රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ තමිල්නාඩු මිත්‍ර සංවිධානයේ ප්‍රධානත්වයෙන් සහ ශිෂ්‍ය සංවිධානය මගින් මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන සිදුකරමින් සිටියි. එමෙන්ම, මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන අප්‍රිකානු රට වලද ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.

යම් හෙයකින් ඉදිරියෙදි පැවැත්වෙන මහාමැතිවරණයකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යලි රටේ බලය ඇල්ලිමේ අනතුරක් ඇති බවත් එසේ වුවහොත් එය ඊළාම් රාජ්‍ය කෙරෙහි දමිළ ජනයා තැබු බලාපොරොත්තු බිඳවැටීම වැලැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව දෙමළ ඊළාම් රජයේ තමිල්නාඩු මිත්‍ර සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමකදි එහි ප්‍රධානියකු වන පී.කේ සෙල්වරාසා පවසා තිබේ.

Top