මහා මැතිවරණයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ විවිධ කොටස් කෑ ගැසුවද පාර්ලිමේන්තුව විසුරුවා පැය 24ක් යන්නට මත්තෙන් සිදුව ඇති දේශපාලන විපර්යාස හමුවේ එජාප නායකයා ඇතුලු ප්‍රධානින් අන්ද මන්ද වි ඇති බව මැතිවරණ තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි වහාම එජාපය තුල යම් පිබිදීමක් ඇති වේ යැයි එජාප නායකා ඇතුලු ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානින් බලාපොරොත්තු තබා තිබුනද එය සම්පුර්ණයෙන්ම් අඩපණ විම බලාපොරොත්තු බිඳවැටීමට හේතුව වී තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට කටයුතු කලයුතු බවත් එසේ නොවුනොත් මෛත්‍රීට එරෙහිව මඩ අවලාද බලාපොරොත්තුවෙන් සිටිය යුතු බවත් එජාපය මෛත්‍රීට තර්ජනය කර තිබේ.පසුගිය 25 වනදා රාත්‍රී කථානායක නිල නිවසේදී පැවැති බව කියන රහස් සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයාට හැර සෙසු අයට නාමයෝජනා ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබෙන බව තම පක්ෂය දන්නා බවත් මහින්දට ලබාදිමේ අවස්ථාව උදා වුවහොත් මෛත්‍රීට සියතින් ගෙල සිඳ ගැනිමෙ තැනට පත්කරන් බවටද රනිල් -මෛත්‍රීට දැඩිව තර්ජනය කර තිබේනවා.

මේ අතර මැතිවරණය සඳහා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අර්බුදයක සිටින බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් පැවැත්වුනා.හිටපු ජනාධිපතිවරයාගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවසේදී එම සාකච්ඡාව පැවැති අතර මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාතමක වියයුතු ආකාරය පිළිබඳව පුලුල්ව සාකච්ඡා කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ගාමිණී ලෝකුගේ, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, ටී.බී. ඒකනායක සහ තවත් කණ්ඩායමක් එම අවස්ථාවට එක්ව සිටියා.

Top