Breaking
18 Feb 2025, Tue

ඌවෙ මහා ජාවාරම්කරු මහ ඇමතිගේ ගැණී,කාර්‍යාල සේවක ඒ මදිවට රියදුරුත් අපේක්ෂයෙක්…..තවත් මහා හොරු දෙන්නේක් ලැයිස්තුවේ…

ඌවේ මහා දුෂකයා යන විරුදාවලීය ලත් මහ ඇමැති චාමර සම්පත් දසනායක සිය බල ප්‍රදේශය වන ඇල්ල ප්‍රාදේශිය සභාව සදහා සිය තමන්ගේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සේවකයෙකු සහ ඔහුගේ රියදුරුද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර ඇති අතර ඊට අමතරව සිය පරිසර දුෂක ගල් කැඩිමේ ව්‍යාපාරයේ ජාවාරම් කරුවන් දෙදෙනෙකුටද නාමයෝජනා ලබාදි තිබේ.

ඇල්ල ප්‍රාදේශිය සභාව සදහා කොට්ඨාසක් ඇති අතර එයින් 5 දෙනෙකුම සිය ගැණී ඇතුලුව නාමයෝජනා පත්‍රයට ඇතුලත් කර ඇති අතර මෙහි ඇති පට්ටම වැඩේ යනු යහපාලනය ගැන දෙසා වදාලන සන්ධාන මහ ලේකම් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් එම නාමයෝජනා වලට අත්සන් තැබිමය.

පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටි චාමර තමන්ගේ ජාවාරම්කාරි කටයුතු ලේසියෙන් කරගෙන යෑම සදහා ලක්ෂ්මන් සෙනෙවිරත්නට පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය පුදා මහ ඇමතිකමට රිංගා ගත් අතර පසුව සිය වංචා දුෂණ සඟවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග ඩීල් දමා ගත් චාමර ජනතාවට කොකා පෙන්වන අයුරු .

ඊතල වලින්  දක්වා  ඇත්තේ චාමරගේ බිරිද ශේහානි බස්නායක, රියදුරු චන්දන රුවන් ,කාර්‍යාල සේවක සදුන් හේමන්ත …

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ නියෝගයක් මත ඌව පළාතේ විහාරස්ථාන නගා සිටුවීමේ වැඩ සටහනක් සදහා යැයි පවසමින් “හොඳම පාසල ලඟම පාසල” ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේද තෝරාගත් පාසල්වල ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදු කිරීමට තෝරාගන්නා ලද කොන්ත්‍රාත්කරුවන්ගෙන් රුපියල් පනස් දහස (රු. 50,000) බැගින් කප්පම් ගැනීමට කටයුතු කර තිබු අතර මහ ඇමතිවරයාගේ මෙම කප්පම් ගැනීමේ ක්‍රියාකලාපයට එරෙහිව “යහපාලන සමාජයක් සඳහා වූ ඌව පළාත් එකමුතුව” නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

මහ ඇමතිකම යොදා ගනිමින් කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන යන චාමරගේ ජාවාරම් ගල් කොරිය…..

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.