LNN SPY

එරාජ්, තිලක්, කොල්ලුපිටිය පොලිසියේ ජඩකම්,මැරකම් ගැන ගෝඨාට පැමිණිල්ලක්! පොලිසිය පගා මරුවෝ… අපිට යුක්තිය දෙන්න! පාරට ඇද දැමු පවුල ඉල්ලයි!

මැරකමින්,ජඩකමෙන් සහ රාජපක්ෂලාගේ බලය පෙන්වමින් අහිංසක මිනිසුන්ගේ දේපල කොල්ලකැමේ නිරතව සිටින “සෙල්ලං පිස්තෝල ” මල්ලී ලෙස ප්‍රසිද්ධ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු, කොල්ලුපිටිය පොලිස් නිළධාරින් ඇතුලු මැරයන්ට නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කොල්ලුපිටියේ පදිංචිකරුවෙක් වන තුවාන් සලීම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (15) පැමිණිළි කළා.

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් තමාට සහ දරුවන්ට පහරදී ජීවත්ව සිටි කන්ටේනර් නිවෙස විනාශ කළ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් යුක්තිය ඉටු නොවූ බවත් ඔහු චෝදනා කර සිටියා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් තුවාන් සලීම් මහතා සහ දරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පිටියේදී අද විරෝධතාවක නිරත වු අතර එම අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් ජනාධිපති කාර්යාලය වෙත ඔවුන්ව ගෙන ගොස් පැමිණිල්ල බාරගෙන එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට කඩිනමින් යොමුකරන බවට පොරොන්දු වී තිබේ.

තුවාන් සලීම් මහතා සහ දරුවන් නවදෙනා සමග කොල්ලුපිටිය ගාලුපාරේ 10 වැනි පටුමගේ කන්ටේනර් නිවෙසක පදිංචිව සිටි අතර එම නිවස පිහිටි ඉඩම වෙනත් අයෙකුගේ යැයි පවසමින් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් ගිනි අවි පෙන්වා තර්ජනය කර තමන් ඇතුළු දරුවන්ට පහරදී නිවෙසින් එළියට ඇද දමා පදිංවිව සිටි කන්ටේනර් නිවෙස එරාජ් ප්‍රනාන්දු මහතාට හිමි ආරක්ෂක ආයතනයට ගෙනවිත් ඇති බවත් තුවාන් මහතා පසුගිය 11 වැනිදා කොල්ලුපිටිය පොලිසියට පැමිණීලි කර තිබුනා.

අලුයම 2.00 පැමිණ පිරිසක් නිවසේ හිමිකරුට තර්ජනය කර පහරදී පවුල පදිංචි ඉඩමින් පන්නා දමා ඔවුන් පදිංචිව සිටි කන්ටේනරය ද බලහත් කාරයෙක් රැගෙන ගොස් තිබුනා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඒ අතර හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ද සිටින බව පොලිසිය සදහන් කර තිබුනා.

කොල්ලුපිටිය 10 පටුමග පදිංචි වි සිටින නිවස් හිමියන් එළවාදමා බලහත්කාරයෙන් එම ඉඩම අත්පත් කර ගැනිම සදහා කොළඹ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනිම සදහා කටයුතු කරමින් සිටින ශේක් හාජ් නැමැත්තා කටයුතු කරමින් සිටින අතර ඔහුගේ මුදල් බලය මත මෙහෙයවෙන කුප්‍රකට ජාවාරම්කරු රන්තරං තිලක් නැමැත්තා සහ කොල්ලුපිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක සිසිර පෙතිතන්ත්‍රී මෙම ජාවාරම පසුපස සිටින බවයි අනාවරණය වි ඇත්තේ.

ඒ අනුව කොළඹ දකුණ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර ප්‍රේතීතන්ත්‍රිගේ නියෝග මත කොල්ලුපිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති මල්දේණිය නැමති නිළධාරියා, කුප්‍රකට ජාවාරම්කරු රන්තරං තිලක් නැමැත්තා සමග පැමිණ අදාළ නිවසේ හිමිකරුට මැර තර්ජනය කර වහාම නිවසේන් ඉවත් වන ලෙස දැනුම් දි තිබුනා.

අදාළ නිවසේ හිමිකරු දරුවන් 7 දෙනෙකුගේ වන හලීම් වන අතර එම ඉඩමේ තනී අයිතිය ඔහු සතුව තිබේ. ඔහු තමන්ට සිදුකල මැර තර්ජන සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේන අතර පොලිස් නිලධාරින් මහ දහවල් මැරයන්ද සමග තමන්ගේ නිවසටම පැමිණ මරණ තර්ජනය කිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණ යක් සිදුකරන ලෙසයි වගකිවයුත්තන්ගේ ඔහු ඉල්ලා සිටියා.

 

Top