Political

ගෝඨාගේ දේශපාලන අඳබාලකමෙන් ගොඩ යන මහින්ද…… මණ්ඩලේ කචල් ඇතුලේ පොහොට්ටුවේ මොරාල් කඩන විමල්……. සජිත්ගේ ජයමග ඉදිරියේ ෆුල් හොල්මන්……..

Oct 3, 2019 – ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය කියන්නේ පුංචි ඡන්දයක්. නමුත් ඒ් පුංචි ඡන්දෙට විමල් වීරවංශ මහත්තයා මහා අර්ථකථනයක් දුන්නා. විමල් කියන විදිහට ” 2020 ජනාධිපතිවරණයේ පෙරවදන ලියන්නේ ඇල්පිටියේ පුංචි ඡන්දේ” ඒ් කියන්නේ ඇල්පිටියේ පුන්චි ඡන්දේ ප්‍රතිඵලය සමානයි 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිපලයට?

විමල් හිතන්නේ විමල්ගේ මේ සරළ සමීකරණයෙන් විසදන්නේ යූ ඇන් පීයේ ඉරනම විතරයි කියලා ද? අනෙක් අතට ඇල් පිටියෙදී පොහොට්ටුව කුල්ල කුජීත වුනොත් ඊට සමානව හා සමාන්තරව ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා කුජීත වන බව නොදැන සිටීමට තරම් විමල් දේශපාලන අඳබාලයෙක්ද? විමල් මේ සෙල්ලම කරන්නේ දැනගෙන.

විමල් කියන්නේ මහින්ද ගේ බඩියා. විමල් නියම අර්ථයෙන්ම දේශපාලිනකයි. විමල් දන්නවා ගෝඨාට දේශපාලනේ තේරෙන්නේ නැති වග. මහින්දත් 2020 ජනාධිපතිවරනේ ඉල්ලන්න බැසිල්ට නොදී ගෝඨාට දෙන්නේ ගෝඨාගේ තියෙන මේ දේශපාලන ඔලමොට්ටල කම නිසා. මහින්ද හිතාගෙන හිටියේ 2020 ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව දිනුවම අගමැති විදිහට පරන පුරුදු විදිහට රට කරගෙන යන්න. නමුත් මහින්දගේ යටිකූට්ටු අදහස තේරුම් ගත්ත ගෝඨා ඇතුළු මිලිටරි නඩය මහින්දට තග දාලා ජාතික ආරක්ෂාව හා ආර්ථිකයට විතරක් අත දාන්න ඒන්න ඒපා කියලා. ඒතැන ඉඳන් මණ්ඩලේ කචල්. ඊට පස්සේ තමයි විමල් ක්‍රියාත්මක වෙන්නේ. විමල්ගේ ඩියුටිය තමයි පාක්ෂිකයන්ගේ මොරාල් ඒක වට්ටන ඒක. විමල්ට මේක නුපුරුදු වැඩක් නෙවෙයි. 2010දී ජනාධිපතිවරණය දවසේ ඒජාපේ අපේක්ෂක ෆොන්සේකාට ඡන්ද අයිතිය නෑ කිව්වේත්. 2015 ජනාධිපතිවරණය දවසේ ඒජාපේ අපේක්ෂක මෛත්‍රී මහින්දට සහය දෙන බවත් විමල් කිව්වේ ඒජාපේ පාක්ෂිකයින්ගේ මොරාල් ඒක කන්න. ඒ් වැඩේ මේ පාර විමල් පටන් ගත්තේ ඇල්පිටියේ පුංචි ඡන්දෙන්. මේ පාර විමල්ගේ ටාර්ගට් ඒක පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ මොරාල්.

ජාතිවාදියා වුනාට විමල්ගේ මොලේ ඒක පැත්තක් වැඩ කරන්නේ ප්‍රජාතත්ත්‍රවාදයට. ජනසම්මතවාදය ගරු කරන මේ රටේ සෑම සියලු දෙනාම වගේම විමලුත් අවඥ්ඥානිකව කැමැතියි සජිත් මේ රටේ ජනාධිපති වෙනවාට. සජිත් කියන්නේ පොඩි මිනිහාගේ දුක හදුනන නායකයෙක්. සජිත්ට ඒ් සංවේදනාව ඒන්නේ පිය උරුමෙන්. සජිත්ගේ තාත්තා ප්‍රේමදාස මහත්තයා ට හදුන්කූරු පත්තු කරන මිනිස්සු තාමත් ඇල්පිටියේ වගේම ඈත ගම් නියම් ගම් වලත් අඩුවක් නෑ. දිවංගත වෙලා අවුරුදු 26ක් ගත වෙලත් ඒ් ගුණ සුවද තාමත් අඩුවක් නැතිව මේ රටේ මිනිසුන්ගේ සිත් සතන් තුළ තියෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අතින් ගිලිහුනු ඒ් ධජය ඔසවාගෙන මේ රට ලෝකයේ සෞභාග්‍යමත් දේශයක් බවට පත් කරන්න සජිත් ප්‍රේමදාස සිහින මවනවා. සජිත්ගේ ඒ් සිහිනය සැබෑ කරන්න ඇල්පිටියේ ජනතාව වගේම මේ රටේ සර්වජන ඡන්ද බලය හිමි කෝටි ඒකහාමාරකට වැඩි ජනතාව මේ වනවිටත් පෙල ගැහිලා ඉවරයි.

සජිත් කියන්නේ අභියෝග බාරගන්න බය නැති නායකයෙක්. කොලේ අලියා නැත්නම් අලියා ඇඳලා හරි කතිරේ ගහන පාක්ෂිකයන් සිටින මැදකොළඹ අතඇරලා රාජපක්ෂලා නමින් පොල් පිත්තක් දැම්මත් අතඋඩින් දිනන හම්බන්තොටට සජිත් යන්නේ මේ බය නැති කම නිසා. දවසින් දවස හම්බන්තොට ඒක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම ගොඩ නගද්දීත් හම්බන්තොට ආසනය හා සජිත්ගේ මැතිවරණ ජයගැනීමේ සක්‍යතාව පිළිබඳ අවලාද නගන විරුද්ධවාදීන්ට හම්බන්තොට කියන්නේ ශ්‍රී ලංකාව නොවන බව සජිත් පෙන්නුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබුනු දවසේ රටම දෙවනත් කරමින් පුපුරා ගිය රතිඥ්ඥා හඬ සාක්ෂිකොට තබමින්.

විමල්ට ඇල්පිටියේ පුංචි ඡන්දය කුමන අර්ථයකින් හෝ ජනාධිපතිවරණයේ පෙරවදන වුවත් සජිත්ට ඇල්පිටියේ පුංචි ඡන්දය කියන්නේ නිශ්චාතාර්ථයෙන් ම ජයග්‍රහනයේ පෙරගමන. 2015දී මුලු රටම ඒක පෙලට රොද බැදගෙන පලවා හල දූෂිත රාජපක්ෂ පවුල් පාලනය යලිත් වරක් වෙස් වලාගෙන ඔබ අභිමුඛව ඇත. ඒ් දුෂ්ඨ බලවේගයට යළි හිස ඒසවීමට ඉඩ දෙනවාද නැතිද යන පැනයට පිළිතුරු ලබා දීම පෙර ගමන් කරුවන් වීමේ අවස්තාව මේ වනවිට ඇල්පිටියේ ජනතාව වෙත පැවරී ඇත.

අප අමතක නොකළ යුතු දේ නම් ගෝඨාභය යනු තනි මිනිසකු නොවන බවයි. ගෝඨාභය යනු පවුලකි. දූෂිත පවුලකි. වතුර ඉල්ලපු රතුපස්වල මිනිසුන්ට වෙඩි තැබූ, වෘත්තීය අයිතාවාසිකම් ඉල්ලා සටන් කළ මී ගමුවේ ධීවරයින් දෙවු මවු තුරැලට යුවූ , මාධ්‍ය නිදහස ඉල්ලූ මාධ්‍යවේදීන්ගේ ජීවිත නිහඩ කළ , නීතියේ දෙවු දුව කෙලෙසූ , සිය පුතුන්ගේ හිත සුව පිනිස අන් පුතුන් වල පල්ලට යැවූ, ස්ත්‍රී දූෂණ 100ක් කරමින් එය සමරන අනුගාමිකයින් රට පුරා බිහි කළ අන්ත දූෂිත පවුලක්. මේ පවුලට ඒරෙහිව බදිමු පවුරක් . ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ යහපැවැත්ම, සාමය, සෞභාග්‍යය සුරක්ෂිත කරන පවුරක්. ශකිතිමත් සජිත් ප්‍රේමදාස වට කරගත් ශක්තිමත් ජන පවුරක්. ඒකී ශක්තිමත් ජනපවුරේ ‌‌මුල්ගල තැබීමේ මග හැරිය නොහැකි ඒ් ඒතිහාසික වගකීම මේ මොහොතේ පැවරී ඇත්තේ ඇල්පිටියේ ඔබටයි.

Top