Breaking
14 Feb 2025, Fri

දේශපාලනය උඩු යටිකුරු කල සුබ්‍රමානියම් ස්වාමිගේ ගෝනි සෙල්ලම් සහ සිරිසේනට කෙලවුනු මහින්දගේ ඉන්දීය සංචාරය සහ රාජපක්ෂ හෙට දවස

Published on: Sep 15, 2018- මහින්දගේ ඉන්දියානු සංචාරය ඔහුගේ අනුගාමිකයන්ට ගෙන ආවේ ආනන්දයකි. නමුත් මහින්දට එසේ නොවිනි. අඩ සියවසක් භූදේශපාලනයේ තෙම්පරාදු වූ මහින්ද සංචාරයට අත ගැසුවේ එය අත්හල නොහැකි වගකීමක් නිසාවෙනි. ඉන්දියානු සංචාරයේ මුල මැද අග ගලපා ගැනීමට පලමුව සුබ්‍රමානියන් ස්වාමි පිලිබද විමසා බැලිය යුතුය. සුබ්‍රමානියන් ස්වාමි උපන්නේ දකුනු ඉන්දියාවේය. ඔහු දෙමළ ජාතිකයෙකි. 1985 වසරේ පිහිටවූ Tamil Eelam Supporters Organization (TESO) කැදවුම්කරු වූයේ සුබ්‍රමානියන් ස්වාමීය. එහි ප්‍රධාන ක්‍රියාධරයන් අතර නැදුමාරන්, කරුනානිදි , වීරමානි වැනි අයවලුන් විය. 1985 සිට 1991 දක්වා TESO සංවිධානයේ කැදවුම්කරු ලෙස සුබ්‍රමානියන් ස්වාමී කටයුතු කලේය. එම කාලය තුල සුබ්‍රමානියන් ස්වාමී එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ගනුදෙනු කලේය.1991 රජීව් ඝාතනයත් සමගම සුබ්‍රමානියන් ස්වාමි TESO සංවිධානයෙන් ඉවත් විය. ඉන් පසු ඔහු එල්.ටී.ටී.ඊ විරෝධියෙකු විය, ප්‍රභාකරන් ගසා දැමිය යුතු යයි ස්ථාවරයේ සිටියේය. එපමනක් නොව දෙමල විරෝධියෙකුද විය.

දේශපාලනය උඩු යටිකුරු කල ස්වාමිගේ අංශක 180 හැරවුම

සුබ්‍රමානියන් ස්වාමිගේ අංශක 180 හැරවුම ඉන්දියන් දේශපාලනය උඩු යටිකුරු කර වූවකි. රජීව ගාන්ධි ඝාතන චෝදනාව මුලින්ම එල්ල වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය වෙතය. නමුත් ඔවුන් එය එකහෙලාම ප්‍රතික්ෂේප කලේය. එවැනි දෙයක් තමිල්නාඩුවේදී සිදු කොට එහි සිටින කෝටි හයක දෙමල ජනතාව සතුරු කර ගැනීමට තරම් මෝඩයන් නොවන බව එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රකාෂ කලේය. රජීව ගාන්ධි ඝාතනයට පසු දින සියලු පුවත්පත් වාර්තා කලේ එය එල්.ටී.ටී.ඊ සංවිධානයේ වැඩක් බවය. ඔවුන් එසේ වාර්තා කලේ සුබ්‍රමානියම් ස්වාමිගේ ප්‍රකාෂයක් උපුටා දක්වමිනි. එය අති සූක්ෂම මාධ්‍ය මෙහෙයුමක් විය. රජීව් ඝාතනයේ මූලික පරීක්ෂණ වල සැක මුසු තැන් නිසා ඒ පිලිබදව විශේෂ පරීක්ෂණයක් කිරීමට ජේන් කොමිසම පත් කලේය. ජේන් කොමිසම හමුවේ එලිදරව් වූයේ රජීව ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානයේ වැඩක් නොව එය ඊශ්‍රායෙල් මොසාඩ් ගේමක් බවය. එහි මහ මොලකරුවන් වූයේ ගොඩ්මන් චන්ද්‍රස්වාමි සහ සුබ්‍රමානියම් ස්වාමීය. මොවුන් දෙදෙනා මොසාඩ් ඒජනතයින් ලෙස ක්‍රියා කොට ඇති බව සාක්ෂි සහිතව හෙලිදරව් විය.

රජීව් ඝාතනය කලේ ඇයි

රජීව්ගේ කාලයේදී ඉන්දු- පලස්තීන සබදතා ඉතා යහපත් විය. 1988දී එනම් රජීව්ගේ කාලයෙදී පලස්තීනයේ ස්වාධීනත්වය පිලිගත්තේය. ඊශ්‍රායෙලයට බලවත්ම තර්ජනය එල්ල වන්නේ ඔවුන් වටකරගෙන සිටින මැදපෙරදිග රටවලින් නොව පකිස්ථානයෙනි. ඊශ්‍රායෙලය දක්වා විදිය හැකි මිසයිල පකිස්ථානය සතුය. මොසාඩ් සංවිධානයට පාකිස්ථානය තුල ඔත්තු බැලීම ඊට අල්ලපු රටවල් වන ඉරානය ,ඇෆ්ගනිස්ථානය හෝ චීනය තුල සිට කල නොහැක. එය කල හැකි වන්නේ ඉන්දියාව තුල සිටය. නමුත් රජීව් ඊශ්‍රායෙලයට දොර වසා පලස්තීනය ගෙතුලට ගත්තේය. කරුනු මෙසේ තිබියදී රජීව් ඉලක්ක කල මොසාඩ් ඝාතන කුමන්ත්‍රනයක් පිලිබදව යසර් අරෆට් තොරතුරු හෙලි කලේය. අරෆ්ට්ගේ හමාස් බුද්ධි අංශ හෙලිදරව්වෙන් 6 මසක් ඇතුලත රජීව් ඝාතනය විය. රජිව්ගේ ඝාතනයෙන් පසු බලයට පැමිනි නරසිංහ රාවො පලස්තීනය වෙනුවට ඊශ්‍රායෙලය සමග සබදතා ආරම්භ කලේය . ඔහු බලයට පැමින පලමු සිව් මස තුල නවදිල්ලියේ ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයක් පිහි‍ටු වූයේය. මොසාඩ් සංවිධානයට සිය භූමියේ සැරිසැරීමට ඉඩ ලබා දුන්නේය. ඊශ‍්‍රායල් ආරක්ෂක හා යුධ නිපැයුම් මිලට ගැනීමට කටයුතු කලේය.

කේ.පී ගේ පලහිලව්ව සහ මහින්දගේ අනුග්‍රහය

රජීව්ගේ ඝාතනයේ මහ මොලකරුවන් නිදැල්ලේ සිටියද එහි බිම් මට්ට්මේ ක්‍රීයාකාරින් එල්ලා මැරීමට නියමව ඇත. ඝාතනයේ සැක මුසු භාවය සහ රට තුල නැග එන විරෝධය හේතුවෙන් එල්ලා මැරීම දිනෙන් දින කල් යන්නේය . එපමනක් නොව වරෙක ප්‍රියංකා ගාන්ධී මොවුන් හමුවීමට සිර ගෙදරට පැමිනියාය. මුලු ඉන්දියාවම මොවුන් නිදහස් කරන ලෙස ආයාචනය කර සිටියදී ඔවුන් එල්ලා මැරිය යුතු බවට හඩ නගන්නේ අප මේ කථා කරන සුබ්‍රමානියම් ස්වාමී පමනි. මක්නිසාදයත් ගොඩ්මන් චන්ද්‍රස්වාමි මියගොස් හමාරය. හිරගෙදර තපින උන් සුබ්‍රමානියන් ස්වාමිගේ පැටිකිරිය දනී . ඇත්ත දන්නා උන් ජීවත්ව සිටීම තර්ජනයකි. 2009 වසරේදී ලංකාවේ ආරක්ෂක අංශ කේ.පී නොහොත් කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගත්තේය. මොහු රජීව් ඝාතනයේ තෙවැනි විත්තිකරුය. කේ.පී අත්ඩංගුවට ගත් වහාම පරීක්ෂණ කටයුතු සදහා ඉන්දියාවට ඉල්ලා සිටියේය. කේ.පී ඉන්දියානු ආරක්ෂක අංශ වෙත භාරදෙනවාට සුබ්‍රමානියම් ස්වාමී එකහෙලාම විරුද්ධ විය. කේ.පී ඉන්දියාවට බාර නොදෙන ලෙස ඔහු මහින්දගෙන් ඉල්ලා සිටියේය . මහින්ද මිතුරාගේ ඉල්ලිම අහක නොදැම්මේය.

මහින්ද භාරතීය ජනතා පක්ෂයේ ඉත්තෙකු වීම

යුධ සමයේ හෝ පසුව මහින්දගේ ”වැ‍ටුප් රෝල්” දෙස් විදෙස් ප්‍රභූන් ගනනාවක් වූයේය.ඉයන් පේස්ලි පමනක් නොව, සුබ්‍රමානියන් ස්වාමිගේ නමද ඒ අතර විය. යුද්ධය අවසන් වීමත් සමගම යුවාන් වල රස වැ‍ටුනු මහින්ද චිනය සමග පිම්මක් පැන්නේය. භූමිය සින්නක්කරව චීනයට විකුන්නේය .කොලඹ වරාය චීන සබ්මැරීන තිප්පොලක් විය. පකිස්ථාන යුධ නැව් පෝලිමට පැමිනියේය . සම්බාධක වැ‍ටුනු ඉරාන නැව් ලංකා ධජය යටතේ මෙහෙය වූයේය. ඉන්දියාවට තර්ජනයක් වන අයුරින් මුහුදේ පාවෙන අවි ගබඩා ඇති කලේය. ලංකාව නීති විරෝධී අවි ගනුදෙනුවල පාර්ශව කරුවෙක් වූයේය. එකල මේවා සිදුවන විට සුබ්‍රමානියම් ස්වාමී මහින්දට දුන්නේ අවවාද නොව උල්පන්දම්ය. මක් නිසාදයත් ඉන් අපහසුතාවයට පත්වූයේ මනමෝහන් සිංගේ කොන්ග්‍රස් ආන්ඩුවයි. නෙළුම් කුළුන හදන විට එහි චීනය විසින් Radio-electronic weapon system සවිකරන බව කීවේ BJP උන්ය. මෙවැනි කථා නිසා කොන්ග්‍රස් ආන්ඩුව මිනිසුන් අතර බලවත් අප්‍රසාදයට ලක් වූයේය . එහි ප්‍රතිඵල ලෙස 2014 මැතිවරණයෙදී BJP ඉතිහාස ගත ජයක් ලබුවේය. මෝදී අගමැති වූයේය, ස්වාමි ප්‍රභල ඇමතියෙක් වූයේය. මොවුන් මැතිවරණ ව්‍යාපාරයේ උපකරණයක් ලෙස මහින්ද යොදා ගත්තේය.

මහින්දගෙන් වැඩ අරගෙන හැරුනු තැපෑලෙන් කෙලිය හැටි

1972 සිට 2014 තෙක් ලංකාවේ කිසිම රාජ්ය නායකයෙකුට ඉන්දියාවේ අගමැති ගේ දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා නොකලේය. නමුත් 2014 මෝදිගේ දිවුරුම් උලෙලට සහභාගි වන ලෙස මහින්දට ආරාධනා කලේය. මහින්ද සිතුවේ තමන් ඉතිහාසය අලුතෙන් ලියූ බවය .මහින්ද එහි ගියේ කලාපයේ ලොකු අයියාට ඇදගෙනය. නමුත් මහින්ද කොලඹ බලා ඒමටත් පෙර මහින්ද එලවීමේ සඥාව රෝ එකට ලැබුනේය. මෝදී බලයට පැමිනි පසු මහින්දට බලයේ සිටිය හැකි වූයේ මස 6කි. අතිජාත මිත්‍රයා සුබ්‍රමානියම් ස්වාමි මහින්දට කෙලියේ ලෝකයම බලාසිටියදීය. තමා පරාජය වූයේ ‘රෝ සංවිධානය නිසා බව කියුවේ මහින්දමය. නමුත් විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම අතින් BJP එක කොන්ග්‍රස් එකට වඩා අසාර්ථක බව අද ඔප්පු වී ඇත. මෝදි උත්කර්ෂයට නැගූ පකිස්ථානයට එරෙහි surgical operation හමුදා මෙහෙයුම් අසාර්ථක වී ඇත. කලාපයම පෙර නොවූ විරූ පරිදි චීන මකරාගේ ග්‍රහනයට ලක්ව ඇත. ඉතිහාසයේ ලොකුම දූෂණ චෝදනාව වූ රෆායල් ප්‍රහාරක ජෙට් හොරකම් කරලියට පැමින ඇත. විදේශ ගත ඉන්දියානුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසථාව සලසන ව්‍යාපෘතියක් ඇරඹී ඇත. කරුනු එසේ හෙයින් තත්වය ඔඩු දිවීමට පෙර නැතහොත් නියමිත දිනට පෙර මැතිවරණය පැවැත්වීමට මෝදිගේ අවධානය යොමුව ඇත.

සිරිසේනට කෙලවුනු මහින්දගේ ඉන්දීය සංචාරය

2019 ශ්‍රී ලංකාවේද මැතිවරණ වර්ශයකි. මහින්දගේ අරමුණ නාමල් අගමැති කිරීමය. ඊට අනුරූපව නාමල් ජාතික සහ ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබිය යුතුය. ජනබලය සහ ඉන්දියානු සංචාර සැලසුම් කලේ ඒ අනුවය. ගිය ගිය තැන නෝංජල් හිනාවෙන් නාමල් සැදී පැහැදී සිටියද මහින්ද සිටියේ දැඩි ස්වරූපයකය. මහින්ද ඉන්දියාවට ගියේ චීනයේ උපදෙස් අනුව යයි මතයක් වුවද එවැන්නක් දිස් වූයේ නැත . ඔහු සිටියේ කැත්තට පොල්ල මෙනි. ඊට හේතුව 2014දී BJP ය මහින්ද ගොනාට ඇන්ද වීම වූවාට සැක නැත. ලංකාව මිතුරකු නොව ඥාතියෙකු බවත් එහෙයින් බිදුනු සබදතා යලි ඇතිකර ගත හැකි බව සුබ්‍රමානියම් ස්වාමී කියුවේය. බී.ජේ.පී දැගලුවේ 2019දී යලිත් මහින්ද ගොනාට ඇන්දවීමටය. මහින්ද රාහුල් ගාන්දි ඇතුලු කොන්ග්‍රස් පක්ෂයේ නියෝජිතයන්ද හමු වූයේය . එහිදී මහින්දගෙන් දැකගත් හැකිවූයේ දැඩි ස්වරූපය වෙනුවට හෘදයාන්ගම බවකි. එය ඔවුන් යුධ සමයේ මහින්දට දුන් සහයෝගය නිසා වූවා විය හැක . ”මට බැරිනම් සහෝදරයෙක් ” කථාව නිසා අළු යට ගිනි පුපුරු මතු වුවද සමස්ථයක් ලෙස මහින්දගේ ඉන්දියානු ගමන ජය පරාජයෙන් තොර වූවකි. නමුත් සිරිසේනගේ 2020 ව්‍යාපෘතියට බරපතල හානි සිදුවිය. මහින්ද දමා ගැසූ වචන වලින් කුඩු වූයේ සිරිසේන පමනක් නොවේ සිරිසේනට උප්පැන්නය දුන් මෝදිද කුජීත විය.

කලාපයේ මොසාඩ් ඉත්තන් සහ සෙවැනැලි මෙහෙයුම්

වසර 2013 දී ජනාධිපති ෂී ජිංග් පිංග් “සමුදුරු සේද මාවත” සංකල්පයට එහා ගිය “එක් මාවතක් – එක් තීරයක්” (OBOR) සංකල්පය ඉදිරිපත් කලේය. එමඟින් චීනය මධ්‍යම, බටහිර සහ දකුණු ආසියාව සමඟ මුහුදු සහ ගොඩබිම් මාර්ග ඔස්සේ සම්බන්ධ කිරීමට නියමිතය. එය හුදෙක් භෞතික වශයෙන් රටවල් යා කිරීමක් නොව ආර්ථික, ප්‍රතිපත්ති සහ මූල්‍යමය සහයෝගිතාව තුල ලොව බිහිවන විශාලතම වේදිකාව වන්නේය. රාජපක්ෂලා චීන ව්‍යාපෘති වලින් හොරකම් කිරීම සහ නිෂ්ඵල ව්‍යපෘති වල ආයොජනය එක් කථාවකි . නමුත් “එක් මාවතක් – එක් තීරයක්” යනු වෙනමම කථාවකි. චීනය ගොඩ නගන මෙම යාන්ත්‍රනය ලොව විශාලතම ආර්ථිකය හිමි ඇමෙරිකාවට මරු පහරකි. ඇමෙරිකාවේ වෙළද ඒකාධිකාරිය ඊශ්‍රායෙල් ජාතිකයන් සතුය. ලොව සමස්ථ ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන්නේ දකුනු ආසියාව තුලය .ඇමෙරිකානු ආධිපත්‍ය කලාපයේ පවත්වාගෙන යාමට නම් එහි දේශපාලනයට ඇගිලි ගැසිය යුතුය . ඒ කොන්තරාත්තුව ඊශ‍්‍රායලයට බාර වූවකි. එක් මාවතක් – එක් තීරයක් කරලියට පැමිනි විගස භාරතීය ජනතා පක්ෂයට , 969 ව්‍යාපාරයට, පමනක් නොව ලංකාවේ සංවිධාන තුලටද අදෘශ්‍යමාන ලෙස ඩොලර් ලැබුනු බව නොරහසකි. ඊශ්‍රායෙල් කොන්ත්‍රාත්තුව එදාට වඩා වැඩි ජවයකින් අද ක්‍රියාත්මකය. සුබ්‍රමානියම් ස්වාමිලාගේ භූමිකාව ප්‍රවේසමෙන් කියවිය යුත්තේ එහෙයිනි.

~~කීර්ති රත්නායක~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.