Breaking
14 Feb 2025, Fri

සජිත් ඉල්ලා හෙට කැබිනෙට්ටුවට යෝජනාවක්…. පාඨළී රහස් ඡන්දයක් ඉල්ලයි… TNA දෙකඩ විමේ අනතුරක!

Published on: Sep 16, 2019-සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා. ඒ අනුව එම යෝජනාව හෙට කැබිනට් මණ්ඩලය රැස්විම අතරතුර ඉදිරිපත් කිරිමටත් එය කැබිනට් මණ්ඩලය තුල සම්මත කර ගැනිමටත් සුදානම්ක් පවතින බවයි වාර්තා වන්නේ. ඉදිරි දින කිහිපය තුල දී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව ඊයේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව හමුවු අවස්ථාවේ පවසා තිබේ.

මේ අතර පක්ෂය තුල බෙදීමක් ඇති නොවන ආකාරයෙන් එය සිදුකිරීම අග්‍රාමාත්‍යවරයාගේ අදහස වි ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන පාඨ්ලී චම්පික රණවකගේ අදහස වි ඇත්තේ එජාපය තුල අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ සාමාජිකයන් හමුවේ කල ප්‍රකාශය

“ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ගන්නට බලාපොරොත්තු වන සියළුම අපේක්ෂකයන්ට මම කීවේ දිනන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම මත පමණක් අපට ජයග්‍රහණය කරන්නට බැහැ. ඒ නිසා පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සෑම අපේක්ෂකයෙකුටම මා ප්‍රකාශ කළා. ඒ සියළු කරණා සලකා බලා අපේක්ෂකයා නම් කිරීම කෘත්යාධිකාරී මණ්ඩලයේදී සිදු කරනවා”

පූජ්‍ය දඹර අමිල නා හිමියන් …

“මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවත්, එමෙන්ම ඉදිරියේදී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කොට ඇත.”

සමන් රත්නප්‍රිය….

“විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සටන් පාඨය මත පුළුල්ම එකතුව ගොඩ නැගිය යුතු බවත්, ඒ සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කොට කෙටි කලක් තුළ එම කටයුත්ත සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.”

TNA සාකච්ඡා සාර්ථකයි…

සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡා සාර්ථකත්වයට පත්ව තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.කෙසේවෙතත් ද්‍රවිධ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් සජිත් විරෝධී තැනක සිටින බැවින් මේ වනවිට TNA දෙකඩ විමේ අනතුරකටද මුහුණ දි සිටි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.