Featured

සහෝදරකම් වානා ….. ජනපතිකම ඔනෑ …! මහින්ද කුරුණෑගලින් ආවේ නායකකම බිල්ලට ගන්න… අපේ කිසිම සහයෝගයක් මේ රජයට දෙන්නේ නෑ

Published on: Mar 13, 2020- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත වරක් කුරුණෑගලින් ඡන්දය ඉල්ලීමට සාධාරණ හේතුවක් නැති බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා.අද කොළඹ දි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි උන්වහන්සේ මේ බව පවසා සිටියා.

“අපි මේ ආණ්ඩුව ගෙනාවේ මද්‍රසා පාසල් වහන්න. මේ මැතිවරණ ඉස්සල්ලා මද්‍රසා පාසල් වහන තීන්දුව ගත්තේ නැත්නම් අපි ජනතාව තුළ දැඩි මතයක් ඇති කරනවා. සමහරු හිතනවා මුස්ලිම් අන්තවාදින් එක්ක සූදු කෙලින්න. 2010 – 2015 හිස්බුල්ලා අමාත්‍යධූරයට මුවා පසුගිය කාලයේ අක්කර 1200 කට අධික ප්‍රමාණයක් සවුදි අරාබියට 90% වඩා කොටස් හිමි සමාගම් වලට ව්‍යාපාර සඳහා ලබා දීලා තියනවා. මේ පවරා දීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. ඒ වගේම රිෂාද් බදුයුදීන්ට දුන්න ඉඩම් පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුවෙලා නෑ.”

“ඇත්ත වශයෙන්ම මේ රට ගෙනියන්න නම් රටේ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා මේ පිහිටවපු පොදුජන පෙරමුණේ නායකයා විය යුතුයි. දැන් මේ හදන්නේ එතුමා නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් කරලා පැත්තකට කරලාතියන්න.මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට යලිත් වරක් කුරුණෑගල ගිහිල්ලා ඡන්දය ඉල්ලන්න ඕන කියලා මම හිතන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා දෙවරක් මේ රටේ ජනාධිපති වුණා. ගිය වතාවේ නම් එතුමාට ඉල්ලන්න හේතුවක් තිබුණා. අද එහෙම නෑ එතුමාගේ සහෝදරයා මේ රටේ ජනාධිපති. දෙවරක් මේ රටේ විධායක ජනාධිපති වෙච්ච කෙනෙක් කුරුණෑගල ගිහිල්ලා ඡන්දය ඉල්ලන්න ඕන නෑ.”

“අනිත් එක අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන්න ඕන ඔබතුමා සහෝදරකම් දිහා බලාගෙන වැඩ කරන්න ගියොත් මේ රට පාලනය කරන්න වෙන්නේ නෑ. සහෝදරකම් වෙනම තියාගන්න. ජනාධිපතිකම වෙනම තියාගන්න. පරණ දේවල් ආයෙමත් වෙනවා නම් මම කියන්න කැමතියි අපේ කිසිම සහයෝගයක් මේ රජයට දෙන්නේ නෑ කියලා.”

Top