Featured

සිංහල බෞද්ධ රට ගැන අහන්න ගිහින් සිංහලෙන්ම අහගනී…. “නාමයෝජනා ඔනේ නම් නිහඩව ඉන්න” අනේ අපේ හාමුදුරුවන්ට වෙච්චි දෙයක්..

Published on: Feb 28, 2020- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට ගිය රාජපක්ෂවාදි ස්වාමින්වහන්සේලාගෙන් මහින්ද ඇසු ප්‍රශ්ණයක් හේතුවෙන් මුඛ මුට්ටු වි ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

රටේ පිළිගැනිමක් ඇති ස්වාමින්වහන්සේ නමක් සහ තවත් රස්තියාදු චීවරධාරීන් කිහිප දෙනෙකු මහින්ද රාජපක්ෂ හමුවිමට ගොස් ඇති අතර ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු භාෂා, බහු ආගමික, බහු සංස්කෘතික රටක් යයි කළ ප්‍රකාශය මේවනවිට සමාජ ඔස්සේ දැඩි සංවාදයකට ලක්වෙමින් තිබේන බවත් එම ප්‍රකාශය හේතුවෙන් වැඩිපුරම ජනතා අප්‍රසාදයට ලක්වන්නේ භික්ෂූන් වහන්සේලා ලෙස තමන් බවද පෙන්වා දි තිබේ.

“මේක සිංහල බෞද්ධ රට” කියලා අපි හැමතනම කිව්වා, පහුගිය ජනාධිපතිවරණයේදි අපි දිනන්න හේතු වුනේ බහුතරයම සිංහල ඡන්ද,නමුත් දැන් මේ කතා වලින් අපිට රටට මුහුණ දෙන්න බෑ.”

“අන්තිමට පහුගිය ආණ්ඩුවේ අය කියපු කතායි අපී කියපු කතා අතර වෙනසක් නෑ… ” දිගින් දිගටම නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි රටේ පිළිගැනිමක් ඇති ස්වාමින්වහන්සේ ප්‍රශ්ණ කර තිබේ.

ප්‍රශ්ණ වලට විවිධ වර්ගයේ නොවැදගත් පිලිතුරු සැපයු මහින්ද අවසානය භික්ෂූන් වහන්සේලාට පවසා ඇත්තේ මැතිවරණයට තරග කරන්න බලාපොරොත්තු වන්නේ නම් නිහඩව සිටිම හොද බවයි.

එම අවස්ථාවට එක්වු රටේ පිළිගැනිමක් ඇති ස්වාමින්වහන්සේ අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කළේ වත්මන් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් වලට විරුද්ධ විමට ස්වාමින්වහන්සේලා අසමත් වි ඇති බවත් ඊට ප්‍රධානතම හේතුව ඔහුන්ට මහා මැතිවරණයට ඉදිරිපත් විමට අවශ්‍ය නාමයෝජනා ලබා ගැනිම බවයි.

“මේ වෙනකොට මහින්ද මහත්තයා හාමුදුරුවන්ට කියනව ඔබ වහන්සේලාගේ නාමයෝජනා මම (මහින්ද) යවලා තියෙන්නේ බැසිල් මහත්තයාට කියලා,බැසිල් මහතතයාගේ පැත්තේන් කියනවා හමුදුරුවන්ට නාමයෝජනා දෙන්නේ නෑ කියලා…. ”

“එ පණිවිඩය හමුදුරුවෝ ගිහින් මහින්ද මහත්තයාගෙන් ඇහුවම එයා කියනවා පොඩ්ඩක් කලපනාවෙන් බලාගෙන ඉන්නකෝ … බැසිල් තම කොහොමත් අවසන් තිරණය ගන්නේ කියලා…”

“මට පෙන විදියටනම් මහත්තයෝ මහින්ද මහත්තයා හාමුදුරුවෝ ටික ගානට කඩේ යවනවා… මොකද අවසන් මොහොතේ නාමයෝජනා නොලැබිමට විවේචනය කිරිම හේතුවක් වෙයි කියලා දැන් හාමුදුරුවෝ බය වෙලා… අනේ අපේ හාමුදුරුවන්ට වෙච්චි දෙයක්.. ”

බොරලුගොඩ සිංහයා ජිනීවා නුවර බල්ලා වු හැටි….

Madam President,

No one has the well-being of the multi-ethnic, multi-lingual, multi-religious and multicultural people of Sri Lanka, closer to their heart, than the Government of Sri Lanka. It is this motivation that guides our commitment and resolve to move towards comprehensive reconciliation and an era of stable peace and prosperity for our people. It is therefore our strong conviction that the aforementioned actions within the framework of Sri Lanka’s domestic priorities and policies, are not only realistic but also deliverable.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top