Featured

කාන්තාවන් 05ක් සමග බුදියන්න,අර්ජුන වරායෙ සල්ලි ලක‍්ෂ 24 ක කාම උත්තේජක ගෙන්වයි

අර්ජුන රණතුංග වරාය අධිකාරියේ රුපියල් ලක‍්ෂ 24 ක මුදලක් වියදම් කරමින් කාම උත්තේජක වාජීකරණ ඖෂධ ඇතුළු ආයුර්වෙිද ඖෂධ තොගයක් වරායට ගෙන්වා ඇත්තේ තම වෛශ්‍යාවන් සමග කම් සැප විඳීමට යැයි වරාය සේවකයෝ පවසති.

ශ්‍රී ලංකා ආයුර්වෙිද සංස්ථාවෙන් ගෙන්වාගෙන ඇති මෙම ඖෂධ තොගය අතර අශ්ව ගන්ධාරිෂ්ඨය, අශ්වගන්ධ චූර්ණය, ශ්ර්තය මදන මෝදකය, කාමේෂ්වර මෝදකය ආදී කාම උත්තේජන වාජිකරන ඖෂධ රාශියක් වෙති. සමහර දුර්ලභ ඖෂධ ග්‍රෑම් එකක් රු. ලක්ෂයක් පමණ වටිනා බව පැවසේ. වරායට ගෙන්වා ඇති මෙම වාජීකරණ ඖෂධ උත්තේජන ගැටලුවකට මුහුණ පා නැති වරායේ සේවකයන්ට නම් අවශ්‍ය නොවන අතර ඒවා අවශ්‍ය වන්නේ අර්ජුන ඇමතිවරයාට බවත් ඇමතිවරයා මේ වනවිට තම බිරිඳට අමතරව කාන්තාවන් 05 දෙනෙතු සමග ප්‍රසිද්ධියේ ඇසුරු කරන බැවින් මෙම ලිංගික උත්තේජන ඖෂධ වර්ග ඇමති වරයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන්වා ඇති වග පැහැදිලි යැයි සේවකයෝ පවසති.

තමන්ගේ සොහොයුරෙකු වරායේ සභාපති ලෙස පත්කර ගත්තේම මෙවැනි අවලම් වැඩවලට අවශ්‍ය මුදල් අවභාවිතයේ යෙදවීමට බව අර්ජුන මේ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. ඒ මෙසේය.

අර්ජුන ඇමතිවරයා මෙි වනවිට වරායේ මුදල් වියදම් කරනුයේ තමාගේ අන්තඃපුරයේ සිටින කාන්තාවන්ගේ නඩත්තුව සඳහාය. මනිෂා කන්නන්ගර, ෂෙරීන් කුමාරතුංග, සුධර්මා නෙත්තිකුමාර, රුවනි ඩයස් බණ්ඩාරනායක, නිශාන්ති හේරත් නමැති කාන්තාවන් 5 දෙනා මේ වන විටත් අර්ජුන ප්‍රසිද්ධියේම ආලිංගනයේ යෙදෙන ප්‍රසිද්ධ පුරඟනන් වෙති. නිශාන්ති හේරත් චින කටු ඩිප්ලෝමා ධාරිනියක යැයි කියයි. ඇය නීති විරෝධීව වරායේ චීන කටු උපදේශිකාවක් ලෙස පත් කර මහජන මුදලින් ලක්ෂ ගණනක් වැටුප් ගෙවමින් සිටී. මෙකී පුරඟනන් 5 ට අමතරව අප්‍රසිද්ධියේ ඇසුරු කරන කාන්තාවන් ගණන අර්ජුනගේ අමාත්‍යාංශයට පැමිණීමෙන් ඕනෑම අයෙකුට බලා ගත හැකිවනු ඇත.

අමාතාංශයට කාන්තාවන් බඳවා ගැනීම ඇමති වරයාගේ හිතවතුන් මාර්ගයෙන් පමණක් සිදු කළ අතර සෑම අයැදුම් පතක් සමගම මෑතකදී ලබාගත් පින්තුරයක් ඉදිරිපත් කළ යුතු විය. එ්වා ඇමතිවරයාගේම පුද්ගලික පරික‍්ෂාවකින් පසු ඔහු කැමතිවුයේ නමි පමණක් සම්මුඛ පරික‍්ෂනයට කැඳවා බඳවා ගනු ලැබිණ. මෙවැනි කාමාතුරයන් සිටින තැනකට තම දරුවන් නොඑවා දරුවන් බේරා ගන්නා ලෙස වරායේ සේවකයන් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වරායේ වෘත්තිය සමිති සියල්ල තමාට එරෙහිව කැරලි ගසන තත්ත්වයට පත් වීමෙන් ඇමැති ධූරය අහිමි වන බව ඉව වැටුණු අර්ජුන මේ වන විට සමිති නායකයන්ට තැරැවි කරුවන් මාර්ගයෙන් පණිවිඩ එවමින් සිටී. ඇමතිවරයා සහ සභාපතිවරයා වෙන වෙනම වෘත්තිය සමිති නායකයින් හමුවී ඔවුන් සමග ඩීල් දමා ගෙන තව දුරටත් වරාය හූරා කෑමට තැත් කරති.

එම වෑයම අසාර්ථක එකක් බවත් රණතුංග පවුල වරායෙන් එළවා දැමීමට එකා මෙන් පෙළ ගැසෙන බවත් වරාය සේවකයෝ ශපථ කර සිටිති. ‘මම හොරකමට විරුද්ධ‘ යැයි උදේ හවා මතුරමින් උදේ සිට සවස දක්වාම වරායේ දේපොල හොරකම් කරමින් සිටින රණතුංග පවුලට නොපමාව පිළිතුරු ලබා දෙන බවද වරායේ සේවකයෝ වැඩිදුරටත් පවසති.

MR සේනා

Top