Featured

ශ්‍රීලනීප බත් බැලයන්ට අලුත් ප්‍රශ්ණයක් – මහින්ද රැළි දෙකටම යයි!

මහින්ද රාජපක්ෂ මහතා ගාලු මැයි රැළියට සහභාගී වි පසුව් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියටද සහභාගි විමට සුදානමක් පවතින බවට මෛත්‍රී පිළේ බත් බැලයන් මෛත්‍රීපාල සිරිසේනට දැන්විමෙන් පසුව සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට අරාධනා කිරිම වහාම නතර කර දමන ලෙසට නියෝග කර තිබේ.පසුගියදා තායිලන්ත සංචාරය අවසන් කරමින් දිවයිනට පැමිණි අවස්ථාවේ මැයි රැළි කිහිපයක් පැවැත්විම හොද දෙයක් බවත් තමන් ජනාධිපති වි සිටියදි මැයි රැළි කිහිපයකට සහභාගි වු බවටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයෙන් පසුව මෛත්‍රී බත් බැලයන් කාල්බලයට පත්ව ඇති බවයි ශ්‍රිලනීප අප විශේෂ වාර්තාකරු සදහන් කලේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ගාලු මැයි රැළියට සහභාගි වුවහොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එදිනම මහින්දට භාර දි ගෙදර යන්න තමන්ට සිදුවන බවත් අනාගතය සම්බන්ධයෙන් තමන් තබාගෙන සිටින සියලුම බලාපොරොත්තු බිදවැටේන බවත් මෛත්‍රීපාල සිරිසේන සිය බත් බැලයන් හමුවේ පවසා තිබේ.

“මහින්ද කියනේ ලෝක අණ්ඩයෙක්…..ඔයා ගාල්ලට ඇවිලා වේදිකාවට නැග්ගෝත් ඔක්කොම ඉවරයි…නිකන් හරි මහින්ද අවෝත් මම කොහොමද රෙද්දක් ඇදන් මැයි රැලියට එන්නේ….”යනුවෙන් මෛත්‍රී පවසා තිබේ.

“අපි කොහෙ හරි ගියෝත් හූ… අහන්නත් ඔනා ..ඒ වුනාට එයා (මහින්ද) හැමතැනම යනවා එයාට හූ…කියන්න කවුරුත් නෑ…” මෛත්‍රීගේ කතාවට මැදට පැන්න පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායක පවසා තිබේ.

Top