Featured

FCID ලොක්කාගේ හොර ගෑණී බඩුත් එක්කම මාට්ටු

Published on: Apr 28, 2016- ඇඟලුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉහළ පෙළේ ධනවතුන් ගෙන් මුදල් වංචා කළැයි සැකපිට රක්ෂිත භාරයේ පසුවන තුෂාරි මේනකා ප්‍රනාන්දු(Thushari Menaka Fernando) නමැති කාන්තාව මෙරට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි සියයකට අධික මුදලක් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කර තිබේ.අදාල තුෂාරී මේනකා නැමති හෙර සම්බන්ධයෙන් අප මීට පෙරද අනාවරණය කල අතර ඇය යහපාලනය රාජපක්ෂලා මර්දනය කිරිම සදහා අටවාගත් ‘මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය’ FCIDයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාගේ හොර බඩුව බවද අප අනාවරණය කළා.

අප 2015 මාර්තු 28 කල අනාවරණය කියවන්න –දුෂිත රවි විද්‍යාලංකාර හා තුෂාරි මේනකා මිලියන ගණනක් කෑ හැටි(Video)

නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ නම විකුණමින් ඇය රටපුරා මුදල් කොල්ලකන බව අප අනාවරණය කල අතර පසුව වෛද්‍යලංකාර FCID ලොක්කා විමෙන් පසුව ඇය සිය වංචනික ක්‍රියාවන් තවත් වැඩි කල අතර අවසානයේ රුපියල් ලක්ෂ හාරසියයක් වටිනා දේපළ සහ මුදල් තමාගෙන් වංචා කර ලබා ගත් බවට කොළඹ 07, රොස්මිඞ් පෙදෙසේ පදිංචි නලිනි ඉන්දිරා ජයතිලක යන අයගේ පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලැබ කොළඹ අතිරේක මහේස්ත්‍රත් එම්. මිහාර් මහතා හමුවට ඉදිරිපත් කළ මෙම සැකකාර කාන්තාව මේ වන විට රක්ෂිත භාරයේ පසුවෙයි.

මෙම පැමිණිලිකාරිය එංගලන්තයේ ගුරුවරියක ලෙස සේවයකර ඇති බවත්, ඇගේ ස්වාමිපුරුෂයා එරට බැරිස්ටර්වරයකු මෙන්ම අප්‍රිකාවේ මහේස්ත්‍රාත්වරයකු ලෙසද සේවය කර ඇති අයකු බවත් මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශ විමර්ශන 2 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවාපතිරණ මහත්මිය අධිකරණයට දැනුම් දී තිබේ.

පැමිණිලිකාරියට අයත් එංගලන්තයේ පිහිටි නිවාස දෙකක් මෙන්ම, රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක්, බෝට්ටුවක් මෙන්ම රොස්මිඞ් පෙදෙසේ පිහිටි නිවසක් සහිත ඉඩමක්, දූනගහ ප්‍රදේශයේ ඉඩමක් සහ මහනුවර ප්‍රදේශයේ ඉඩමක් මෙම සැකකාරිය විසින් කූට ලේඛන සකසමින් වංචා කර ඇතැයි ද අධිකරණයේදී කරුණු අනාවරණය විය.

එසේම මෙම පැමිණිලිකාරියට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා රන් භාණ්ඩ ද මෙම සැකකාරිය විසින් ලබාගෙන ඇති අතර, මෙම සියල්ල සැකකාරිය විසින් වංචා කරනු ලැබ ඇත්තේ මසක් වැනි කෙටිකාලයක් තුළ බවද රහස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

පැමිණිලිකාරියට අයත් අදාළ මෝටර් රථය සැකකාරිය විසින් දික්කසාද කරනු ලැබූ බව හඳුන්වා දෙන පෞද්ලික ආයතනයක සේවයේ නියුතු කීත් ප්‍රනාන්දු නමැත්තෙකු වෙත කූඨ ලේඛන මගින් ලියා දී ඇතැයි ද රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මෙම පැමිණිලිකාරිය එංගලන්තයේ සිට මෙරටට පැමිණ සේවකයින් සමග තනිව වාසය කරමින් සිටින අවස්ථාවක සැකකාරිය ඇය වෙත ගොස් ව්‍යාපාරයක් කිරීමට යැයි පවසා අනුකම්පාව දිනාගනිමින් මෙම වංචාව කර ඇති බවත්, එවැනි ආකාරයෙන් විශාල මුදලක් මෙම සැකකාරිය විසින් තවත් ඉහළ පෙළේ ධනවත් පුද්ගලයින්ගෙන් වංචා සහගතව ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතින බව රහස් පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දනුම් දී තිබේ. එසේම, මෙම සැකකාරිය මෙරට විශේෂඥ වෛද්‍යවරුන්, රේගු අධිකාරීවරුන්, සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති අතර ඇය ඉහළම පෙළේ ධනවතුන් තම ඉලක්කය කරගෙන මෙම ඡාවාරම කරගෙන ගොස් ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ. සැකකාරිය සමග මෙම ජාවාරම කරනු ලබන අනෙක් ජාලගත ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.
නිමන්ති රණසිංහ

රවි විද්‍යාලංකාර මෛත්‍රීපාලට හොදට ගැලපෙන්නේ රටපුරා ගැනු සම්බන්ධයෙන් කියවෙන ඔනෑම වංචාවකට (රුපියල් කෝටියට වැඩි) විද්‍යාලංකාර නමද කියවෙන්නේ ඒ තරමට ගෑනු ගැටවල විද්‍යාලංකාරද සිටින නිසාය.රවි විද්‍යාලංකාර සහ පහත කියවෙන තුෂාරි මේනකා ප්‍රනන්දු අතර සම්බන්ධය දැන ගන්න පහත දැක්වෙන විඩියෝව නරඹන්න……

ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාරයක නිරත වන බව පවසමින් ඇගේ නූල් පොටක් නැතුව විද්‍යාලංකාර සමග සැතපෙන කිරුළපන තුෂාරි මේනකා ප්‍රනන්දු(Thushari Menaka Fernando) රටේ ව්‍යාපාරිකයන්ගෙන් වංචාකර ඇති කෝටි ගණනක් මුදල් සම්බන්ධයෙන් වගකිමට කිසිම පොලිසීයකට හෝ අධිකරණයකට නොහැකි වුයේ ඇයිදැයි යන්න අමුතුවෙන් කිවයුතු නෑ.

හොරාට ගත් ආචාර්ය පට්ටමක්ද ගත් රවී වෛද්‍යාලංකාර පසුගිය දිනක දෙහිවල ලැගුම්හලකදී කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සමග යහන් ගතව සිට අසුවීමද මේ වන විට ප්‍රසිද්ධ රහසකි. තුෂාරි මේනකා මේ වනවිට වංචා කර ඇති මුදල (වාර්තාවන අන්දමට ) මිලියන 400ද ඉක්මවා තිබේ.

තුෂාරි මේනකා ප්‍රනන්දුගේ වැඩ බැලුම්ගල හරහා අනාවරණය කර තිබුනද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ බලපැම් ත එය ඉවත්කර තිබේ.

ස්වර්ණවාහිනී Live@8 අනාවරණය (ලංකාවේ අයට නැරබිය නොහැකි අකාරයට රවි විද්‍යාලංකාර විසින්  තහනම් කර තිබේ.Proxy හරහා ගොස් විඩියෝව නරඹන්න )

රවි විද්‍යාලංකාර සහ පහත කියවෙන තුෂාරි මේනකා ප්‍රනන්දු අතර සම්බන්ධය දැන ගන්න පහත දැක්වෙන විඩියෝව නරඹන්න……

Is DIG Ravi Waidyalankara Behind Thushari Menaka Fernando Led Criminal Syndicate? (EXCLUSIVE)

“We can easily forgive a child who is afraid of the dark; the real tragedy of life is when men are afraid of the light.” – Plato

The spotlight has been finally turned on and at the end of it, come down it will the curtain. While “Inaction, Immunity & Impunity” seems to be the motto of the Sri Lankan Police Department, it indeed makes a mockery of the justice system when the most corrupt government force in the country is entrusted with the investigation of the biggest financial frauds in the history of our little island nation. Minister of Public Order, Disaster Management & Christian Affairs, Mr. John Amaratunga himself is on record for identifying the Sri Lankan Police as the most corrupt government Department.

Though a dream come true for the UNP loyalist DIG Anil Ravindra Waidyalankara (ARW) for being appointed as the Director of the newly set up Financial Fraud Investigation Department (FFID) at Colombo-03, unfortunately for him, his past misdeeds seems to be haunting him now that serious questions have been raised over his complicity in crimes and on his suitability to continue further as an anti-crime czar.

Sitting with him at his office last Friday evening at Carlwil Place, little did he expect ‘Karma’ to strike when he started with his explanations about his past and that of his Division’s non-existent and futile ‘task in hand’. While the video interview will shed some light on the shady character in question, in the interest of the public and especially that of the victimized, I make the following observations hoping concerned flag-bearers Yaha Palanaya (Good Governance) will pay due attention in addressing long standing negative issues,

Top